මනුෂ නානායක්කාර ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට....
දැනට ඇප පිට සිටින හිටපු ඇමතිවරයා ඊශ්‍රයාලයට ශ්‍රමිකයින් යැවීමේ සිදුවූ අක්‍රමිකතාවයක් සම්බන්ධව සහ විදේශ සේවා කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු පුද්ගලික සමාගමට පැවරීම සම්බන්ධව සිදුකරන විමර්ශන දෙකකට මුහුණ දී සිටී.
LSN Sri Lanka ·

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත ගෙන්වා තිබේ. මේ වනවිට ඊශ්‍රයාලයට කෘෂිකාර්මික ශ්‍රමිකයින් යැවීම, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු ගනුදෙනු සම්බන්ධ විමර්ශන දෙකක් ඔහුට එදිරිව ක්‍රියාත්මක වෙමින් ඇත.
</p>
<p>
<span style="color:#1d4ed8">ඊශ්‍රායලයට කෘෂිකාර්මික ශ්‍රමිකයන් යැවීම</span> - මෙය ඔහුට එරෙහිව මෙහෙයවන ප්‍රධානම ගොනුවය. හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයන් යැවීමේදී ඇමති ධුරය අවභාවිත කර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීමෙන් දූෂණය සිදුකළ බවත් දේශපාලනිකව හිතවත් පුද්ගලයන් යැවීම ගැනත් චෝදනා එල්ල වී ඇත. මේ වනවිට මනුෂ නානායක්කාර හිටපු ඇමතිවරයා ඉන්නේ ඇප මතය. ඔහු කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ දී ඔක්තොම්බර් 15 වැනිදා අත් අඩංගුවට ගැනුණු අතර පසුව විදේශ ගමන් තහනමක් ද සහිතව ඇප මත මුදා හැරිනි.
</p>
<p>
<span style="color:#1d4ed8">විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු ගනුදෙනුව - </span> 2023දී කාර්යාංශයේ මානව සම්පත් නිලධාරීන් පුහුණු කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමකට පවරා දීමෙන් රජයට පාඩුවක් සිදුකර දූෂණය සිදුකළ බවට ද ඔහුට චෝදනාවක් එල්ල වී ඇත.