LSN News › Sri Lanka

Business · Sri Lanka Bureau

ලාෆ්ස් හෝල්ඩින්ග්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ධනුෂ මුතුකුමාරණ පත් කරයි!

ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ (MIEEE), එක්සත් රාජධානියේ ඉංජිනේරු හා තාක්ෂණ ආයතනයේ (MIET) සහ බ්‍රිතාන්‍‍ය පරිගණක සංගමයේ (MBCS) සාමාජිකයෙකු ද වේ. එසේම ෆෝබ්ස් තාක්ෂණික කවුන්සිලයට (Forbes Technology Council) ඇතුළත් කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුය.

LSN Sri Lanka · 1 October 2026

ලාෆ්ස් හෝල්ඩින්ග්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස ධනුෂ මුතුකුමාරණ පත් කරයි!

ලාෆ්ස් හෝල්ඩින්ග්ස් (Laugfs Holdings Ltd.) සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ (Group Managing Director) සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී (Group Chief Executive Officer) ලෙස ධනුෂ මුතුකුමාරණ පත් කළ බව එම සමාගම ඊයේ නිවේදනය කළේය. මෙම පත්වීම අද (01) සිට බලපැවැත්වේ.

ඉංජිනේරු, තාක්ෂණ, වෘත්තීය නායකත්ව සහ ව්‍යවසායකත්ව ක්ෂේත්‍රවල ශක්තිමත් පසුබිමක් සහිත මුතුකුමාරණගේ මෙම පත්වීම, සිය විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් තුළ නායකත්වය ශක්තිමත් කිරීම, ව්‍යාපාරික පරිවර්තනය වේගවත් කිරීම සහ තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා ලාෆ්ස් සමූහයේ ඇති කැපවීම පෙන්නුම් කරන්නකි.

බැංකු හා මුදල්, පාරිභෝගික භාණ්ඩ, නිෂ්පාදන, සෞඛ්‍ය සංරක්ෂණ, සැපයුම් සේවා (Logistics), ව්‍යවසාය මෘදුකාංග සහ තාක්ෂණික උපදේශන මෙන්ම විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් හි වසර 26 කට වැඩි අත්දැකීම් ඇති සම්මානනීය වෘත්තිකයෙකු වන ඔහු, Fortune 500 සමාගම් ඇතුළු ශ්‍රී ලාංකික සහ ජාත්‍යාන්තර ආයතනවල ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු හොබවා ඇත. එහිදී ව්‍යාපාරික පරිවර්තනය, ව්‍යාවසාය ආකෘතිකරණය, උපායමාර්ගික සැලසුම්කරණය සහ නවෝත්පාදනය යන ක්ෂේත්‍රයන්හි ප්‍රවීනත්වය ගොඩනගා ගැනීමට ඔහු සමත්ව තිබේ.

තම වෘත්තීය ජීවිතය පුරාවටම ව්‍යවසායන්හි සංකීර්ණ පරිවර්තනීය මුලපිරීම් සඳහා නායකත්වය දී ඇති මුතුකුමාරණ, ව්‍යාපාරික මෙහෙයුම් වැඩිදියුණු කිරීමටත්, ආයතනික උපායමාර්ග සමඟ තාක්ෂණය සහ මෙහෙයුම් එකඟතාවයකට ගෙන ඒමටත් කටයුතු කර ඇත. ලාෆ්ස් සමූහය මෙහෙයුම් විශිෂ්ටත්වය, දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම සහ රඳවා ගැනීම උදෙසා කටයුතු කරන මෙම කාලවකවානුවේදී, ඔහු සතු උපායමාර්ගික, වාණිජ සහ තාක්ෂණික නායකත්වයේ එකතුව සමාගමට විශාල ශක්තියක් වනු ඇත.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සායිඩ් බිස්නස් ස්කූල් හි (Saïd Business School) විධායක ආදි විද්‍යාර්ථියෙකු වන මුතුකුමාරණ, උපායමාර්ගික නවෝත්පාදනය පිළිබඳ අධ්‍යාපනය සාර්ථකව නිම කරමින් සිය කණ්ඩායමේ ඉහළම දක්ෂතා දැක්වූවන් අතරට පැමිණි අයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් (PIM) ව්‍යාපාර කළමනාකරණ පශ්චාත් උපාධිය (MBA) ලබා ඇති ඔහු, තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි සුදුසුකම් ද සතු කරගෙන ඇත. ඔහු මේ වන විට ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල ද නිරත වෙමින් සිටියි.

ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ආයතනයේ (MIEEE), එක්සත් රාජධානියේ ඉංජිනේරු හා තාක්ෂණ ආයතනයේ (MIET) සහ බ්‍රිතාන්‍‍ය පරිගණක සංගමයේ (MBCS) සාමාජිකයෙකු ද වේ. එසේම ෆෝබ්ස් තාක්ෂණික කවුන්සිලයට (Forbes Technology Council) ඇතුළත් කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුය.

1995 වසරේදී Gas Auto Lanka ලෙස ආරම්භ කරන ලද ලාෆ්ස් සමූහය, මේ වන විට ක්ෂේත්‍ර 20 කට වැඩි ප්‍රමාණයක ව්‍යාපාර පවත්වාගෙන යමින්, ගෝලීය වශයෙන් 3,500 කට වැඩි පිරිසකට රැකියා සපයන ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් බවට පත්ව ඇත. තෙල් සහ ගෑස්, පුනර්ජනනීය බලශක්තිය, කර්මාන්ත සහ ඉංජිනේරු, සැපයුම් සේවා, සිල්ලර හා පාරිභෝගික භාණ්ඩ, සෞඛ්‍ය සංරක්ෂණ සහ සේවා අංශයන් දක්වා සිය ව්‍යාපාරික ජාලය ව්‍යාප්ත කර ඇති ලාෆ්ස් සමාගම ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ද සිය මෙහෙයුම් විහිදුවා තිබේ.

ව්‍යවසායකත්ව ආකල්පය, නවෝත්පාදනය සහ ප්‍රබල පසුබැසීම් හමුවේ නොසැලී සිටීමේ ශක්තිය මුල් කරගනිමින්, ශ්‍රී ලාංකික ජනතාවගේ එදිනෙදා ජීවිතයට සහ සමස්ත ආර්ථිකයට දායක වන ක්ෂේත්‍රයන් හි ප්‍රබල පැවැත්මක් ගොඩනැගීමට ලාෆ්ස් සමූහය සමත්ව ඇත. තිරසාර වර්ධනය, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය කෙරෙහි අවධානය යොමු කරමින්, සිය ව්‍යාපාරික ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමටත් වර්ධනය සඳහා වන නව අවස්ථා ගවේෂණය කිරීමටත් ලාෆ්ස් සමූහය ඉදිරියටත් කටයුතු කරයි.