LSN News › Sri Lanka

“දිට්වා” සුළි කුණාටුවෙන් ලැබුණු සොබා දහමේ තහන‍මෙන් පසු හෙට සිට නුවර කොච්චිය ගම්පොලට සහ පේරාදෙණියට... කාල සටහන මෙන්න....

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ රඹුක්කන - ගම්පොළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103 කට හානි සිදුව තිබූ අතර, ඊට විශාල ප්‍රමාණයේ නායයාම් 36 ක්, පස්කඳු කඩාවැටීම් සහ මාර්ගය සේදීයාම් 67 ක් ඇතුළත් විය.

LSN Sri Lanka · 1 October 2026

“දිට්වා” සුළි කුණාටුවෙන් ලැබුණු සොබා දහමේ තහන‍මෙන් පසු   හෙට සිට නුවර කොච්චිය ගම්පොලට සහ   පේරාදෙණියට... කාල සටහන මෙන්න....

"දිට්වා" සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ගම්පොළ අතර කොටස ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා සාමාන්‍‍ය දුම්රිය ධාවනය 2026 ඔක්තෝබර් 02 වනදා සවස් වරුවේ සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ප්‍රථම දුම්රිය ලෙස මහනුවර කොළඹ නගරාන්තර දුම්රිය කොළඹ කොටුවෙන් වස්වරු 3.35ට පමණ පිටත්වන අතර එම දුමරිය පේරාදෙණිය දුම්රිය ස්ථානය වෙත පස්වරු 6.25ට ලඟා වීමට නියමිතය. මේ දැක්වෙන්නේ හෙට සිට ක්‍රියාත්මක ධාවන කාල සටහනය.

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ රඹුක්කන - ගම්පොළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103 කට හානි සිදුව තිබූ අතර, ඊට විශාල ප්‍රමාණයේ නායයාම් 36 ක්, පස්කඳු කඩාවැටීම් සහ මාර්ගය සේදීයාම් 67 ක් ඇතුළත් විය.

රඹුක්කන සහ කඩුගන්නාව අතර මාර්ගය අධික ආනතියකින් යුක්තවීම, විකල්ප ප්‍රවේශ මාර්ග නොමැතිවීම සහ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ හා ද්‍රව්‍ය දුම්රිය මගින්ම ප්‍රවාහනය කිරීමට සිදුවීම වැනි අභියෝග රැසක් මැද මෙම පිළිසකර කිරීම් සිදුකර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) උපදෙස් හා සහාය ඇතිව දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව විසින් මෙම සංකීර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිමකර මාර්ගය ධාවන තත්ත්වයට පත්කර ඇත.

ඒ අනුව, 2026 ඔක්තෝබර් 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව, පේරාදෙණිය සහ ගම්පොළ අතර නගරාන්තර දුම්රිය (දුම්රිය අංක 1029, 1035, 1037) සහ 2026 ඔක්තෝබර් 03 වනදා සිට පොඩි මැණිකේ දුම්රිය (දුම්රිය අංක 1005/1006) ද ඇතුළුව දෛනික දුම්රිය වාර කිහිපයක්ම පැරණි කාලසටහනට අනුව ධාවනය කිරීමට නියමිතය