LSN News › Sri Lanka

රනිල් ගේ ආරක්ෂක නිලධාරියාට පහර දීම - සැකකාර මාධ්‍යවේදියා අත් අඩංගුවට...

පහර හිතාමතා එල්ල වූවක් ද, තෙරපුමකදී සිදු වූ අනතුරක් ද යන්න පොලිස් විමර්ශනයෙන් සහ දර්ශනවලින් තීරණය විය යුතුය. අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂක විධිවිධාන ප්‍රමාණවත් වූයේ ද යන්න එජාපය මතු කළ ප්‍රශ්නයකි. මාධ්‍ය ආයතනයේ නිල ස්ථාවරය තවම තහවුරු වී නැත

LSN Sri Lanka · 1 October 2026

රනිල් ගේ ආරක්ෂක නිලධාරියාට පහර දීම - සැකකාර මාධ්‍යවේදියා අත් අඩංගුවට...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලදී සිය කැමරාවෙන් පහර දුන් බවට චෝදනා ලද සිරස මාධ්‍ය ආයතනයේ කැමරා ශිල්පියා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය රටම දුටු සිදුවීමකි. ඊයේ ( 2026 සැප්තැම්බර් 30 වැනිදා ) හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති නඩුවක් සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. නඩු කැඳවීමෙන් පසු ඔහු ආරක්ෂක නිලධාරීන් සමඟ අධිකරණ පරිශ්‍රයෙන් පිටතට එන අවස්ථාවේදී, ප්‍රධාන ගේට්ටුව අසලදී රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී වික්‍රමසිංහ පිටව පැමිණි පසු එක්වරම රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට කැමරාවකින් ප්‍රහාරයක් එල්ල විය.

එම ස්ථානයේ සිටින්නේ මාධ්‍ය කණ්ඩායමකි. සිද්ධිය සෑම කැමරාවකම සජීවීව සටහන් වී තිබිණි. අනෙක් මාධ්‍ය මූලාශ්‍ර හෙළි කරන්නේ සිරස මාධ්‍යවේදියෙක් විසින් සිය කැමරාවෙන් ආරක්ෂක නිලධාරියාගේ හිසට පහර දුන් බවය. කැමරා ශිල්පියාගේ දර්ශවනවලට ආරක්ෂක නිලධාරියා විසින් බාධා කළ ආකාරයක් පෙනෙන බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

පැමිණිල්ල සහ රෝහල්ගත කිරීම සහ අත් අඩංගුවට ගැනීම

පහරට ලක් වූ පොලිස් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ සැරයන්වරයා කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ප්‍රතිකාර සඳහා රෝහල්ගත විය. Daily Mirror, හිටපු ජනාධිපති කාර්යාල ආරංචි උපුටා දක්වමින් වාර්තා කරන්නේ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවය.

එම පැමිනිල්ල අනුව මේ වනවිට සැකකාර කැමරා ශිල්පියා කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැප්තැම්බර් 30 වැනිදා කළ කැඳවීමකට අනුව අද ප්‍රකාශයක් දීමට නීතිඥවරයෙකු සමඟ පොලිසියට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එජාපයේ ස්ථාවරය

එක්සත් ජාතික පක්ෂය සැප්තැම්බර් 30 වැනිදා නිවේදනයක් නිකුත් කළේය. එහි සඳහන් වූයේ ආරක්ෂක නිලධාරියා පොලිසියට පැමිණිලි කර රෝහල්ගත වූ බවත්, හිටපු ජනාධිපතිවරයා අධිකරණයට පැමිණි අවස්ථාවේ ප්‍රමාණවත් ආරක්ෂාවක් තිබුණේ ද යන්න ප්‍රශ්නයක් බවත්ය. එම නිවේදනය කැමරා ශිල්පියා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට හානියක් කිරීමට පූර්ව සැලසුමක් තිබුණේ ද යන්න ද ප්‍රශ්න කළේය. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එජාපය මේ සම්බන්ධව ස්වාධීන හා නිදහස් පරීක්ෂණයක් ඉල්ලා ඇත.

පහර හිතාමතා එල්ල වූවක් ද, තෙරපුමකදී සිදු වූ අනතුරක් ද යන්න පොලිස් විමර්ශනයෙන් සහ දර්ශනවලින් තීරණය විය යුතුය. අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂක විධිවිධාන ප්‍රමාණවත් වූයේ ද යන්න එජාපය මතු කළ ප්‍රශ්නයකි. මාධ්‍ය ආයතනයේ නිල ස්ථාවරය තවම තහවුරු වී නැත.