පාස්කු ප්‍රහාර විමර්ශනය: ත්‍රස්තවාදය වැලැක්විමේ පනතින් අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වළක්වන්නැයි ගෝඨා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභයි!
නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය පෙන්වා දුන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ඇති බවය. අපරාධ යුක්ති ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට විමර්ශන අවශ්‍ය බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කරුගෙන් මේ දක්වා ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කළේය
LSN Sri Lanka ·

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනයට අදාළව තමන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (ඔක්තෝබර් 01) නියෝග කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු සරත් දිසානායකගෙන් සමන්විත විනිසුරු මඩුල්ල, පෙත්සම පිළිබඳ කරුණු සලකා බැලීමෙන් පසු මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය. පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කිරීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය පෙන්වා දුන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා ඇති බවය. අපරාධ යුක්ති ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට විමර්ශන අවශ්‍ය බවත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කරුගෙන් මේ දක්වා ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

එම තත්ත්වය යටතේ විමර්ශන ක්‍රියාදාමයට මැදිහත් වීමට අධිකරණය අපේක්ෂා නොකරන බවත්, එසේ වුවහොත් අපරාධ යුක්ති විනිශ්චය ක්‍රියාදාමය නිසි පරිදි පවත්වාගෙන යාමට නොහැකි වන බවත් නියෝගයේ දැක්විණි.

නියෝගයෙන් පසු පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණයට කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අද ප්‍රකාශයට පත් කළ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට සිය සේවාදායකයා අපේක්ෂා කරන බවය. එම අභියාචනය සඳහා අවසර ලබාගැනීමේ කරුණු දැක්වීමට ද අවසර ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කිරීම සඳහාවන කරුණු දැක්වීම් ඔක්තෝබර් 09 වන දා සිදු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.