ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමය අද සිට අනිවාර්ය කෙරේ!
සියලු රේගු කටයුතු එකම ස්ථානයකින් ඉටුකරගත හැකි 'ජාතික තනි කවුළුව' (National Single Window) වෙත ගමන් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම පියවර හඳුනාගත හැකි බව රජය පවසයි. එමෙන්ම රේගුව මේ වසර සඳහා ලබාදී ඇති රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කය ආසන්නයටම මේ වන විටත් පැමිණ ඇති බවත්, මීට පෙර රුපියල් බිලියන 1,300-1,400 සීමාවේ තිබූ ප්‍රාග්ධන වියදම ලබන වසරේදී රුපියල් බිලියන 2,000 දක්වා ඉහළ නැංවීමට රජය බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ වේ
LSN Sri Lanka ·

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ සුවිශේෂී පරිවර්තනයක් සලකුණු කරමින්, ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) අද (01) සිට නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය හා ශ්‍රී ලංකා රේගුව එක්ව හඳුන්වා දුන් මෙම නව ක්‍රමවේදය, ශ්‍රී ලංකා රේගු ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයකදී නිල වශයෙන් ආරම්භ කෙරුණේ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙනි.

මේ අනුව අද දින සිට සියලුම ආනයනකරුවන් සහ ප්‍රකාශකයින් විසින් සිය රේගු ප්‍රකාශන ඇතුළු ලිපිගොනු වලංගු ඩිජිටල් අත්සන සහිතව යොමු කිරීම අනිවාර්ය කර ඇත. පැරණි ක්‍රමවේදයට යොමුකරනු ලබන රේගු ප්‍රකාශන භාරගැනීම මින් ඉදිරියට සිදු නොවන අතර, මේ වන විටත් සමාගම් 1,144ක් මෙම ඩිජිටල් පද්ධතිය හා සම්බන්ධ වී සිටී.

නව පද්ධතිය ඔස්සේ රේගු නිශ්කාශන ක්‍රියාවලිය වඩාත් වේගවත්, කාර්යක්ෂම මෙන්ම විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට හැකියාව ලැබෙන අතර වංචා හා දූෂණ අවම කරගැනීමට ද පිටිවහලක් වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ, සියලු රේගු කටයුතු එකම ස්ථානයකින් ඉටුකරගත හැකි 'ජාතික තනි කවුළුව' (National Single Window) වෙත ගමන් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම පියවර හඳුනාගත හැකි බවය. එමෙන්ම රේගුව මේ වසර සඳහා ලබාදී ඇති රුපියල් බිලියන 2,207ක ආදායම් ඉලක්කය ආසන්නයටම මේ වන විටත් පැමිණ ඇති බවත්, මීට පෙර රුපියල් බිලියන 1,300-1,400 සීමාවේ තිබූ ප්‍රාග්ධන වියදම ලබන වසරේදී රුපියල් බිලියන 2,000 දක්වා ඉහළ නැංවීමට රජය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ලබන වසරේදී රේගු බද්දට අමතරව අයකරන අනෙකුත් සංකීර්ණ බදු ඉවත් කර සමස්ත බදු ක්‍රමයම වඩාත් සරල කිරීමට සැලසුම් කර ඇති බවද හෙතෙම අනාවරණය කළේය.

ජාත්‍යන්තර වෙළඳාම ප්‍රසාරණය කිරීම සඳහා පැවැති බාධා ඉවත් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය තුළ විශේෂ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යාංශයක් ස්ථාපිත කළ බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙහිදී පැහැදිලි කළේය. නව ප්‍රතිසංස්කරණ ආරම්භයේදී යම් යම් සැකසංකා මතු වුවද, ආදායම් රැස්කරන ප්‍රධාන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා රේගුව තබා ඇති මෙම ඉදිරි පියවර සමස්ත ආර්ථික වර්ධනයට සෘජුවම බලපාන බව ලේකම්වරයා සඳහන් කළේය.

එමෙන්ම මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විමල් ලියනගමගේ ද අදහස් දක්වමින්, රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණ භාවිතයේ පෙරගමන්කරුවකු වූ රේගු දෙපාර්තමේන්තුව ලබාගත් මෙම පියවර හරහා ව්‍යාපාරිකයන්ට මෙන්ම රාජ්‍ය ආදායම සවිමත් කිරීමට ද විශාල යහපත් බලපෑමක් සිදුවන බව පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඩී. ජේ. සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.