අලුත් ත්රස්ත විරෝධී පනතේත් පරණ මර්දන බලතල! – එක්සත් ජාතීන්ගෙන් සංශෝධන නිර්දේශ 14ක්!
නව කෙටුම්පතෙහි සාධනීය වෙනස්කම් කිහිපයක් ඇති බව ද එම කාර්යාලය පිළිගනී. පොලිසියට ලබාදෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිනොගැනීම, ප්රශ්න කිරීම් රූප හා ශබ්ද සහිතව පටිගත කිරීම, මාධ්යවේදීන්ට සහ මානව හිමිකම් ක්රියාකාරීන්ට යම් ආරක්ෂාවක් සැලසීම ඒ අතර වේ. එහෙත් එම වෙනස්කම් ප්රමාණවත් නොවන බව ලේඛනයේ නිගමනයයි.
LSN Sri Lanka ·

ත්රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින් හඳුන්වා දීමට යෝජිත නව නීතිය තුළ ද පැරණි පනතේ පැවති බරපතළ මානව හිමිකම් අවදානම් රැසක් ඉතිරි වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය අනාවරණය කර තිබේ.

සැප්තැම්බර් 22 වැනිදා ගැසට් කළ රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔක්තෝබර් 13 වැනිදා නිකුත් කළ පිටු 19ක නීතිමය ඇගයීමකින් මේ බව පෙන්වා දී ඇත.

පනත සම්මත කිරීමට පෙර එය මූලික වශයෙන් යළි සකස් කළ යුතු බව අවධාරණය කරන එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඒ සඳහා සවිස්තරාත්මක නිර්දේශ 14ක් ඉදිරිපත් කර තිබේ.

නව කෙටුම්පතෙහි සාධනීය වෙනස්කම් කිහිපයක් ඇති බව ද එම කාර්යාලය පිළිගනී. පොලිසියට ලබාදෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිනොගැනීම, ප්රශ්න කිරීම් රූප හා ශබ්ද සහිතව පටිගත කිරීම, මාධ්යවේදීන්ට සහ මානව හිමිකම් ක්රියාකාරීන්ට යම් ආරක්ෂාවක් සැලසීම ඒ අතර වේ.

එහෙත් එම වෙනස්කම් ප්රමාණවත් නොවන බව ලේඛනයේ නිගමනයයි.

අධිකරණයට ඉහළින් විධායක බලය

නව කෙටුම්පතේ බරපතළම ගැටලුවක් වන්නේ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම්වරයාට සැකකරුවකු මාස දෙකක් දක්වා රඳවා තැබීමට නියෝග කළ හැකි වීමය. එම කාලය දීර්ඝ කිරීමෙන් උපරිම වසරක් දක්වා රඳවා තැබීමට ඉඩ සැලසේ.

මුල් රඳවා තැබීමේ නියෝගය අධිකරණය හමුවට ඉදිරිපත් කළ ද එහි නීත්යනුකූලභාවය, අවශ්යතාව සහ සාධාරණත්වය විමසා එය ප්රතික්ෂේප කිරීමට මහේස්ත්රාත්වරයාට බලයක් නොමැති බව එක්සත් ජාතීන් පෙන්වා දෙයි.

පොලිසිය අත්අඩංගුවට ගන්නා සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමට පැය 48ක් ද, හමුදාව අත්අඩංගුවට ගන්නා සැකකරුවකුට පැය 72ක් ද ගතවිය හැකිය. සියලු සැකකරුවන් සාමාන්යයෙන් පැය 24ක් ඇතුළත මහේස්ත්රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතු බව නිර්දේශ කර තිබේ.

මාධ්ය නිදහසටත් තර්ජනයක්

ත්රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම තවමත් පුළුල් හා අපැහැදිලි බව ලේඛනය සඳහන් කරයි.

විශේෂයෙන් ආරක්ෂක අංශවල ක්රියාකාරකම්, අත්අඩංගුවට ගැනීම් සහ විමර්ශන පිළිබඳ තොරතුරු රැස් කිරීම හෝ ප්රසිද්ධ කිරීම පවා ඇතැම් අවස්ථාවල අපරාධයක් ලෙස අර්ථ දැක්වීමේ අවදානමක් පවතී.

මෙය මාධ්යවේදීන්ට, මානව හිමිකම් නිරීක්ෂකයන්ට සහ සාමකාමී විරෝධතාකරුවන්ට බලපෑ හැකි බව එක්සත් ජාතීන්ගේ කාර්යාලය අනතුරු අඟවයි.

ජනාධිපතිවරයාට සංවිධාන තහනම් කිරීමට සහ පුද්ගලයන්ගේ ක්රියාකාරකම් සීමා කිරීමට ලබාදෙන පුළුල් බලතල ද ස්වාධීන අධිකරණ අධීක්ෂණයකට යටත් කළ යුතු බව එහි සඳහන් වේ.

පැරණි නීතිය අහෝසි කළත් පැරණි නඩු ඉතිරියි!

තවත් බරපතළ කරුණක් වන්නේ කෙටුම්පතේ 73 වැනි වගන්තියයි.

එමඟින් පැරණි ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවතින නඩු, සාක්ෂි පිළිබඳ නීති සහ ඇතැම් තහනම් නියෝග අඛණ්ඩව පවත්වාගෙන යෑමට ඉඩ සැලසේ.

එබැවින් පැරණි පනත අහෝසි කිරීම නාමික වෙනසකට සීමා නොවිය යුතු බව එක්සත් ජාතීන් අවධාරණය කරයි.

සැකකරුවන්ගේ නීතිඥ සහාය, පවුල් සබඳතා, වධහිංසාවෙන් ආරක්ෂාව සහ නීති විරෝධී රඳවා තැබීම් සඳහා වන්දි ලබාගැනීමේ අයිතිය ද නව නීතියෙන් සහතික කළ යුතුය.

මෙම ඇගයීමෙන් මතුවන මූලික ප්රශ්නය පැහැදිලිය. ත්රස්තවාදයෙන් රට ආරක්ෂා කිරීමට නීති සම්පාදනය කිරීම රාජ්යයේ වගකීමකි. එහෙත් එම නීතියෙන් පුරවැසියා ආරක්ෂා වන්නේ කෙසේද යන්නත් ඒ තරමටම වැදගත්ය. පැරණි නීතියේ මර්දන බලතල නව නමකින් පවත්වාගෙන යන්නේ නම්, එය සැබෑ නීති ප්රතිසංස්කරණයක් වන්නේ නැත.එම වාර්තාව පහත දිගුවෙන් ලබාගත හැකිය.
https://www.ohchr.org/sites/default/files/documents/countries/sri-lanka/ohchr-comments-pstabill-14-10-26.pdf