'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් පාලම් 14ක් හදන්න චීනයෙන් රෙන්මින්බී මිලියන 79ක ප්‍රදානයක් – වැඩකටයුතු අදියර දෙකකින්!
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වල පිහිටි පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර තිබේ.
LSN Sri Lanka ·

එම ව්‍යාපෘතිය අදියර 02ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, මාස 18ක කාලසීමාවක් තුළ එහි පළමු අදියර යටතේ පාලම් 09ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් රෙන්මින්බී මිලියන 79ක ප්‍රදානයක් ලබා දීමට නියමිතව ඇත.

ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර අත්සන් තැබීමටත්, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ නිශ්චිත ව්‍යාපෘතියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් තීරණය කර තිබේ.

ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ එකී යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.