LSN News › Sri Lanka

හැටන් දික්ඔය අඹුසැමි යුවල ඝාතනය කළ ඝාතකයා අත් අඩංගුවෙන් පැන ගොස් සැඟව සිටිය දී අල්ලා ගනී!

LSN Sri Lanka · 2 October 2026

හැටන් දික්ඔය අඹුසැමි යුවල ඝාතනය කළ ඝාතකයා  අත් අඩංගුවෙන් පැන ගොස් සැඟව සිටිය දී අල්ලා ගනී!

හැටන්, දික්ඔය ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ වැඩිහිටි අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පසු, රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදී ආරක්ෂක නිලධාරීන්ගෙන් පැනගිය ප්‍රධාන සැකකරු යාපනයේදී නැවත අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

</p>

<p>

දික්ඔය ප්‍රදේශයේ වෙළඳසැලක් පවත්වාගෙන ගිය වයස අවුරුදු 82ක වැඩිහිටි අඹුසැමි යුවළ මෙම වසරේ මැයි 21 වන දින ඝාතනයට ලක්ව තිබිණි. ද්විත්ව ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරු රන් ආභරණද කොල්ලකොට ඇත.

</p>

<p>

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු මුලින් පොලිස් අත්අඩංගුවට පත්ව සිටියද, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබූ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන්ගෙන් පැන යාමට ඔහු සමත්ව තිබිණි.

</p>

<p>

පැනයාමෙන් පසු විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයුමක් දියත් කළ අතර, යාපනය ප්‍රදේශයේ සැඟවී සිටි සැකකරු නැවත අත්අඩංගුවට ගැනීමට එම කණ්ඩායම සමත් විය.

</p>

<p>

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හැටන් පොලිසිය විසින් සිදුකරනු ලබයි.