LSN News › Sri Lanka

යකා පාලමට සමාන්තරව තවත් නව පාලමක්....

පේරාදෙණිය කළු පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වන විට වේගයෙන් ඉදිරියට යන බවත්, විවිධ හේතූන් මත එම කටයුතු ප්‍රමාද වූවත්, ඒවා ඉක්මනින් නිම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

LSN Sri Lanka · 2 October 2026

යකා පාලමට සමාන්තරව තවත් නව පාලමක්....

පේරාදෙණිය කළු පාලමට සමාන්තරව නව දුම්රිය පාලමක් ඉදිකරන බව ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

</p>

<p>

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියකින් අද (02) පේරාදෙණිය දුම්රිය ස්ථානයට පැමිණි පසු පැවැති මාධ්‍ය හමුවකදීය. එම පාලම ඉදිකිරීම සඳහා අදාළ සැලසුම් සහ ව්‍යුහාත්මක නිර්මාණ කටයුතු මේ වන විට සකස් කෙරෙමින් පවතින බව ද ඔහු පැවසීය.

</p>

<p>

මෑත කාලීන ආපදා තත්ත්වය හේතුවෙන් රඹුක්කන සිට පේරාදෙණිය දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මාස දහයක් පමණ කාලයක් නතර වී තිබූ අතර, එය නැවත දුම්රිය ප්‍රවාහනය සඳහා විවෘත කර ඇත. එහි සංකේතාත්මක මංගල ධාවනය ලෙස අමාත්‍යවරයා කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රියෙන් පේරාදෙණිය දුම්රිය ස්ථානයට පැමිණ, පරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම අදහස් පළ කළේය.

</p>

<p>

පේරාදෙණිය කළු පාලමේ ඉදිකිරීම් කටයුතු මේ වන විට වේගයෙන් ඉදිරියට යන බවත්, විවිධ හේතූන් මත එම කටයුතු ප්‍රමාද වූවත්, ඒවා ඉක්මනින් නිම කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

</p>

<p>

මීට අමතරව, දුම්රිය දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් සහ දුම්රිය ප්‍රවාහන සේවා දියුණු කිරීමට මෙන්ම දුම්රිය සේවකයන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට ද අවශ්‍ය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා කීය. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් කරන විවේචන හේතුවෙන් සමස්ත දුම්රිය සේවක මණ්ඩලයම දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සමහරුන් විවේචනය කරන ආකාරයට දුම්රිය මාර්ග ඉදිකිරීම් කටයුතු ඉක්මනින් ඉදිරියට ගෙන යා නොහැකි බව ද සඳහන් කළේය.