LSN News › Sri Lanka

අහුංගල්ලෙන් ඇරඹි ලේ වැගිරීම: අහිංසකයින් බිලිගනිමින් දකුණේ පාතාලය නැවතත් ගිනි ගන්නා හැටි!

ලොකු පැටී සහ කරන්දෙණිය සුද්දා අතර කලක පටන් පවතින වෛරය, බද්දේගම ත්‍රිත්ව ඝාතනයෙන් පසු නැවත වරක් දකුණු වෙරළබඩ තීරය ලේ විලක් බවට පත් කරමින් තිබේ. මෙම අපරාධ රැල්ල මර්දනය වනු දැක්ම මේ වනවිට සිවිල් මිනිස්සුන්ගේ අපේක්ෂාවය.

LSN Sri Lanka · 4 October 2026

අහුංගල්ලෙන් ඇරඹි ලේ වැගිරීම: අහිංසකයින් බිලිගනිමින් දකුණේ පාතාලය නැවතත් ගිනි ගන්නා හැටි!

අහුංගල්ලේ සිට කොස්ගොඩ දක්වා වූ වෙරළබඩ තීරය පුරා දින තුනක් ඇතුළත වෙඩි තැබීමේ සිද්ධීන් තුනක් වාර්තා වීමත් සමඟ ප්‍රදේශය පුරා දැඩි භීතිකාකාරී වාතාවරණයක් නිර්මාණය වී තිබේ.

විදේශගතව සිටින සහ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකුගේ පාතාල ජඩකම් සහ පළිගැනීම් අරඹමින් ක්‍රියාත්මක වන මෙම ලේ වැගිරීම් මාලාව හේතුවෙන් පාතාලයට කිසිදු සම්බන්ධයක් නොමැති අහිංසක පිරිස් පවා ජීවිතවලින් වන්දි ගෙවමින් සිටිති.

බද්දේගම ත්‍රිත්ව ඝාතනය: පාතාල වෛරයේ ආරම්භය

මෙම නවතම ප්‍රහාර මාලාවේ වර්ධනීය සලකුණ වාර්තා වන්නේ ඉකුත් සැප්තැම්බර් 27 වැනිදා උදෑසන බද්දේගම පොලිස් වසමේ හල්පාතොට, වවුලගල ප්‍රදේශයේදී සිදුවූ දරුණු ත්‍රිත්ව ඝාතනයත් සමඟිනි.

බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින හෙරොයින් ග්‍රෑම් 21.710ක් සන්තකයේ තබාගැනීමේ නඩුවකට අදාළව බද්දේගම අපරාධ විමර්ශන අංශයට පැමිණ අත්සන් තබා ආපසු යමින් සිටි කාන්තාවක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල විය. බද්දේගම–හික්කඩුව මාර්ගයේ ගමන් කළ ත්‍රිරෝද රථයක් මෝටර් රථයකින් ලුහුබැඳ ආ සන්නද්ධ පිරිසක් ටී-56 ගිනි අවියකින් මෙම ප්‍රහාරය එල්ලවන ආකාරය රටම දුටුවේය.

අම්බලන්ගොඩ ගොඩහේන රතුකුරුස නිවාස සංකීර්ණයේ පදිංචි 47 හැවිරිදි කුඩාවිදානගේ සුසිතා ඉරෝෂනී නොහොත් ‘කළු නෝනා’ සහ ත්‍රිරෝද රථයේ රියදුරු වූ අම්බලන්ගොඩ මීටියාගොඩ පදිංචි ලලිත් සුසන්ත ද සිල්වා එදිනම මියගියහ. ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කළු නෝනාගේ මව වූ 64 හැවිරිදි පී. එන්. ජී. මල්ලිකා නැමැත්තිය සැප්තැම්බර් 28 වැනිදා රාත්‍රියේ කරාපිටිය ශික්ෂණ රෝහලේදී මිය ගියේය. මරණ තුනක් වාර්තාවිනි.

පොලිස් විමර්ශනවලට අනුව කළු නෝනා යනු දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලොකු පැටී’ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ප්‍රධාන කාන්තාවකි. මෙම ප්‍රහාරය දැනට විදේශගතව සිටින බවට සැකකෙරෙන ‘කරන්දෙණිය සුද්දා’ නැමැති පාතාල නායකයාගේ අනුගාමිකයින් විසින් සිදුකරන ලද්දක් බවට පොලිසිය සැක කරයි.

ඔක්තෝබර් 01: ‘පොඩි පැටී’ ගේ ප්‍රහාරය

බද්දේගම ත්‍රිත්ව ඝාතනයෙන් පසුව ඔක්තෝබර් 1 වැනිදා පස්වරු 8.10ට පමණ අහුංගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේදී ඊළඟ ඝාතනය සිදුවිය.

එහිදී මියගියේ ලන්තුවහණ්ඩි සුගත් නුවන් කුමාර ද සිල්වා (34) නැමැති අයෙකි. ඔහු පාතාල නායක ලොකු පැටීගේ සොහොයුරා වන අතර ප්‍රදේශයේ ප්‍රකටව සිටියේ ‘පොඩි පැටී’ යන නමිනි. නිවස ඉදිරිපිට සිටි ඔහු වෙත පාගමනින් පැමිණි නාඳුනන වෙඩික්කරුවෙකු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් හිසට වෙඩි තබා පළාගොස් තිබුණි. බලපිටිය රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටියේය.

මෙම සිද්ධියේ ඇති ඛේදනීය තත්ත්වය වන්නේ මියගිය පොඩි පැටී නැමැත්තා කිසිදු අපරාධයකට හෝ පාතාල කල්ලියකට සම්බන්ධ නැති, පින්තාරුකරුවෙකු ලෙස සාමකාමීව ජීවත් වූ පුද්ගලයෙකු වීමය. මින් පෙරද ඔහු බලපිටිය රෝහල අසලදී ඝාතන තැතකින් දිවි ගලවාගෙන තිබුණි. සිය සොහොයුරාගේ අපරාධකාරී පසුබිම හැරෙන්නට වෙනත් කිසිදු වරදක් නොමැති මෙම අහිංසක තරුණයාට පාතාලයේ අදර්ශමත් නීතිය හමුවේ අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවිය.

ඔක්තෝබර් 03: කොස්ගොඩදී වලාන ඒකකය හමු වූ පාතාල ප්‍රහාරකයෝ

පොඩි පැටීගේ ඝාතනයට පළිගැනීම සඳහා ලොකු පැටීගේ කල්ලිය සූදානම් වන බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වලාන දූෂණ මර්දන ඒකකය ඔක්තෝබර් 3 වැනිදා රාත්‍රියේ කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේදී විශේෂ වැටලීමක් සිදුකළේය.

එහිදී මහඉඳුරුව ප්‍රදේශයේදී කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වයේ අයෙකු ඝාතනය කිරීමට සැඟවී සිටි බවට සැකකරන පිරිසක් පොලිස් නිලධාරීන්ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සහ වෙඩි තැබීමට උත්සාහ කර ඇත. පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එක් සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර තවත් අයෙකු අත්අඩංගුවට ගැනුණි. එක් අයෙකු පලාගොස් තිබිණි.

අත්අඩංගුවට පත් සැකකරුවන් මහඉඳුරුව ප්‍රදේශයේම පදිංචි 32 සහ 33 වියැති පසුවන්නන්ය. ඔවුන් සතුව තිබී ගිනි අවි දෙකක්, පතොරම්, විදේශීය අත්බෝම්බයක්, ව්‍යාජ අංක තහඩු යෙදූ යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගැනුණි.

ඔක්තෝබර් 04: ගල්වෙහෙරේ 74 හැවිරිදි මහලු පියාට වෙඩි තැබීම

මේ අතර, අද (04) අලුයම අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සිටි 74 හැවිරිදි පුද්ගලයෙකුට ජනේලයකින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

පිස්තෝලයකින් එල්ල කර ඇති මෙම ප්‍රහාරයට හේතුව මෙතෙක් හෙළි වී නොමැත. මෙම සිදුවීමද ලොකු පැටී සහ කරන්දෙණිය සුද්දා අතර පවතින පාතාල ආරවුලේම තවත් එක් දිගුවක්ද යන්න පිළිබඳව පොලිසිය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති අතර අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ලොකු පැටී සහ කරන්දෙණිය සුද්දා අතර කලක පටන් පවතින වෛරය, බද්දේගම ත්‍රිත්ව ඝාතනයෙන් පසු නැවත වරක් දකුණු වෙරළබඩ තීරය ලේ විලක් බවට පත් කරමින් තිබේ. මෙම අපරාධ රැල්ල මර්දනය වනු දැක්ම මේ වනවිට සිවිල් මිනිස්සුන්ගේ අපේක්ෂාවය.