ඥානසාර හිමි රිමාන්ඩ්... ආරණ්‍ය සෙනාසනයට ගියේ මානසිකව කඩා වැටී ඇති නිසා... ඥානසාර හිමිගේ නීතිඥවරු අධිකරණයට කියති!
ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න සමග පෙනී සිටි නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා මානසික වශයෙන් කඩාවැටීමකට ලක්ව සිටි නිසා ආරණ්‍ය සේනාසනයකට ගොස් එහි රැඳී සිටි බවය.
LSN Sri Lanka ·

වරෙන්තු කිහිපයක් නිකුත්ව තිබියදී අත්අඩංගුවට පත් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (05) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.

අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ වරෙන්තුවලට අනුව ඊයේ (03) අත්අඩංගුවට ගත් උන්වහන්සේව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කළහ. අදාළ මෝසම කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී කැඳවනු ලැබීය.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, නිකුත්ව තිබූ වරෙන්තු අනුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බවය. උන්වහන්සේට එරෙහිව අභියාචනාධිකරණයෙන්, කොළඹ මහාධිකරණයෙන් සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්ව ඇති බවද එහිදී පැවසිණි.

ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න සමග පෙනී සිටි නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා මානසික වශයෙන් කඩාවැටීමකට ලක්ව සිටි නිසා ආරණ්‍ය සේනාසනයකට ගොස් එහි රැඳී සිටි බවය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙන් ද උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස සඳහන් වී ඇති බව පෙන්වා දුන් නීතිඥවරයා, බන්ධනාගාරය තුළ ද එවැනි ආරක්ෂාවක් ලබා දෙන ලෙස නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඥානසාර හිමියන් රිමාන්ඩ් භාරයට පත් කළේය. ඒ අනුව, අභියාචනාධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා හෙට (05) එම අධිකරණයට උන්වහන්සේ ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරිණි. කොළඹ මහාධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා අනිද්දා එම අධිකරණයටත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා ලබන බදාදා එම අධිකරණයටත් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියම කරන ලදී.

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.