සවුදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ අභියාචනය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් පිරිසක් සවුදියට!
අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ අසාර්ඩ් නවාවිගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම විශේෂ නියෝජිත පිරිසට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් ඇතුළත්ය.
LSN Sri Lanka ·
සවුදි අරාබියේදී දේව අපහාස කිරීමේ චෝදනාවට ලක්ව, බන්ධනාගාර දඬුවම මරණ දඬුවම දක්වා වැඩි කර ඇති ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාගේ නිදහස තහවුරු කර ගැනීම හෝ ඔහුට හිමි දඬුවම ලිහිල් කර ගැනීමේ අරමුණින් සවුදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය අවසන් අදියරට සකස් කිරීම සඳහා අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපති නීතිඥ අසාර්ඩ් නවාවිගේ ප්‍රධානත්වයෙන් යුත් සිව්පුද්ගල නීතිඥ නියෝජිත පිරිසක් එළඹෙන අඟහරුවාදා දිනයේදී සවුදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
</p>
<p>
මෙම විශේෂ නියෝජිත පිරිසට ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් ඇතුළත් වන අතර, මෙම අර්බුදකාරී තත්ත්වය වඩාත් සාර්ථකව විසඳා ගත හැක්කේ කෙසේද යන්න පිළිබඳව සවුදි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමටද ඔවුන් සැලසුම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
</p>
<p>
අතිරේක සොලිසිටර් ජෙනරාල් අසාර්ඩ් නවාවි 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණේ මෙම නඩුව සම්බන්ධයෙන් කටයුතු කරන නීතිඥ සමාගම් දෙකක නියෝජිතයන් හමුවී ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අදාළ නෛතික ලේඛන කටයුතු අවසාන කිරීමට පියවර ගන්නා බවය. මෙම විදේශීය නීතිඥ සමාගම් දෙකෙහි සේවය ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
</p>
<p>
මේ අතර, අනෝජන් සිවරාසා වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ ජීවිතදාන හා පූර්ණ සමාවදීමේ ආයාචනය රැගෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්ද ඉදිරියේදී සවුදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.