LSN News › Sri Lanka

ඉරාන නැව් සම්බන්ධයෙන් ඇමරිකාවෙන් බලපෑමක් නෑ - ජාත්‍යන්තර සාගර නීතියට අනුව ස්වෛරීව වැඩ කරනවා: විදේශ කටයුතු ඇමති විජිත හේරත්!

මේ වන විට අපේ රට ආශ්‍රිතව නැව් 47කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මුහුදු සැතපුම් 12 සීමාවේ ඔබ්බෙන් තමයි ඒ නැව් 47ම තිබෙන්නේ. ඒ නැව් 47න් නැව් 19ක ප්‍රමාණයක් ඉරාන නැව්. ඒවා ගොඩක් කල් ඉඳන් තමයි ඔය සීමාවේ තිබෙන්නේ. එම නැව්වලට ආහාර හෝ ජලය ලබා දෙන්න එපා කියලා ඇමරිකාව කිව්වා කියලා කතාවක් යනවා, ඇමරිකාව අපට බලපෑම් කළා කියලා. එහෙම එකක් කොහෙත්ම නෑ. කිසි විටෙකත් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අපට කිසිම දැනුම් දීමක් කරලත් නෑ. එහෙම බලපෑමක් කරලත් නෑ." - නැවු ගැන කියන නැවු කතාවලට විජිත හේරත් පිළිතුරු දෙයි...

LSN Sri Lanka · 4 October 2026

ඉරාන නැව් සම්බන්ධයෙන් ඇමරිකාවෙන් බලපෑමක් නෑ - ජාත්‍යන්තර සාගර නීතියට අනුව ස්වෛරීව වැඩ කරනවා: විදේශ කටයුතු ඇමති විජිත හේරත්!

ශ්‍රී ලංකා රජය කටයුතු කරන්නේ ජාත්‍යන්තර සාගර නීතියට අනුව බවත්, ඒ ක්‍රියාමාර්ග තුළ ඇමරිකාව හෝ ලෝකයේ වෙනත් කිසිදු රාජ්‍යයක බලපෑමට ලක්වී නැති බවත් විදේශ කටයුතු ඇමති විජිත හේරත් අද (04) පැවසුවේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වන විට ආන්දෝලනයට ලක්ව ඇති, ශ්‍රී ලංකා ජාත්‍යන්තර මුහුදු කලාපයට ආසන්නව ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති කරුණු රැසකට පිළිතුරු සපයමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේ ද සඳහන් කළේය.

"අපේ මුහුද කියන්නේ ඉතාම වටින මොහොතක්. ලෝකයේ භූ දේශපාලනයේ ඉතාම වටිනා පිහිටීමක් තියෙන තැනක්. ඒ නිසාම ලෝකයේ විවිධ නැව් අපේ ගොඩබිම ආශ්‍රිතව යාත්‍රා කරමින් තිබෙනවා. අපි රටක් විදිහට විවිධ අවස්ථාවල දී විවිධ නාවික යාත්‍රාවලට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙනවා."

"මෑතක දී ආන්දෝලනයට ලක්වුණා... මේ වන විට අපේ රට ආශ්‍රිතව නැව් 47කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. මුහුදු සැතපුම් 12 සීමාවේ ඔබ්බෙන් තමයි ඒ නැව් 47ම තිබෙන්නේ. ඒ නැව් 47න් නැව් 19ක ප්‍රමාණයක් ඉරාන නැව්. ඒවා අද ඊයේ නෙමෙයි, ගොඩක් කල් ඉඳන් තමයි ඔය සීමාවේ තිබෙන්නේ. එම නැව්වලට ආහාර හෝ ජලය ලබා දෙන්න එපා කියලා ඇමරිකාව කිව්වා කියලා කතාවක් යනවා, ඇමරිකාව අපට බලපෑම් කළා කියලා. එහෙම එකක් කොහෙත්ම නෑ. කිසි විටෙකත් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අපට කිසිම දැනුම් දීමක් කරලත් නෑ. එහෙම බලපෑමක් කරලත් නෑ."

" ලොකුවට ප්‍රවෘත්ති හදනවා මේ දවස්වල බලපෑමට අහුවෙලා රටේ ස්ථාවරත්වය නෑ කියලා. ඒක සම්පූර්ණ වැරදි අදහසක්. එහෙම කිසිම බලපෑමක් ඇතිවෙලත් නෑ, කිසිම බලපෑමකට ලංකාව යටත් වෙන්නෙත් නෑ. අපේ ස්වාධීනත්වය, අපේ අනන්‍යතාවය, අපේ රටේ තියෙන ස්වෛරීත්වය ආරක්ෂා කරගෙන තමයි අපි සියලුම තීන්දු තීරණ ගන්නේ."

"ඒ වගේම ඔබ දන්නවා මානුෂීය හේතූන් මත මැදිහත් වීමක් කරන්න වුණොත් අපි අවශ්‍ය මැදිහත්වීම කරනවා. ඉරාන නැවට ප්‍රහාරයක් වෙච්ච වෙලාවෙදි අපි මැදිහත් වුණා. තවමත් ත්‍රිකුණාමලයේ එම නෞකාව අපි තමයි රැකබලා ගන්නේ. නාවිකයින් 13ක් ඉන්නවා. අපි ඔවුනට අවශ්‍ය කරන කෑම බීම, ආරක්ෂාව, ඉඳුම් හිටුම් දීලා නැවත් රැකබලා ගන්නවා. ඒ නිසා ඒ සහයෝගය අපි උපරිමයෙන් ලබා දෙනවා."

"ඒකට ඇමරිකා එක්සත් ජනපදයේ කිසිම බලපෑමක් නෑ. ඒ නිසා වගකීමෙන් මේ රටේ ජනතාවට අපි කියනවා අපේ රටේ ස්වෛරීත්වය සහ නොබැඳි බව ආරක්ෂා කරගනිමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යනවා. ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබෙනවා නම් සම්බාධක පැනවූ නැව්වලට භාණ්ඩ ප්‍රවාහනය හෝ භාණ්ඩ සැපයුම් කිරීම රජයක් විදිහට අපි කරලා නෑ. පෞද්ගලික අංශයේ යම් යම් අය ඒ විවිධ නැව්වලට භාණ්ඩ හා සේවා සැපයීමක් කරනවා නම්, පවතින තත්ත්වය තේරුම් අරන් කටයුතු කිරීමට ඒ අයට වගකීමක් තියෙනවා. අපි රජය වැඩ කරන්නේ ජාත්‍යන්තර සාගර නීතියට අනුවයි."