LSN News › Sri Lanka

දිට්වා විනාසයෙන් පසු පේරාදෙණියෙන් ගමන් ඇරඹූ පළමු කාර්යාල දුම්රිය ය ගංගොඩ–කඩිගමුව අතර පීලි පැන්න හැටි...

වාර්තාවන පරිදි මෙම ස්ථානය මීට පෙර නායයෑමකට ලක් වූ හෝ නායයෑම් අවදානමක් හඳුනාගත් ස්ථානයක් නොවේ. ඊයේ (04) රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ හදිසියේ පස් සහ ගල් මාර්ගයට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. පීලි පැනීමෙන් දුම්රියේ ඉදිරිපස කොටසට හානි සිදුව ඇති නමුත්, මගීන්ට තුවාල සිදුව නැත.

LSN Sri Lanka · 5 October 2026

දිට්වා විනාසයෙන් පසු පේරාදෙණියෙන් ගමන් ඇරඹූ   පළමු කාර්යාල දුම්රිය   ය ගංගොඩ–කඩිගමුව අතර පීලි පැන්න හැටි...

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පළමු කාර්යාල දුම්රිය, අද (05) උදෑසන ගංගොඩ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතර පීලි පැන තිබේ. අනතුරට ලක් වන්නේ අංක 1038 පේරාදෙණිය - කොළඹ සීඝ්‍රගාමී දුම්රිය ය.

අනතුර සිදුව ඇත්තේ උදෑසන 4.40ට පමණය. දුම්රිය මාර්ගය හරහා පස් ගොඩක් සහ ගල් පෙරළී තිබීම නිසා දුම්රිය එයට ගැටී පීලි පැන ඇත. මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වේ.

වාර්තාවන පරිදි මෙම ස්ථානය මීට පෙර නායයෑමකට ලක් වූ හෝ නායයෑම් අවදානමක් හඳුනාගත් ස්ථානයක් නොවේ. ඊයේ (04) රාත්‍රියේ පැවති අධික වර්ෂාවත් සමඟ හදිසියේ පස් සහ ගල් මාර්ගයට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. පීලි පැනීමෙන් දුම්රියේ ඉදිරිපස කොටසට හානි සිදුව ඇති නමුත්, මගීන්ට තුවාල සිදුව නැත.

එම දුම්රියේ රියදුරු ඩී.ඒ.පී. සෙන්දනායක මාධ්‍යයට පවසා තිබුණේ මෙවැන්නකි.

“පස් කණ්ඩියක් පාර හරහා වැටිලා තිබුණා. එනකොට මීටර් 10ක්වත් නෑ පස් කණ්ඩිය අපි දකිනකොට. පස් කණ්ඩියට වැදිලා කෝච්චිය විසි වුණා. ඒ වැදිච්ච පාර තමයි මේ ගලක වැදිලා හානි වුණේ.”

දුම්රිය මාර්ගය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය ධාවනය යළි ආරම්භ කිරීමට මේ වන විට කඩිනම් කටයුතු සිදුවෙමින් පවතී.

2025 නොවැම්බර් මාසයේ දිට්වා සුළි කුණාටුවෙන් රඹුක්කන–පේරාදෙණිය/ගම්පොළ කොටසේ ස්ථාන සියයකට අධික සංඛ්‍යාවකට හානි වූ අතර, ප්‍රතිසංස්කරණයෙන් පසු කොළඹ කොටුව–පේරාදෙණිය/ගම්පොළ දුම්රිය සේවා ඔක්තෝබර් 2 සිට යළි ආරම්භ විය.