අත්ලාන්තික් අහස යට නැවතත් ලියවුණු අභිරහස: බර්මියුඩාවේ සිට පැමිණි ගුවන් ගිලන් යානයේ ඛේදනීය අවසානය
මෙවර සිදුවූ අනතුර ද තාක්ෂණික විදුලි දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව මූලිකව තහවුරු වී තිබුණද, එවැනි හදිසි තත්ත්වයකදී අත්ලාන්තික් සාගරය මත ආරක්ෂිතව යානය ගොඩබැස්සවීමට පවතින අභියෝගාත්මක ස්වභාවය නැවත වරක් තහවුරු වී තිබේ.
LSN Sri Lanka ·

උතුරු අත්ලාන්තික් සාගරයේ හුදකලාව පිහිටි සුන්දර බර්මියුඩා දූපත් සමූහය යනු ස්වාභාවික රෝස පැහැති වෙරළ තීරයන්ගෙන් සහ නිවර්තන සිරියෙන් පිරුණු පාරාදීසයකි. කුඩා කොරල් දූපත් 181 කින් සමන්විත, බ්‍රිතාන්‍යයට යටත් ප්‍රදේශයක් වන මෙම දූපත් රාජ්‍යයේ ජීවත් වන 64,500 ක් පමණ වන ජනගහනයට තමන්ගේම වූ අනන්‍ය සංස්කෘතියක් පවතී. පැරණි ස්පාඤ්ඤ සහ බ්‍රිතාන්‍ය ආභාසයන් සමඟ මුසු වූ අප්‍රිකානු සංස්කෘතික අංගයන්ගෙන් පෝෂණය වූ ඔවුන්ගේ 'ගොම්බේ' (Gombey) නර්තන කලාවත්, හුණුගලින් ඉදිකළ සුදු පැහැති පියසි සහිත නිවාසත් මෙම දූපතට ගෙන එන්නේ අපූර්ව ශ්‍රී විභූතියකි.

කෙසේ වෙතත්, මෙම මනරම් භූමිය වටා ඇති මහා සාගරය යනු විටින් විට ලෝකයම තිගැස්මට ලක්කරන අභිරහස් සහ ඛේදවාචකයන් ඉතිරි කරන කලාපයකි.

පසුගිය අලුයම අනපේක්ෂිත අනතුරකින් ලෝකය තිගැස්සුනේය. එය ගුවන් අනතුරකි. බර්මියුඩාවේ සෞඛ්‍ය පහසුකම්වලට වඩා වැඩිදුර හදිසි ප්‍රතිකාර අවශ්‍ය වූ බරපතල රෝගියෙකු අමෙරිකාවේ බොස්ටන් නගරයේ විශේෂිත රෝහලක් වෙත රැගෙන යාම සඳහා පිටත්වූ ගුවන් ගිලන් යානයක් අත්ලාන්තික් සාගරයට කඩා වැටී තිබුණේය.

ගුවනට නැගි හදිසි වෛද්‍ය මෙහෙයුම

කැනඩාවේ ඔන්ටේරියෝ හි පිහිටි 'Latitude Air Ambulance' සමාගමට අයත්, කැනේඩියානු ලියාපදිංචිය සහිත Gulfstream G100 වර්ගයේ මෙම ද්විත්ව එන්ජින් ජෙට් යානය බර්මියුඩාවේ L.F. Wade ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් ගමන් ආරම්භ කළේ අලුයම 12:41 ට පමණය.

යානය තුළ හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකාවට රැගෙන යමින් සිටි බර්මියුඩියානු ජාතික රෝගියා, එම රෝගියාගේ ඥාතියා, කැනේඩියානු ජාතික පළපුරුදු ගුවන් නියමුවන් දෙදෙනා සහ විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනා ඇතුළුව පුද්ගලයන් හයදෙනෙකු ගමන් කරමින් සිටියහ.

තමන්ගේ ජීවිතය බේරාගැනීමේ අන්තිම බලාපොරොත්තුව සහිතව අහසට නැගුණු ඒ රෝගියාටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවූ කාර්ය මණ්ඩලයටත් ඉදිරියේදී මුහුණදීමට සිදුවන ඉරණම පිළිබඳව කිසිදු පූර්ව සලකුණක් නොතිබිණි.

මිනිත්තු දෙකක විනාශය සහ අවසන් සංඥාව

ගුවන්ගත වී පැය එකහමාරකට අධික කාලයක් සාර්ථකව පියාසර කළ යානය අඩි 24,000 ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිණි. කෙසේ වෙතත්, අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා පාලන අධිකාරිය (FAA) මගින් පවත්වාගෙන ගිය රේඩාර් සටහන්වලට අනුව එකවරම යානයේ විදුලි පද්ධතියේ බරපතල කාර්මික දෝෂයක් හටගෙන තිබේ.

විදුලි පද්ධතිය මුළුමනින්ම අක්‍රිය වීමත් සමඟ යානයේ පාලන යන්ත්‍ර සහ මාලිමා පද්ධතීන් අක්‍රිය වී ඇත. බොස්ටන් ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් පාලකවරයා අමතමින් ගුවන් නියමුවා පවසා ඇත්තේ තමන්ට කිසිවක් නොපෙනෙන බවත්, පාලනයෙන් තොරව පියාසර කරන බවත්ය (Coming in blind).

"ඔබ හදිසි අනතුරු තත්ත්වයක් ප්‍රකාශ කරනවාද?" (Declaring an emergency?) ලෙස ගුවන් පාලකවරයා විමසා සිටියද, ඊට ප්‍රතිචාර දැක්වීමට තරම් කාලයක් යානයේ සිටි පිරිසට ලැබුණේ නැත.

එම අවසන් පණිවුඩයෙන් පසු රේඩාර් සන්නිවේදනය මුළුමනින්ම බිඳවැටුණු අතර, ගුවන් ගමන් දත්ත සටහන් පෙන්වා දෙන්නේ අඩි 24,000 ක් ඉහළ තිබූ යානය මිනිත්තු දෙකක් වැනි කෙටි කාලයක් තුළ අඩි 13,000 කින් පහතට කඩා වැටී පසුව සාගරයට පතිත වූ බවය.

සෝදිසි මෙහෙයුම් සහ අත්ලාන්තික් සාගරයේ සුන්බුන්

සන්නිවේදනය බිඳවැටීමත් සමඟම වහා ක්‍රියාත්මක වූ අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය, මැසචුසෙට්ස් ප්‍රාන්තයේ නැන්ටකට් (Nantucket) දූපතට ඔබ්බෙන් වූ සාගර කලාපයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළේය. එදින රාත්‍රිය වන විට අත්ලාන්තික් සාගරයේ පාවෙමින් තිබූ යානයේ සුන්බුන් කිහිපයක් සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

කෙසේ වෙතත්, යානයේ ගමන් කළ පුද්ගලයන් හයදෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, අතුරුදන් වූ පිරිස ජීවිතාරක්ෂක මෙහෙයුම් හරහා සොයාගැනීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය සහ ගුවන් සේවා බලධාරීන් එක්ව අඛණ්ඩ මෙහෙයුම් සිදුකරමින් සිටියි.

අත්ලාන්තික් සාගරයේ භයානක යථාර්ථය

ඓතිහාසික වශයෙන් බර්මියුඩා ත්‍රිකෝණය ලෙස ප්‍රකට මෙම සාගර කලාපය අතීතයේ සිටම නැව් සහ ගුවන් යානා අතුරුදන් වීම් හේතුවෙන් ගුප්ත මතවාදයන්ට ලක්වූ ප්‍රදේශයකි. 1945 දී ඇමෙරිකානු 'ෆ්ලයිට් 19' බෝම්බ හෙලන යානා 5 අතුරුදන් වීමත්, 1918 දී USS Cyclops නෞකාව අතුරුදන් වීමත් ඇතුළු සිදුවීම් රැසක් මුල් කරගෙන මෙම කලාපය 'යක්ෂයාගේ ත්‍රිකෝණය' ලෙස ද හඳුන්වනු ලැබීය.

නමුත් නූතන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙය ගුප්ත බලවේගයන්ගේ ක්‍රියාවක් නොව, අතුරුදහන් වීමටවලට හේතු වන්නේ උතුරු අත්ලාන්තික් සාගරයේ පවතින බලවත් ප්‍රවාහයන්, හදිසියේ ඇතිවන අඩි 100 කට වඩා උසැති මහා සාගර රළ පහරවල් (Rogue Waves) සහ ශීඝ්‍රයෙන් වෙනස් වන විපරීත කාලගුණික තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් බවයි.

මෙවර සිදුවූ අනතුර ද තාක්ෂණික විදුලි දෝෂයක් හේතුවෙන් සිදුවූවක් බව මූලිකව තහවුරු වී තිබුණද, එවැනි හදිසි තත්ත්වයකදී අත්ලාන්තික් සාගරය මත ආරක්ෂිතව යානය ගොඩබැස්සවීමට පවතින අභියෝගාත්මක ස්වභාවය නැවත වරක් තහවුරු වී තිබේ.

අතුරුදහන වූ හයදෙනාගේ ඉරණම කුමක්දැයි යන්න මුළු ලෝකයම තවමත් නොඉවසිල්ලෙන් බලා සිටියි.