හෙට ඇරඹෙන පාර්ලිමේන්තු සතිය පෙළ ගැහෙන්නේ මෙහෙමයි...
ලබන 08 වැනිදා දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවැනි වර කියවා පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමට නියමිතව තිබේ.
LSN Sri Lanka ·

2026 ඔක්තෝබර් මස 06, 07, 08 සහ 09 යන දින හතර තුළ පාර්ලිමේන්තු කටයුතු පෙළගැසෙන ආකාරය පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී එළඹි තීරණ සභානායක බිමල් රත්නායක විසින් අද (05) මාධ්‍ය වෙත අනාවරණය කළේය. කථානායකවරයාගේ මූලිකත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණවලට එළඹී ඇත.

එම වැඩපිළිවෙළ පහත පරිදි වේ:

ඔක්තෝබර් 06 වන අඟහරුවාදා

පෙ.ව. 9:30: පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වේ.

• පෙ.ව. 10:00 - පෙ.ව. 11:00: වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10ක් සඳහා කාලය වෙන් කර ඇත.

• පෙ.ව. 11:00 - පෙ.ව. 11:30: 27(2) ස්ථාවර නියෝගය යටතේ විපක්ෂයේ පක්ෂ නායකයින් දෙදෙනෙකුට ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාව හිමිවේ.

• පෙ.ව. 11:30 - ප.ව. 5:00: ආණ්ඩුවේ කටයුතු 3ක් සඳහා කාලය වෙන් කර ඇත:

1. විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි දෙකක් අනුමත කරගැනීම.

2. විදේශ විනිමය පනත යටතේ නියෝගයක් අනුමත කරගැනීම.

3. රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනාවක් අනුමත කරගැනීම.

ප.ව. 5:00 - ප.ව. 5:30: සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

ඔක්තෝබර් 07 වන බදාදා

පෙ.ව. 9:30: පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වේ.

• පෙ.ව. 10:00 - පෙ.ව. 10:30: අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න 4ක් සඳහා කාලය වෙන් කර ඇත.

• පෙ.ව. 10:30 - පෙ.ව. 11:00: වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සඳහා කාලය වෙන් කර ඇත.

• පෙ.ව. 11:00 - පෙ.ව. 11:30: 27(2) ස්ථාවර නියෝගය යටතේ විපක්ෂයේ පක්ෂ නායකයින් දෙදෙනෙකුට ප්‍රශ්න යොමු කිරීමේ අවස්ථාව.

• පෙ.ව. 11:30 සිට පූර්ණ දිනය: විපක්ෂයේ සංවිධායකවරුන්ගේ ඉල්ලීම මත විපක්ෂයට වෙන් කර ඇති අතර, ඔවුන්ගේ කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වේ.

ඔක්තෝබර් 08 වන බ්‍රහස්පතින්දා

පෙ.ව. 9:30: පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වේ.

• පෙ.ව. 10:00 - පෙ.ව. 11:00: වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10ක් සඳහා කාලය වෙන් කර ඇත.

• පෙ.ව. 11:00 - පෙ.ව. 11:30: 27(2) ස්ථාවර නියෝගය යටතේ විපක්ෂයේ පක්ෂ නායකයින් දෙදෙනෙකුට ප්‍රශ්න ඇසීමට අවස්ථාව හිමිවේ.

• පෙ.ව. 11:30 - ප.ව. 5:00: දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවා සම්මත කරගැනීමට නියමිතය.

ප.ව. 5:00 - ප.ව. 5:30: සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

ඔක්තෝබර් 09 වන සිකුරාදා

• පෙ.ව. 9:30: පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වේ.

• පෙ.ව. 10:00 - පෙ.ව. 11:00: වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10ක් සඳහා කාලය.

• පෙ.ව. 11:00 - පෙ.ව. 11:30: 27(2) ස්ථාවර නියෝගය යටතේ විපක්ෂයේ පක්ෂ නායකයින් දෙදෙනෙකුට ප්‍රශ්න යොමු කිරීමේ අවස්ථාව.

• පෙ.ව. 11:30 - ප.ව. 5:00: පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෙන් කර ඇත.

මෙහිදී හර්ෂද සිල්වා, චිත්‍රාල් ප්‍රනාන්දු, අමිත් නාදන්, අඩෙක්කලනාදන්, ලසිත් භාෂණ ගමගේ, හේෂා විතානගේ, අංකුඹුර ආරච්චි, චමින්ද විජේසිරි සහ රවි කරුණානායක යන මන්ත්‍රීවරුන් 7 දෙනාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා සාකච්ඡාවට ගැනීමට නියමිතය.

ප.ව. 5:00 - ප.ව. 5:30: සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව සඳහා කාලය වෙන් කර ඇත.