Sport · Sri Lanka Bureau
ශ්‍රී ලංකාවට ලකුණු 147ක දැවැන්ත පරාජයක්... ඉන්දීය කාන්තා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම රැක ගනිති!
මෙම ලකුණු 147ක දැවැන්ත ජයග්‍රහණය මගින් විශාල තරගවල දී ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා කොතරම් ඉදිරියෙන් සිටිනවාද යන්න නැවත වරක් තහවුරු විය. 2023 වසරේ පැවැති අවසන් තරගය අඩු ලකුණු සංඛ්‍යාවක් සහිත තරගයක් වූ අතර එය ඉන්දියාව ජය ගත්තේ ලකුණු 19කිනි. නමුත් මෙවර ඉන්දියාවේ ප්‍රබල පිතිහරඹය සහ දඟ පන්දු යැවීම හමුවේ තරගය ඒකපාර්ශ්වික ස්වරූපයක් ගත්තේය.
LSN Sri Lanka ·

ජපානයේ නිෂින් හි කොරොගි ස්පෝර්ට්ස් පාර්ක් හි දී 2026 සැප්තැම්බර් 22 වන දින පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බිහිසුණු පරාජයකට ඇද දමමින් ලකුණු 147ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් විය.

මෙම විශිෂ්ට ජයග්‍රහණයත් සමඟ තම ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම තමුන් සතුවම තබා ගැනීමට ද ඔවුන්ට හැකි විය.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 216ක වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15.4ක දී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 69ක් පමණි. මෙම ජයග්‍රාහී ලකුණු පරතරය, 2023 හැංජෝ හි පැවැති අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ලැබූ ලකුණු 19ක ජයට වඩා මෙන්ම, ආසියානු කුසලාන අවසන් තරගයේ දී ලැබූ ලකුණු 72ක ජයට වඩා බෙහෙවින් විශාල එකකි.

වාර්තාගත පිතිහරඹයක්

ඉන්දීය ඉනිම ආරම්භ කළ ස්මෘති මන්ධානා සහ ෂෆාලි වර්මා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සබඳතාවක් ගොඩනගමින් ප්‍රබල ආරම්භයක් ලබා දුන්නේය. මන්ධානා පන්දු 45ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 79ක් රැස් කළාය. එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලකුණු 11,000 සීමාව පසුකළ පළමු කාන්තා ක්‍රීඩිකාව බවට පත්වීමට ද ඇය මෙහිදී සමත් වූවාය.

ෂෆාලි වර්මා පන්දු 29ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තාය. නායක හර්මන්ප්‍රීට් කෝර් ලකුණු 19ක් එකතු කළ අතර, ඉනිම අවසානයේ වේගවත් පිතිහරඹයක නිරත වූ රිචා ඝෝෂ් පන්දු 22ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 49ක් රැස් කළාය. භාර්ති ෆුල්මාලි නොදැවී ලකුණු 7ක් ලබා සිටියාය. ඉන්දියාව රැස් කළ ලකුණු 216/3 යනු කාන්තා ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාවය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩිකාවෝ දැඩි අපහසුතාවකට පත් වූහ. චාමුඩි ප්‍රබෝධා, කවිෂා දිල්හාරි සහ සුගන්දිකා කුමාරි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගිය ද, ඔවුන් සියලු දෙනාම පන්දුවාරයකට ලකුණු 8කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දී තිබුණි.

ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම

ලකුණු 217ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු අවස්ථාවක සාර්ථක වීමට ඉඩක් ලැබුණේ නැත. පන්දුවෙන් ද පෙළහර පෑ ෂෆාලි වර්මා පන්දුවාර 2ක දී ලකුණු 3කට කඩුලු 2ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට මුල සිටම පහර දුන්නාය.

නායක චමරි අතපත්තු පන්දු 21ක දී ලකුණු 29ක් රැස් කර සිටිය දී දීප්ති ශර්මාගේ පන්දුවක් හමුවේ දැවී ගියාය. අප සිටියේ පරාජය නලලේ කොටාගෙනය. කවදාවත් ලකුණු 217ක් හඹා ගොස් ජයගන්නට නොහැකි බව අප දැනගෙන සිටියේය. ක්‍රීඩා ලෝලීන් අපේක්ෂා කළේ ගෞරවනීය පරාජයකි. එහෙත් ඒ ගෞරවනීය පරාජයක් පිළිබඳ බලාපොරොත්තුව ද අපෙන් ගිලිහී ගියේ චමරි අතපත්තු ගේ දැවී යෑමත් සමගය.

අතිවිශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දීප්ති ශර්මා පන්දුවාර 4ක දී ලකුණු 6කට කඩුලු 3ක් බිඳ හෙලුවාය. ශ්‍රී චරණි ලකුණු 13කට කඩුලු 2ක් සහ ශ්‍රේයන්කා පටිල් ලකුණු 9කට කඩුලු 2ක් බැගින් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම සපූර්ණයෙන්ම අඩපණ කළහ.

පන්දුවාර 9ක් අවසානයේ කඩුලු 6කට ලකුණු 49ක්ව තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 69කට සීමා විය. ශ්‍රී ලංකා ඉනිමේ දෙකේ ඉලක්කම් සීමාවට ළඟා වීමට හැකි වූයේ චමරි අතපත්තු සහ කඩුලු රකින ක්‍රීඩිකා කෞෂිණී නුත්‍යංගනා (14) හට පමණි.

ජයග්‍රහණයේ පසුබිම

මෙම තරගාවලියට ඉන්දියාව පිවිසියේ වත්මන් ආසියානු ක්‍රීඩා උළෙලේ ශූරියන් මෙන්ම මෑතක දී පැවැති ආසියානු කුසලාන ජයග්‍රාහකයන් ලෙසය. ඔවුන් අවසන් පූර්ව තරගයේ දී බංග්ලාදේශය ලකුණු 114කින් පරාජය කළ අතර, එහිදී ෂෆාලි වර්මා නොදැවී ශතකයක් රැස් කළාය.
ශ්‍රී ලංකාව අනිත් අවසන් පූර්ව තරගයේ දී පාකිස්තානය ලබා දුන් ලකුණු 177ක ඉලක්කය සාර්ථකව හඹා ගොස් අවසන් තරගයට සුදුසුකම් ලබා තිබුණි.

මෙම ලකුණු 147ක දැවැන්ත ජයග්‍රහණය මගින් විශාල තරගවල දී ඉන්දියාව ශ්‍රී ලංකාවට වඩා කොතරම් ඉදිරියෙන් සිටිනවාද යන්න නැවත වරක් තහවුරු විය. 2023 වසරේ පැවැති අවසන් තරගය අඩු ලකුණු සංඛ්‍යාවක් සහිත තරගයක් වූ අතර එය ඉන්දියාව ජය ගත්තේ ලකුණු 19කිනි. නමුත් මෙවර ඉන්දියාවේ ප්‍රබල පිතිහරඹය සහ දඟ පන්දු යැවීම හමුවේ තරගය ඒකපාර්ශ්වික ස්වරූපයක් ගත්තේය.

2026 තරගාවලිය පුරාම ඉන්දියාව අපරාජිතව සිටීමට සමත් විය. මෙම රන් පදක්කම මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී ඉන්දියාව දිනාගත් පළමු පදක්කම ද වේ. මෙහිදී ශ්‍රී ලංකාව රිදී පදක්කම දිනාගත් අතර පාකිස්තානය ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.