LSN News › Sri Lanka

නියමුවාට පොරෝ පාර දී ටෙල් අවීව් ගිලගන්න හදපු ඕමාන සහායක නියමුවාගේ අභිරහස් අතීතය!

රාජ්‍ය හිමිකාරීත්වය සහිත ඕමාන් එයාර් හි සහායක නියමුවකු ලෙස පුහුණුව ලබමින් හෝ සේවය කරමින් සිටියදී ඕමාන බලධාරීන් ඔහු ගැන සැක පහළ කරගෙන තිබුණි. ජ්‍යෙෂ්ඨ බුද්ධි සහ නීති බලාත්මක කිරීමේ නිලධාරීන් උපුටා දක්වමින් ඒබීසී නිව්ස් වාර්තා කළේ, 2024 දී ඔහු සතුව අන්තවාදී ද්‍රව්‍ය තිබී හමු වූ අතර ඔහු ආරක්ෂක අවදානමක් ලෙස වර්ගීකරණය කළ බවය.

LSN Sri Lanka · 5 October 2026

නියමුවාට පොරෝ පාර දී ටෙල් අවීව් ගිලගන්න හදපු ඕමාන සහායක නියමුවාගේ අභිරහස් අතීතය!

2026 සැප්තැම්බර් 30 වැනිදා ඊශ්‍රායල ජාතිකයන් රැසක් ඇතුළු මගීන් 170 කට වැඩි පිරිසක් පටවාගෙන ඩුබායි සිට ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි සේවයට අයත් FZ1073 ගුවන් යානය තුළ නිර්මාණය වූ මරණීය මොහොත ගැන දැන් ලෝකයම දන්නේය.

ගුවන් ගමන අතර මැද දී ක්‍රියාත්මක වූ සහායක ගුවන් නියමුවා, නියමු කුටියේ තිබූ හදිසි අනතුරු අවස්ථාවක දී භාවිතයට ගන්නා කුඩා පොරොවක් අතට ගෙන ප්‍රධාන ගුවන් නියමුවා වූ ඉන්දියානු ජාතික ස්මිට් මච්ඡාර් වෙත ප්‍රහාරයක් එල්ල කර යානයේ පාලනය සියතට ගැනීමට ගත් ඒ සමඟම ගුවන් යානය සීඝ්‍රයෙන් පහළට කඩාගෙන වැටුන ආකාරයත් අප අසාගෙන සිටියේ තිගැස්මෙනි.

තුවාල ලබා සිටි ප්‍රධාන ගුවන් නියමුවා කෙසේ හෝ කොක්පිට් දොර විවෘත කිරීමට සමත් විය. වහා ක්‍රියාත්මක වූ මගීන් සහ අනෙකුත් ගුවන් සේවකයන් එකතු වී සහායක නියමුවා අල්ලා බිම හෙළා යානය පාලනය සියතට ගත්තේය. අනතුරුව , යානය සවුදි අරාබියේ තබුක් ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා අනතුරෙන් මගීන්ගේ ජීවිත බේරා ගනු ලැබිණි. අනතුරින් එකම මගියෙකුගේ හෝ ජීවිතයට හානියක් වූයේ නැත.

විමර්ශකයෝ සිද්ධිය වූ වහාම සහාය නියමුවාගේ අනන්‍යතාවය හෙළි කළේ නැත. එහෙත සිද්ධියෙන් දින කිහිපයකට පසු එක්සත් ජනපද, ඊශ්‍රායල සහ අරාබි මාධ්‍ය විසින් මෙම සහායක නියමුවාගේ තොරතුරු යම් ප්‍රමාණයක් හෙළි කර තිබේ. ඔහු 29 හැවිරිදි ඕමාන ජාතිකයකු වන හමාම් අල්-හමාමි ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඊශ්‍රායල තානාපති යොසි අව්රහාම් ෂෙලී ද ඔහුගේ අනන්‍යතාවය තහවුරු කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපති හමාඩ් සයිෆ් අල් ෂම්සි ප්‍රකාශ කළේ මෙම සහායක නියමුවා ත්‍රස්තවාදී ක්‍රියාවක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට උත්සාහ කර ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇති බවය. ඔහු දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අත්අඩංගුවේ පසුවන අතර ඕමාන බලධාරීන් තවමත් ඔහු පිළිබඳ සම්පූර්ණ ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

ඕමානයෙන් පිටත ගෙවුණු ජීවිතය

සීඑන්එන්, ඒබීසී නිව්ස්, වෝල් ස්ට්‍රීට් ජර්නල් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ හමාම් අල්-හමාමි ඕමාන ජාතික පියකුට සහ සිරියානු ජාතික මවකට දාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උපත ලබා ඇති බවය. ඔහු තම ජීවිතයේ වැඩි කාලයක් ඕමානයෙන් පිටත, විශේෂයෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගත කර ඇත. මවගේ පවුලේ සබඳතා නිසා ඔහු සිරියාවේ ගත කළ කාලය ඔහුගේ අන්තවාදී මතවාදයන් කෙරෙහි බලපාන්නට ඇති බව ඇතැම් අරාබි මාධ්‍ය සඳහන් කළ ද, ඒ බව නිල වශයෙන් තහවුරු වී නොමැත.

අල්-හමාමි සිය උසස් අධ්‍යාපනය ලබා තිබුණේ ඕස්ට්‍රේලියාවේ ය. ඔහු ඕස්ට්‍රේලියාවේ දී ඉංජිනේරු විද්‍යාව හදාරා තිබිණි. ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාවලට අනුව, 2014 දී ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබාගත් ඔහු 2015 සිට 2017 දක්වා කාලය තුළ එරට රැඳී අධ්‍යයනය කටයුතුවල නිරත වෙමින් සිට ඇත. නමුත් පාඨමාලාවට නියමිත පරිදි පෙනී නොසිටීම නිසා 2019 දී ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබිණි.

මේ වනවිට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ වික්ටෝරියානු ඒකාබද්ධ ත්‍රස්ත විරෝධී කණ්ඩායම ඔහු ඕස්ට්‍රේලියාව තුළ පවත්වාගෙන ගිය සබඳතා පිළිබඳ විමර්ශනය කරමින් සිටී. විමර්ශනයට සම්බන්ධ ආරංචි මාර්ග උපුටා දක්වමින් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ, අල්-හමාමි ඕස්ට්‍රේලියාවේ සිටියදී අන්තවාදී පල්ලිවලට ගිය බවටත්, අන්තවාදී වෙබ් අඩවි නැරඹූ බවටත් චෝදනා එල්ල වී ඇති බවය. කෙසේ වෙතත් මෙය තවමත් විමර්ශන මට්ටමේ පවතින චෝදනාවක් මිස අධිකරණ තීන්දුවක් නොවේ.

ඔස්ට්‍රේලියාවෙන් බ්‍රිතාන්‍යයට

පසුව ඔහු බ්‍රිතාන්‍‍යයේ බකිංහැම්ෂයර් නිව් යුනිවර්සිටි වෙතින් ගුවන් සේවා කළමනාකරණය පිළිබඳ තෙවසරක දුරස්ථ අධ්‍යාපන පාඨමාලාවක් හදාරා 2023 දී උපාධිය ලබා ගත්තේය. එම විශ්වවිද්‍යාලය මාධ්‍ය වෙත තහවුරු කළේ ඔහුට එහිදී ගුවන් නියමු පුහුණුවක් ලබා නොදුන් බවය.

ඔහු විසින් තබන ලද බවට විශ්වාස කෙරෙන, පසුව මකා දමන ලද 2022 සමාජ මාධ්‍ය සටහනක ගුවන් යානා පැදවීම පැසසුමට ලක්කර තිබුණි. සීඑන්එන් සහ ඊශ්‍රායල මාධ්‍ය විසින් පරීක්ෂා කරන ලද ඔහුගේ නමින් තිබූ අනෙකුත් මකාදමන ලද සටහන් අතර, දැඩි ආගමික මතවාද, අනාගත බිරිඳ නිකාබයක් පැළඳිය යුතු බවට සහ රැකියාවලින් ඉවත් විය යුතු බවට වූ කොන්දේසි, ඊශ්‍රායල ගුවන් යානාවල කොක්පිට් වීඩියෝ සහ අල්-ඛයිඩා සංවිධානයේ ප්‍රධානීන් හා සම්බන්ධ ඡායාරූප ද විය.

ෆ්ලයිඩුබායි හි ඔහුගේ සගයකු ඊශ්‍රායලයේ චැනල් 14 වෙත පවසා තිබුණේ ඔහු දැඩි ලෙස ආගමික වතාවත්වල නිරත වූ, නිතර යාච්ඤා කළ සහ කාන්තාවන් සමඟ අතට අත දීම ප්‍රතික්ෂේප කළ අයකු බවය.

ෆ්ලයිඩුබායි හි කොක්පිට් එකට ආ හැටි

ඔහු මෙම ගුවන් සේවයට සම්බන්ධ වූ ආකාරය වර්තමාන ආරක්ෂක විවාදයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත.

සීඑන්එන් ආයතනය විසින් තහවුරු කරන ලද තොරතුරක දැක්වූයේ අල්-හමාමි නමින් තිබූ ලින්ක්ඩ්ඉන් ගිනුමක් මෙම සිදුවිමෙන් පසු මකා දමා තිබුණු බවය.

CNNට මූලාශ්‍රයක් කියා ඇත්තේ එසේ මකා දමා තිබුනේ ඔහුගේ ගිණුම බවයි. එහි සඳහන්ව තිබුණේ ඕමාන් එයාර්හි වසර හතක් පමණ සේවය කර 2025 පෙබරවාරියේ ඉවත් වූ බවත්, 2025 ජූනි සිට 2026 ජනවාරි දක්වා මොරොක්කෝවේ Royal Air Marocහි සේවය කළ බවත්ය. Royal Air Maroc පසුව කියා ඇත්තේ ඔහු මාස තුනක් පුහුණු වූ නමුත් බඳවා නොගත් බවයි. ෆ්ලයිඩුබායි සේවය පිටුවේ නොතිබුණි. ඔහු එහි 2026 පෙබරවාරි පමණ සිට මාස අටක් එම ගුවන්සේවයේ සේවය කර තිබිණි

රාජ්‍ය හිමිකාරීත්වය සහිත ඕමාන් එයාර් හි සහායක නියමුවකු ලෙස පුහුණුව ලබමින් හෝ සේවය කරමින් සිටියදී ඕමාන බලධාරීන් ඔහු ගැන සැක පහළ කරගෙන තිබුණි. ජ්‍යෙෂ්ඨ බුද්ධි සහ නීති බලාත්මක කිරීමේ නිලධාරීන් උපුටා දක්වමින් ඒබීසී නිව්ස් වාර්තා කළේ, 2024 දී ඔහු සතුව අන්තවාදී ද්‍රව්‍ය තිබී හමු වූ අතර ඔහු ආරක්ෂක අවදානමක් ලෙස වර්ගීකරණය කළ බවය.

වෝල් ස්ට්‍රීට් ජර්නල් ඇතුළු මාධ්‍ය වාර්තා කළේ, ඔහු අන්තවාදී වෙබ් අඩවි කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන බව නිලධාරීන් නිරීක්ෂණය කිරීමෙන් පසු, ඕමාන් එයාර් ආයතනය ඔහුව ගුවන් යානා පැදවීමෙන් තහනම් කර, කාර්යාලීය රැකියාවකට යොමු කර අන්තවාදයෙන් මුදවා ගැනීමේ වැඩසටහනකට යොමු කළ බවය. පසුව ඔහු එම ආයතනයෙන් ඉවත් වී ඇත.

මස්කට් නගරයේ පිහිටි ඕමාන බලධාරීන් මේ පිළිබඳව වෙනත් ගුවන් සමාගම් හෝ විදේශීය රජයන් දැනුවත් කළේද යන්න පැහැදිලි නැත. ඕමාන් එයාර් හෝ ඕමාන රජය තමන් හුවමාරු කරගත් තොරතුරු මොනවාදැයි ප්‍රසිද්ධියේ පැහැදිලි කර නොමැත.

පසුව ඔහු 2026 පෙබරවාරි මාසයේදී පමණ අල්-හමාමි ෆ්ලයිඩුබායි ආයතනයට එක්වූයේය. මේ ප්‍රහාරය සිදුවන විට ඔහු එහි මාස අටක් පමණ සේවය කර තිබුණි. වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කළේ ෆ්ලයිඩුබායි ආයතනය ඔහුගේ අපරාධ වාර්තා පරීක්ෂාවක් සිදු කළද, ඔහුගේ ගුවන් ගමන් ඉතිහාසය පරීක්ෂා කිරීමට ඕමානය සම්බන්ධ කර නොගත් බවත්, පසුව ගුවන් සමාගම ඔහුව ඩුබායි සහ ටෙල් අවීව් අතර සේවයේ යෙදවූ බවත්ය.

ඕමානය තුළදී අන්තවාදී මතවාද හේතුවෙන් ගුවන් යානා පැදවීමෙන් තහනම් කර සිටි පුද්ගලයකු, වසරක් ඇතුළත ඊශ්‍රායල ජාතිකයන්ගෙන් පිරීගිය ගුවන් යානයක සහායක නියමුවා බවට පත්වීම ජාත්‍යන්තර ගුවන් ආරක්ෂණ ක්ෂේත්‍රයේ බරපතලම හිඩැස ලෙස මේ වනවිට ලෝක විශ්ලේශකයෝ පෙන්වා දෙති.

ඊශ්‍රායලයට ඔහුව නවත්වන්න බැරි වුණේ ඇයි?

ඊශ්‍රායලය සහ ඕමානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැත. අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඊශ්‍රායල ප්‍රවාහන බලධාරීන් පවසන්නේ ඊශ්‍රායලය සමඟ සබඳතා නැති රටවල නියමුවන් එරටට ගුවන් යානා පදවාගෙන ඒමට අවසර නොමැති බවයි. ඇබ්‍රහම් සම්මුතියෙන් පසුව, එම රීතිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සමාගම් සඳහා වූ ආරක්ෂක විධිවිධානවල කොටසක් ලෙස සලකනු ලැබීය. ප්‍රායෝගිකව, ඊශ්‍රායල නියෝජිතායතන අදාළ ගුවන් සමාගම් විසින් මෙම රීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි දැඩි ලෙස විශ්වාස කළේය. චැනල් 12 නාලිකාව වාර්තා කළේ මෑත වසරවලදී ඕමාන නියමුවන් දුසිම් ගණනක් ටෙල් අවීව් වෙත පියාසර කර ඇති බවත්, සබඳතා නැති රාජ්‍යයන්හි නියමුවන් යොදවන්න එපා යැයි ගුවන් සමාගමෙන් ඉල්ලා සිටීම හැර ඊශ්‍රායලයේ 'ෂින් බෙට්' අභ්‍යන්තර ආරක්ෂක සේවය විසින් ෆ්ලයිඩුබායි කාර්ය මණ්ඩලය වෙනම පරීක්ෂාවට ලක් නොකළ බවත්ය.

ලියකියවිලි සම්බන්ධයෙන් ද දැඩි මතභේදයක් පවතී. ඊශ්‍රායල ප්‍රවාහන අමාත්‍යාංශය මෙම සේවය යෙදවීම බරපතල නීති උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා දුන් අතර ඕමානයේ නියමුවකු කිසි විටෙකත් එම ගුවන් ගමනට එක් නොවිය යුතුව තිබූ බව පැවසීය. ජෙරුසලම් පෝස්ට් පුවත්පතට අදහස් දැක්වූ ආරංචි මාර්ග සඳහන් කළේ ඊශ්‍රායල-එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් සේවා ගිවිසුම මඟින් නියමුවන් ඊශ්‍රායලය පිළිගන්නා රටවල ජාතිකයන්ට පමණක් සීමා කර නොමැති බවත්, අල්-හමාමිට වෙනත් දෙවැනි විදේශ ගමන් බලපත්‍රයක් නොතිබූ බවත්ය.

කෙසේ වෙතත්, වෙනම ආරක්ෂක උපදෙස් මඟින් ඔහුව තහනම් කර තිබෙන්නට ඇත. නමුත් මෙහිදී අවසන් ප්‍රතිඵලය පැහැදිලිය. එනම් ඔහු එකී ගුවන් මාර්ගයේ කිහිප වතාවක්ම පියාසර කර තිබීමය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගුවන් ගමනට පෙර මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ නම් සහ ජාතිකත්වයන් ඇතුළත් ලැයිස්තු ඊශ්‍රායලයට යවා තිබූ බව කලාපීය බලධාරීන් ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතට පවසා ඇත. එහෙත් එම ලැයිස්තුව කියවා තීරණ ගත යුතුව තිබුණේ කවුරුන්ද යන්න ගැන ඊශ්‍රායල බලධාරීන් අතරම මතභේද හටගෙන තිබේ.

විදේශීය ගුවන් සමාගම් පිළිබඳ පරීක්ෂණ ලිහිල් වී ඇති බවට 2024 මැයි මාසයේ රාජ්‍ය විගණක වාර්තාවකින් ද අනතුරු අඟවා තිබුණි. ප්‍රහාරයෙන් පසුව, ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී ෂ්මුඑල් බෙන් එස්රා යටතේ විදේශීය සිවිල් ගුවන් ගමන්වල ආරක්ෂාව පිළිබඳ සියලු පාර්ශ්වයන් නැවත සමාලෝචනය කිරීමට නෙතන්යාහු නියෝග කළේය.

මස්කට් නුවර තානාපති කාර්යාලයක් හෝ සාමාන්‍ය බුද්ධි තොරතුරු හුවමාරු ක්‍රමවේදයක් නොමැතිව, මෙම පුද්ගලයා ගැන ඕමාන් එයාර් ආයතනය දැන සිටි දේ දැන ගැනීමට ඊශ්‍රායලයට පහසු මඟක් තිබුණේ නැත. එම ව්‍යූහාත්මක සීමාව පැහැදිලිය. එහෙත් සිදු වූ බරපතල අතපසුවීම සාධාරණීකරණය කිරීමට එය ප්‍රමාණවත් නැත.

ඕමානය කිසිදු තොරතුරක් හුවමාරු කර නොගත්ත ද, ඊශ්‍රායල නායකයන් දැන් පවසන රීතියට අනුව ඔහුගේ ජාතිකත්වය පමණක් වුවද ඔහුව ටෙල් අවීව් ගුවන් ගමන් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ප්‍රමාණවත් කරුණක් විය යුතුව තිබුණි.

ප්‍රශ්න කිරීම්වලින් හෙළි වූ තොරතුරු

ඊශ්‍රායලය ඔහුව අත්අඩංගුවේ තබාගෙන නැත. සවුදි අරාබිය විසින් නියමුවන් දෙදෙනාම අබුඩාබි වෙත භාරදෙන ලදී. දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ප්‍රශ්න කිරීම් සිදුකරනු ලබයි. ප්‍රසිද්ධියට පත්ව ඇති තොරතුරු වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ එකී ප්‍රශ්න කිරීම් උපුටා දක්වන ඊශ්‍රායල බලධාරීන්, හෙබ්‍රෙව් මාධ්‍ය සහ වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත අදහස් දැක්වූ සවුදි නිලධාරියකුගෙනි.

එම වාර්තාවලට අනුව, තමා මරණයට බිය නැති බවත් ගුවන් යානය කඩා දැමීමට තමාට අවශ්‍ය වූ බවත් ඔහු පරීක්ෂකයන් හමුවේ පවසා ඇත. චැනල් 13 සහ ජෙරුසලම් පෝස්ට් වාර්තා කළේ, ඔහු ටෙල් අවීව් වෙත පියාසර කරන ගුවන් සමාගමක් සෙවූ බවය. ඒ නිසාම ෆ්ලයිඩුබායි තෝරාගත් බව හෙතෙම පවසා තිබිණි. වෙනත් ගුවන් සමාගම් සඳහා ද උත්සාහ කළ බවත්, රැකියාවට බඳවා ගැනීමට පෙර සිටම මෙම ප්‍රහාරය සැලසුම් කළ බවත් ඔහු පවසා තිබුණු බව සවුදි නිලධාරියා වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා තිබිණි.

ඔහු සේවයට බැඳීමට පෙර සිටම ප්‍රහාරය සැලසුම් කළ බව ඊශ්‍රායල බලධාරීන් රොයිටර් පුවත්පතට පැවසුවේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පරීක්ෂණ ගැන දැනුවත් ආරංචි මාර්ගයක් පැවසුවේ ඔහු 2026 මුල් භාගයේදී ද ටෙල් අවීව් වෙත පියාසර කර තිබූ නමුත් එවිට ද ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි සිතිවිල්ල ක්‍රියාත්මක නොකළ බවය.

නිල අධිචෝදනා පත්‍රයකට තවමත් ඇතුළත් කර නොමැති, වාර්තා වූ වැඩිදුර තොරතුරු මෙසේය:

• පසුගිය ජූනි මාසයේ සිදුකළ ගුවන් ගමනකදී ඇතුළුව, ඔහු බෙන් ගුරියන් ගුවන්තොටුපළ නිරීක්ෂණය කර තොරතුරු රැස්කර ඇත.

• ඔහු ජූලි මාසයේදී ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වූ නමුත්, ගුවන් සේවක පිරිස අතර මිතුරකු සිටි බැවින් එය අත්හැර දමා ඇත.

• සැප්තැම්බර් 30 වැනිදා ඔහුගේ අරමුණ වී ඇත්තේ ප්‍රධාන නියමුවාගෙන් ගැලවී, ගුවන් ගමන සාමාන්‍ය පරිදි පවත්වා ගනිමින් ගොඩබෑමේ අවසරය ද ලබාගෙන, ගුවන්තොටුපළට, ගොඩනැගිල්ලකට හෝ වෙනත් ගුවන් යානයකට යානය කඩා වැටීමට සැලැස්වීමය. ඊශ්‍රායලයට ළඟා වීමට නොහැකි වුවහොත් ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද හමුදා පරිශ්‍රයක් විකල්ප ඉලක්කය ලෙස තබාගෙන තිබූ බව ද ඇතැම් වාර්තාවල සඳහන් වේ.

• ප්‍රහාරය එල්ල කිරීමට පෙර ඔහු යානය ජෝර්දානයට ඉහළින් පියාසර කරන තෙක් බලා සිට ඇත.

සහායක නියමුවා දැඩි ඉස්ලාමීය අන්තවාදී මොළ සේදීමකට ලක්ව සිටි බවත්, සියදිවි නසාගැනීමේ මානසිකත්වයක සිටි බවත්, පාලනය කරගැනීමෙන් පසු තමාට වෙඩි තබා මරා දමන ලෙස කෑගැසූ බවත් නෙතන්යාහු පැවසීය. ඊශ්‍රායල නිලධාරියකු ටයිම්ස් ඕෆ් ඊශ්‍රායෙල් වෙත පැවසුවේ ඔහුගේ නමින් තිබූ සමාජ මාධ්‍ය සටහන්වල යූදෙව්වන් මරා දැමීම ගැන සඳහන් වූ බවය.

යමෙකු විසින් ඔහුව මෙහෙයවා තිබේද යන්න ගැන ඊශ්‍රායලය පරීක්ෂා කරමින් සිටින බවත්, එසේ කර ඇත්නම් ඔවුන්ට විශාල වන්දියක් ගෙවීමට සිදුවන බවත් නෙතන්යාහු පැවසීය. එහෙත් අනෙකුත් ඊශ්‍රායල ආරංචි මාර්ග සීඑන්එන් වෙත පැවසුවේ මෙතෙක් ලැබී ඇති තොරතුරුවලට අනුව ඔහු තනිවම ක්‍රියා කර ඇති බවය. මෙම මාර්ග දෙකම තවමත් විමර්ශනය කෙරෙමින් පවතී.

මෙම සිදුවීමෙන් ගත හැකි ප්‍රධානතම පාඩම වන්නේ රාජ්‍ය හිමිකාරීත්වය සහිත ගුවන් සමාගමක් අන්තවාදී ද්‍රව්‍ය නිසා නියමුවකුගේ ගුවන් ගමන් තහනම් කළ ද, එම අනතුරු ඇඟවීම ඉදිරියට ගොස් නොමැති බවය.

දෙවැනි ගුවන් සමාගමක් අපරාධ වාර්තා පරීක්ෂාවකින් පසුව ඔහුව බඳවාගෙන සංවේදී ගුවන් මාර්ගයක යොදවා ඇත. තමන් පිළිනොගන්නා රාජ්‍යයන්ගේ නියමුවන්ට තහනම් යැයි පවසන තෙවැනි රටක් තමන්ගේම රීතිය ක්‍රියාත්මක කර නැත. අවසානයේ ඉතිරි විනාශය වැළැක්වූයේ ප්‍රධාන නියමුවා, ගුවන් කාර්ය මණ්ඩලය සහ එහි සිටි මගීන් විසිනි.