LSN News › Sri Lanka

ඇප නියෝග නැතිවම ශිරන්ති ගෙදර යයි... ඉන් පසු සිදුවන්නේ කුමක් ද?

අද මෙම නඩුව කැඳවනු ඇත. එම කැඳවීමේදී මහේස්ත්‍රාත්ට ඇප දීම, ප්‍රතික්ෂේප කිරීම, හෝ කොන්දේසි සහිතව කල් තැබීම කළ හැකිය. ඇප ලැබුණත් FCID විමර්ශනයේ දී ඇයට සිදුකරන කැඳවීම් සහ ඉදිරි විමර්ශන කටයුතුවලින් ඇය නිදහස් නොවේ. ඇපය අත්අඩංගුවෙන් ආරක්ෂාවක් පමණි.

LSN Sri Lanka · 6 October 2026

ඇප නියෝග නැතිවම  ශිරන්ති ගෙදර යයි... ඉන් පසු සිදුවන්නේ කුමක් ද?

ශිරන්ති රාජපක්ෂ ඊයේ (05) රාත්‍රියේ දී යළි දිවයිනට පැමිණියාය. ඇය පැමිණියේ මැලේසියාවේ සිට පැමිණි MH 179 දරණ ගුවන් යානයෙනි. එම යානය රාත්‍රි 11.26ට පමණ කටුනායක ගුවන් තොටුපලට පැමිණියේය. දැන් ශිරන්ති පරිස්සමින් ගෙදර ගොස් ඇත.

මේරි ලුවිස් ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුවට යෑම හෝ යළි ලංකාවට පැමිණීම ඇයගේ පුද්ගලික වැඩක් වූ කාලයක් තිබිණි. නමුත් දැන් ඇයගේ ගමන්බිමන් රටට ප්‍රවෘත්ති සපයන්නේය. මක්නිසාද යත් මේ වනවිට ඇය ගතකරමින් සිටින්නේ රටේ ආන්දෝලනාත්මක මූල්‍ය වංචා නඩුවක කරටියේ නිසාය.

සිරිලිය සවිය විමර්ශනය සම්බන්ධව යළිත් ප්‍රකාශයක් ලබා දීමට කැඳවීම සූදානම් වෙද්දී ශිරන්ති පුද්ගලික රෝහලකට ඇතුළත් වන ආකාරයත්, කැඳවීම නිල වශයෙන් ලැබෙන දිනයේ දී හදිස්සියේ සිංගප්පූරුව වෙත යන ආකාරයත්, ඇය යළි ලංකාවට පැමිණෙනු ඇති දැයි විමසන ආකාරයේ සංවාදයක් පසුගිය සතියේ දී රට තුළ ඇති කිරීමට සමත් විය.

අනතුරුව ඇයගේ නීතිඥයින් ඇය වෙනුවෙන් ඊයේ (05) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයැදුමක් ගොනු කළේය. ඒ ගුවන්තොටුපලේ දී ඇය අත් අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සදහාය. ඉල්ලීම වන්නේ, අත්අඩංගුවට ගත්තොත් අධිකරණය නියම කරන ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසය. එය මහේස්ත්‍රාත් ජනනි පෙරේරා ඉදිරියේ කැඳවා, අද (ඔක්තෝබර් 6)ට කල් තබා ඇත.

මේ අතරේ ඊයේ රාත්‍රී 11.20 පමණ මැලේසියාවෙන් පැමිණි ගුවන් යානයකින් ඇය රටට පැමිණියාය. ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත් නොවී නිවසට ගියාය. අපේක්ෂිත ඇපය එවිට ලැබී නොතිබුණි.

රට ගිය හැටි

මේරි ලුවිස් ශිරන්ති රාජපක්ෂ සැප්තැම්බර් 15 වනදා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී, 16 වනදා අලුයම 1.10 පමණ සිංගප්පූර් එයාර්ලයින්ස් SQ-469 යානයෙන් ප්‍රතිකාර සඳහා පිටත්ව ගොස් තිබිණි. යානයට නගින මොහොතේ FCID නිලධාරීන් ඇයට සැප්තැම්බර් 24 වනදා ප්‍රකාශයක් ලබාදෙන ලෙස ලිඛිත දැනුම්දීමක් භාර දුන්නේය. ඇය එදින පෙනී නොසිටියාය.

පවුලේ පාර්ශ්වය පැවසුවේ ඇය රෝගී තත්ත්වය නිසා විදේශගත වූ බවය. රට හැර යාමට හෝ විමර්ශන මගහැරීමට උත්සාහ නොකළ බවය.

අපේක්ෂිත ඇප ඉල්ලුවේ ඇයි

මූලික හේතුව “සිරිලිය සවිය” පදනමේ මූල්‍ය කටයුතු පිළිබඳ FCID විමර්ශනයය. ඇය එහි ප්‍රධාන චූදිතය. නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත විමර්ශනය ආරම්භ වී ඇත. මෙතෙක් ඇයට චෝදනා ගොනු කර නැත. විමර්ශනය යටතේ ඇති කරුණු අතර:

• ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ළමා රෝහලට (ලේඩි රිජ්වේ) PET ස්කෑනරයක් සඳහා ලබාදුන් මුදල් අදාළ අරමුණට යොදා නොගත් බවට සැකය.

• රේගු බදු සහන යටතේ ආනයනය කළ සුඛෝපභෝගී බස් රථ පසුව කාල්ටන් පෙරපාසලට ලබාදීම.

• සුදුවැල්ල මහජන බැංකු ගිණුමේ ගනුදෙනු, අත්සන් හිමියන්ගේ ජාතික හැඳුනුම්පත් අංක සම්බන්ධ සැක, සහ ටොරින්ටන් ඇවනියු නිවසක් මිලදී ගැනීම.

මේවා විමර්ශන චෝදනාය. අත්අඩංගුවට ගැනීමේ බියට සෘජු හේතුව වෙනස්ය.

විමර්ශන සඳහා දැනුම්දීම ලැබූ පසු ඇය රට හැරගොස්, නියමිත දිනට පෙනී නොසිටියාය. ඔක්තෝබර් 5 වනදා Sunday Times, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචියක් උපුටා දක්වමින් කීවේ, දීර්ඝ කළ කාලසීමාව තුළ පෙනී නොසිටියොත් විදේශ ගමන් තහනමක් ඉල්ලන බවත්, එවිට ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට හැකි බවත්ය.

එනම් බිය වූයේ දැනටමත් ඇති වරෙන්තුවකට නොව, පෙනී නොසිටීම නිසා තහනමක් හෝ වරෙන්තුවක් ලබා ගනු ඇති බවට වූ සැකයට ය.

නීතිමය පරිසරය

ශ්‍රී ලංකාවේ අපේක්ෂිත ඇපය 1997 අංක 30 දරන ඇප පනතේ 21 වගන්තියෙන් එයි. ඇප නොලැබෙන වරදක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගනු ඇතැයි විශ්වාස කිරීමට හේතුවක් ඇති පුද්ගලයෙකුට, අත්අඩංගුවට ගැනීමට පෙර, මහාධිකරණයෙන් හෝ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපේක්ෂිත ඇප නියෝගයක් ඉල්ලිය හැකිය. නියෝගය ලැබුණොත්, පසුව සිදුකරන අත්අඩංගුවට ගැනීමේ දී එම කොන්දේසි යටතේ ඇප මත මුදාහැරිය යුතුය (23 වගන්තිය).

මෙය සාමාන්‍ය අයිතියක් නොවේ. සුවිශේෂී අවස්ථාවල භාවිත කරනු ලබන අධිකරණයේ විවේචනාත්මක බලයකි. විමර්ශනයට හානි වේ යැයි මහේස්ත්‍රාත් සිතුවොත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හැකිය. අපේක්ෂිත ඇප අයැදුම ගොනු කිරීමෙන් පමණක් අත්අඩංගුව නතර නොවේ. ඇප නියෝගය ලැබෙන තුරු පොලිසියට ප්‍රශ්න කළ හැකි අතර, වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමද කළ හැකිය (25 වගන්තිය).

ශිරන්ති රාජපක්ෂට ප්‍රකාශයක් සදහා දැනුම්දීම වරෙන්තුවක් නොවේ. නමුත් එම දැනුම්දීමට අනුව පෙනී නොසිටීමෙන් පසු පොලිසියට අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් හෝ වරෙන්තුවක් ඉල්ලිය හැකිය. මූල්‍ය අපරාධ විමර්ශනයක සැකකරුවෙකු දැනුම්දීමෙන් පසු රට හැරගොස් නියමිත දිනට නොආවොත්, සාධාරණ හේතු ඇතැයි පොලිසිය සිතුවොත් අත්අඩංගුවට ගැනීමේ නීතිමය මාර්ගය විවෘතය. ශිරන්ති රාජපක්ෂ ඇප අදයදුමක් ඉල්ලා සිටින්නට පදනම් නෛතික පසුබිම එයය.

අද මෙම නඩුව කැඳවනු ඇත. එම කැඳවීමේදී මහේස්ත්‍රාත්ට ඇප දීම, ප්‍රතික්ෂේප කිරීම, හෝ කොන්දේසි සහිතව කල් තැබීම කළ හැකිය. ඇප ලැබුණත් FCID විමර්ශනයේ දී ඇයට සිදුකරන කැඳවීම් සහ ඉදිරි විමර්ශන කටයුතුවලින් ඇය නිදහස් නොවේ. ඇපය අත්අඩංගුවෙන් ආරක්ෂාවක් පමණි. විමර්ශනය, චෝදනා, සහ නඩුව වෙනම ඉදිරියට ගමන් කරනු ඇත.