මහින්ද කහඳගම අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට...
ඔක්තෝබර් 5 වනදා රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසලදී සිදු වූ මෙම අත්අඩංගුවට ගැනීම පොලීසිය තහවුරු කර ඇති අතර, ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද විමර්ශන අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇත.
LSN Sri Lanka ·

කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම, අයිස් (ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමීන්) මත්ද්‍රව්‍ය සමග කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔක්තෝබර් 5 වනදා රාත්‍රියේ මිරිහාන ප්‍රදේශයේ අවන්හලක් අසලදී සිදු වූ මෙම අත්අඩංගුවට ගැනීම පොලීසිය තහවුරු කර ඇති අතර, ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද විමර්ශන අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මහින්ද කහඳගම කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති බවට සැකයක් ඇති බවය. එම ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයෙකු ද අයිස් තොගයක් සමග එම කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මෙම වැටලීම කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂවරයාට ලැබුණු තොරතුරු මත පුළුල් විමර්ශනයකින් පසු සිදු වූ බව විමර්ශන ආරංචි මාර්ග සනාථ කරයි.

කහඳගම කවුරුන්ද

පිටකොටුව පදික වෙළෙඳ ක්ෂේත්‍රයේ සංගම් නායකයෙකු ලෙස මෙන්ම ස්වයං රැකියා ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම් නායකයෙක් ලෙස ඔහු කොළඹ නගර සභා දේශපාලනයට පිවිසියේය.

එවකට රටේ ජනාධිපතිවරයාගේ කිට්ටු ආධාරකරුවෙකුගේ භූමිකාව ඔහු විසින් නිරූපණය කළේය. මහින්ද රාජපක්ෂ ගේ මෙන්ම මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුවේ ද ඔහු කැපී පෙනුනේය. ලෝකය හිනැස්සූ සිද්ධියක් යහපාලන ආණ්ඩු සමයේ දී සිදුවිය.

2017 ඔක්තෝබර් 14–22 අතර රුසියාවේ සෝචි හි 19 වන ලෝක තරුණ හා ශිෂ්‍ය උළෙල (World Festival of Youth and Students) පැවැත්විණි. එය සමාජවාදී තරුණ සංවිධානවල ලෝක සම්මේලනය (WFDY) සමඟ බැඳුණු ජාත්‍යන්තර තරුණ උළෙලයි. එම තරුණ සමුළුවට සහභාගී වූ රාජ්‍ය කණ්ඩායමේ 60 දෙනා අතර ඒ වනවිට 65 හැවිරිදි මහින්ද කහඳගම විය.

මහින්ද කහඳගම 2018 පළාත් පාලන මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කළ කොළඹ මහ නගර සභා නාගරික මන්ත්‍රීවරයෙකි. ඔහු පොහොට්ටුවේ කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ සහ සේවක සංගමයේ සභාපති ලෙස ද කටයුතු කළේය.

ඔහු රට පුරා ප්‍රසිද්ධියට පත් වූයේ 2022 මැයි 9 දා ගොල්ෆේස් අරගලයට පහරදීමට පැමිණි පුද්ගලයින්ගෙන් කෙනෙක් ලෙස ඔහු රට පුරා ප්‍රසිද්ධ විය.

ඔහු 2024 ජූලි 3 වනදා ඔහු එක්සත් ජාතික පක්ෂයට එක් වූ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් මැද කොළඹ ආසනයේ කලාප සංවිධායකවරයෙකු ලෙස පත්විම් ලැබුවේය.