LSN News › Sri Lanka

Politics · Sri Lanka Bureau

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය සිකුරාදා පාර්ලිමේන්තුවට ...

සිකුරාදා ගෙන එන කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ඊලඟ සතියේම විවාදයට දින නියම කරන ලෙස ආණ්ඩු පක්ෂය අද කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

LSN Sri Lanka · 6 October 2026

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය සිකුරාදා පාර්ලිමේන්තුවට ...

කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

</p>

<p>

නීතියේ ක්‍රියාකාරීත්වය ප්‍රමාදවීම සම්බන්ධව සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම ප්‍රමාද කිරීමෙන් සිය වරප්‍රසාද කඩ වූ දන්වා පාර්ලිමේන්තුවට විහේෂ ප්‍රකාශයක් කරමින් අජිත් පී පෙරේරා පැවසුවේ කරුණු රැසක් සම්බන්ධව විස්තරාත්මක පැහැදිලි කිරීමක් සහිතව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය ගෙන එන බවය.

</p>

<p>

ආණ්ඩු පක්ෂය ඒ අවස්ථාවේ දී කථානායකවරයාට යෝජනා කළේ ඒ විශ්වාසභංගය විවාදයට ගැනීම සඳහා ඉන් පසු සතියේම දින නියම කරන ලෙසය.

</p>

<p>

පසුගිය දා පැවති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී චෝදනා 49ක් සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව මෙම විශ්වාසභංගය රැගෙන ඒමට තීරණය කර තිබිණි.

</p>

<p>

මේ වනවි සකස් කර ඇති එම විශ්වාසභංගයට අත්සන් එකතු කිරීම අද දිනයේ දී ආරම්භ කිරීමට නියමිතව ඇති බව සමගි ජන බලවේග ආරංචි මාර්ග පැවසුවේය.