ඤාණසාර හිමියන් ජම්පරයට බැස්සීම... රටේ නීතිය ප්‍රශ්න කරන සංඝ සභාවේ විනය නීතිය....
සිවුර ඉවත් කිරීමේ ශාසනික අයිතිය අදාළ සංඝ සභාව සතු බව සංඝ සභාව පැහැදිලි කර ඇත. නමුත්, බන්ධනාගාර බලධාරීන් පෙන්වා දී ඇත්තේ එම විනය තීරණය රටේ බන්ධනාගාර නීතියේ කොටසක් නොවන බවය.
LSN Sri Lanka ·

ගලගොඩඅත්තේ ඤාණසාර හිමි අද (06) අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. ඊයේ චීවරය සහිතව බන්ධනාගාරයට ගිය ඤාණසාර හිමි අද පැමිණියේ සිවිල් සිරකරු ඇඳුමකිනි. ඔහුගේ චීවරය ඉවත් කර තිබිණි.

මේ වනවිට චීවරය ඉවත් කිරීම සම්බන්ධව සංවාදයක් ඇති වී තිබේ. ඒ සංවාදය ඇතිවන්නේ බන්ධනාගාර ආඥාපනත අනුව රටේ සිවිල් නීතියේ වගන්ති සහ ශාසනික සම්ප්‍රදායේ නියමන් අතරය.

සංඝ සභාවේ ඉල්ලීම

අද (06)උදේ බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත එවන ලද ලිඛිත සංදේශයක් මගින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් නොකරන ලෙසත්, උන්වහන්සේ චීවරයෙන්ම පෙනී සිටීමට ඉඩ දෙන ලෙසත් ඉල්ලා සිටියහ.
එම ලිපියේ පිටපත් ජනාධිපති ලේකම් කාර්යාලයට සහ බුද්ධශාසන අමාත්‍යාංශයට ද යවා තිබිණි.

ලිපියේ සඳහන් වන්නේ ගලගොඩඅත්තේ ඥානසාර ජ්‍යෙෂ්ඨ හිමියන් මහාවිහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව යටතේ සිටින හිමිනමක් බවය. උන්වහන්සේ සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුවකට හෝ දඬුවමකට සංඝ සභාව විරුද්ධත්වයක් හෝ අදහසක් දක්වන්නේ නැති බවත්, අධිකරණයේ උත්තරීතරභාවය පිළිගන්නා බවත් රාහුල අනුනායක හිමියෝ පවසති.

එහෙත් චීවරය පෙරවීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් පූර්ණ අයිතිය ඇත්තේ අදාළ හිමිනමට සහ උන්වහන්සේ අයත් මහා සංඝ සභාවට පමණක් බව ලිපියේ අවධාරණය කර ඇත.

එය අදාළ නිකායේ මහානායක හිමියන්ගේ හෝ මහා සංඝ සභාවේ අනුමැතියෙන් සිදුවිය යුතු බව ද ලිපියේ සඳහන්ය.
ශාසනික නීතියට සහ සම්ප්‍රදායට අනුව, සිවුරු පෙරවා සිටින හිමිනමක් බන්ධනාගාරගත වූ විට මෙන්ම පිටතට රැගෙන යන විට ද චීවරයෙන් සිටීමට ඉඩ දිය යුතු බව අනුනායක හිමියෝ පෙන්වා දී ඇත්තාහ. එම පිළිගත් පිළිවෙත නොසලකා හැරීමෙන් බෞද්ධ ශාසනයට වැරදි පූර්වාදර්ශයක් ඇති විය හැකි බවට ද උන්වහන්සේ අවවාද කර ඇත.

විනය පිටකයට අනුව ඥානසාර හිමියන් පාරාජිකා වී ඇති බවට හෝ සිවුර ඉවත් කිරීමට තරම් බරපතළ වෙනත් ශාසනික හේතුවක් ඇති බවට කිසිදු වාර්තාවක් සංඝ සභාවට ලැබී නොමැති බව ලිපියේ කියැවේ. විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ඉවත් කරන්නද, තබා ගන්නද යන්න තීරණය කිරීම අදාළ සංඝ සභාවේ වගකීම බව ද එහි සඳහන්ය.

ඒ අනුව උන්වහන්සේගේ සිවුර ඉවත් නොකරන ලෙසත්, රැගෙන යන අවස්ථාවලදී ද චීවරයෙන් සිටීමට ඉඩ දෙන ලෙසත් රාහුල අනුනායක හිමියෝ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත.

රටේ නීතිය කුමක් ද?

බන්ධනාගාර ආඥාපනත (Prisons Ordinance) යටතේ වරදකරුවකු ලෙස සිරගත වූ පුද්ගලයකුගේ ඇඳුම තීරණය වන්නේ භික්ෂුවක් ද ගිහියකු ද යන්න අනුව නොවේ. ආඥාපනතේ භික්ෂූන්, චීවරය හෝ ආගමික ඇඳුම් පිළිබඳ වෙනම වගන්තියක් නැත.

• එම ආඥා පනතේ 61 වගන්තියට අනුව, තමන්ට ප්‍රමාණවත් ඇඳුම් සහ ඇඳ ඇතිරිලි සපයා ගත නොහැකි සිවිල් සිරකරුවකුට අවශ්‍ය ඇඳුම් බන්ධනාගාර අධිකාරීවරයා විසින් සැපයිය යුතුය.

• 62 වගන්තියට අනුව, එක් එක් සිරකරුවාට හෝ සිරකරු කාණ්ඩයකට ලබා දෙන ආහාර, ඇඳුම් සහ ඇඳ ඇතිරිලි, 59, 60 සහ 61 වගන්තිවලට හානියක් නොවන ලෙස, 94 වගන්තිය යටතේ සාදන රීතිවලට අනුකූල විය යුතුය.

• 94 වගන්තිය අමාත්‍යවරයාට බන්ධනාගාර රීති සෑදීමේ බලය ලබා දෙයි. ඒ රීති යටතේ වරදකරුවකුට නියමිත සිර ඇඳුම, එනම් ජම්පරය, පැළඳවීම සහ සිරකරු අංකයක් ලබා දීම සිදු වේ.

2018දී මෙම දඬුවම මුලින්ම ක්‍රියාත්මක කළ අවස්ථාවේදී එවකට අධිකරණ අමාත්‍යවරිය කෝට්ටේ සංඝ සභාවට දැනුම් දුන්නේ ආඥාපනතේ 106 වගන්තිය යටතේ ඥානසාර හිමියන් අනෙක් සිරකරුවන් මෙන් සැලකිය යුතු බවය. ඒ අනුව නියමිත සිර ඇඳුම ලබා දිය යුතු බවය.
බන්ධනාගාරයෙන් පිටතට, විශේෂයෙන් අධිකරණයට, රැගෙන යන විට ජම්පරය වෙනුවට සුදු කමිසයක් සහ සරමක් වැනි සාමාන්‍ය ඇඳුමක් ලබා දීම ද එම රීති යටතේ පවතින භාවිතයකි.

සිවුර ඉවත් කිරීමේ ශාසනික අයිතිය අදාළ සංඝ සභාව සතු බව සංඝ සභාව පැහැදිලි කර ඇත. නමුත්, බන්ධනාගාර බලධාරීන් පෙන්වා දී ඇත්තේ එම විනය තීරණය රටේ බන්ධනාගාර නීතියේ කොටසක් නොවන බවය.

ඒ නිසා අධිකරණයක් වරදකරු කර සිරදඬුවම ක්‍රියාත්මක කළ පසු, චීවරය ඉවත් කර ජම්පරය ලබා දීම භික්ෂුවකට වෙන්වූ නීතියකින් නොව, සියලු වරදකරුවන්ට අදාළ බන්ධනාගාර ආඥාපනතේ 61, 62 සහ 94 වගන්ති මත පදනම් වූ රීති යටතේ සිදු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග අවධාරණය කර තිබේ.