LSN News › Sri Lanka

Business · Sri Lanka Bureau

ආර්ථිකය අර්බුදයට පෙර තත්ත්වයට රට ආවත් ජනතාවට තවමත් ප්‍රතිලාභ නෑ! ලෝක බැංකුවේ නවතම වාර්තාව කියයි!

ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු සමූහයේ නිත්‍ය නියෝජිත ගෙවෝර්ග් සර්ග්සියන් (Gevorg Sargsyan) සඳහන් කළේ, අභියෝගාත්මක ගෝලීය පරිසරයක් හමුවේ වුවද ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කිරීම මෙරට ජනතාවගේ කැපවීම සහ රජයේ නිවැරදි ගමන් මග තහවුරු කරන්නක් බවය. නමුත් මෙය අවසානය නොව ආරම්භයක් පමණක් බවත්, ආර්ථිකය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කරමින් නව රැකියා උත්පාදනය සඳහා මෙම ගම්‍යතාව යොදාගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

LSN Sri Lanka · 6 October 2026

ආර්ථිකය අර්බුදයට පෙර තත්ත්වයට රට ආවත් ජනතාවට තවමත් ප්‍රතිලාභ නෑ! ලෝක බැංකුවේ නවතම වාර්තාව කියයි!

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවැති මට්ටමට නැවත පැමිණ තිබුණද, එම වර්ධනයේ ප්‍රතිලාභ ජනතාව වෙත ගලා යාම තවමත් අසමාන මට්ටමක පවතින බව ලෝක බැංකුව විසින් අද නිකුත් කළ විශේෂ වාර්තාවක සඳහන් වේ.

‘ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ සිට පරිවර්තනය දක්වා’ (From Recovery to Transformation) ලෙස නම් කර තිබුණු මෙම නවතම ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාව අද (06) නිකුත් වී තිබුණේය.

පසුගිය අප්‍රේල් මාසයේදී 2026 වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 3.6 ක් වනු ඇතැයි පුරෝකථනය කර තිබුණද, නව වාර්තාවට අනුව එම වර්ධන වේගය සියයට 4.4 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, අර්බුදයෙන් පසු ඇති වූ මෙම ක්ෂණික පිබිදීම මන්දගාමී වීම සහ ඵලදායිතාව අඩු මට්ටමක පැවතීම හේතුවෙන් 2027 වන විට මෙම වර්ධනය සියයට 4.2 දක්වා පහත වැටෙනු ඇතැයි ද ලෝක බැංකුව සඳහන් කරයි.

2026 වසරේ පළමු භාගයේදී ශ්‍රී ලංකාවේ තාත්වික දළ දේශීය නිෂ්පාදිතය (Real GDP) සියයට 4.7 කින් ඉහළ ගොස් ඇති අතර, මෙය අඛණ්ඩව ආර්ථිකය වර්ධනය වූ 12 වන කාර්තුව වේ. මේ අනුව මෙරට ආර්ථික නිමැවුම නැවතත් 2018 වසරේ පැවැති මට්ටමට ළඟා වී තිබේ. දිත්වා සුළි කුණාටුවෙන් පසු සිදු වූ නැවත ගොඩනැගීමේ කටයුතු ද හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රය සියයට 7.2 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා ගනිමින් මෙම ඉදිරිගමනට මූලිකත්වයගෙන තිබිණි. සේවා ක්ෂේත්‍රය සියයට 3.1 කින් වර්ධනය වී ඇති අතර, කෘෂිකාර්මික ක්ෂේත්‍රය සියයට 0.6 ක සංකෝචනයක් (පසුබෑමක්) පෙන්නුම් කරන බව එම වාර්තාව දක්වයි.

එහෙත් ලෝක බැංකුව පෙන්වා දෙන්නේ මෙම ආර්ථික වර්ධනයේ යහපත් ප්‍රතිඵල සාමාන්‍ය ජනතාව වෙත සමානව ගලා ගොස් නොමැති බවය. ජනතාවගේ ආදායම් සහ රැකියා උත්පාදනය තවමත් සමස්ත ආර්ථික වර්ධනයට වඩා පසුපසින් සිටින බව ද ඔවුන් සඳහන් කරයි. දිළිඳුකම තවමත් අර්බුදයට පෙර පැවැති මට්ටමට වඩා ඉහළ අගයක, එනම් සියයට 16.9 ක පවතීන බව එම වාර්තාවේ දැක්වේ.

ඊට අනුව ආහාර සහ බලශක්ති මිල ගණන් ඉහළ යාම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් තිබේ. 2026 වසරේදී එය සියයට 5.7 ක් ලෙස සටහන් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. කෙසේ වෙතත්, 2028 වන විට උද්ධමනය සියයට 5 ක ඉලක්කගත මට්ටම දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරට රාජ්‍ය මුදල් පරිපාලනය සහ රාජ්‍ය අයවැයේ ප්‍රාථමික අතිරික්තය සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය මූල්‍ය කාර්යසාධනය ශක්තිමත් මට්ටමක පවතී.

ලෝක බැංකු ප්‍රධානීන් කියන්නේ කුමක් ද?

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු සමූහයේ නිත්‍ය නියෝජිත ගෙවෝර්ග් සර්ග්සියන් (Gevorg Sargsyan) සඳහන් කළේ, අභියෝගාත්මක ගෝලීය පරිසරයක් හමුවේ වුවද ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කිරීම මෙරට ජනතාවගේ කැපවීම සහ රජයේ නිවැරදි ගමන් මග තහවුරු කරන්නක් බවය. නමුත් මෙය අවසානය නොව ආරම්භයක් පමණක් බවත්, ආර්ථිකය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කරමින් නව රැකියා උත්පාදනය සඳහා මෙම ගම්‍යතාව යොදාගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

මැද පෙරදිග පවතින ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ඇති වී තිබෙන බාධාවන් හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළේ ඇති විය හැකි අස්ථාවරත්වය මෙන්ම, ඉදිරියේදී ඇති විය හැකි එල් නිනෝ (El Niño) කාලගුණික තත්ත්වය මගින් මෙරට ඵලදායිතාවයට සහ ආහාර සුරක්ෂිතතාවයට සිදුවිය හැකි බලපෑම් ඉදිරි ආර්ථික ගමනට තර්ජනයක් විය හැකි බවට ද ලෝක බැංකු වාර්තාව අනතුරු අඟවයි.

ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ සිට සම්පූර්ණ පරිවර්තනයක් කරා ගෙනයාම සඳහා ආර්ථිකයේ ප්‍රධාන ජවය රාජ්‍ය වියදම්වල සිට පෞද්ගලික ආයෝජන, අපනයන සහ ඵලදායිතාව ඉහළ නැංවීම දක්වා වෙනස් කළ යුතු බව වාර්තාව පෙන්වා දෙයි. ඒ සඳහා වඩා හොඳ යටිතල පහසුකම් සහ ස්ථාවර ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බව එහි දැක්වේ.

මෙම වාර්තාවේ විශේෂ අවධානය යොමු කර ඇත්තේ කෘෂි-ව්‍යාපාරික (Agribusiness) ක්ෂේත්‍රය කෙරෙහිය. මූලික කෘෂිකර්මාන්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8 ක් පමණක් වුවද, සකස් කිරීම්, සැපයුම් ජාල, වෙළඳාම සහ ආහාර සේවා ඇතුළත් සමස්ත කෘෂි-ආහාර පද්ධතිය මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් හයෙන් එකකට සහ මුළු රැකියාවලින් සියයට 40 කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන බව වාර්තාව පෙන්වා දෙයි. තේ, පොල්, කුරුඳු, සාගර නිෂ්පාදන සහ රබර් මූලික කරගනිමින් මෙරට භාණ්ඩ අපනයනයෙන් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන්නේ ද මෙම ක්ෂේත්‍රයයි.

වෙළඳ, ඉඩම්, මූල්‍ය සහ යටිතල පහසුකම් ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ සිදුකිරීම මෙන්ම අකාර්යක්ෂම සහන වෙනුවට පර්යේෂණ, කාලගුණික අභියෝගවලට මුහුණ දිය හැකි නවීන තාක්ෂණය සහ ශීතකරණ ගබඩා පහසුකම් (Cold Chains) සපයා දීම තුළින්, විශේෂයෙන්ම කුඩා පරිමාණ ගොවීන් සවිබල ගන්වමින් වැඩි පෞද්ගලික ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇති බව ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.