LSN News › Sri Lanka

තෙල් පෝලිම්වලට හේතුව රජය කියයි... පුද්ගලික සමාගම් ලාභ බලාගෙන කරන වැඩෙන් මිනිස්සු කඩේ යන හැටි!

ස්වකීය ලාභය අවම කරගැනීමට සූදානම් නොවූ තෙල් සමාගම් ගියවරත් තමන්ට ලැබෙන සහනාධාරය අඩු බව ප්‍රකාශ කළ ආකාරය ඇමතිවරයා හෙළි කළේය. එමෙන් 2025 ජනවාරි මස වනවිට තෙල් සංස්ථාව ඩීසල් වෙළෙඳපලේ සියයට 55ක ප්‍රමාණයක් වෙළෙඳාම් කරමින් සිටි බවත් මේ වනවිට එම ප්‍රමාණය සියයට 76 දක්වා වැඩි වී ඇති බවත් පෙන්වා දුන්නේය.

LSN Sri Lanka · 6 October 2026

තෙල් පෝලිම්වලට හේතුව රජය කියයි... පුද්ගලික සමාගම් ලාභ බලාගෙන කරන වැඩෙන් මිනිස්සු කඩේ යන හැටි!

මේ වනවිට පෙට්‍රල් හිඟයක් සම්බන්ධව අදහසක් ඇතිකරන ආකාරයේ පෝලිම් ඇති වී තිබෙන්නේ මේ වෙළෙඳපලේ සිටින පුද්ගලික ආයතන ස්වකීය පාඩුව අවම කරගැනීම වෙනුවෙන් අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය වෙළෙඳපලට නිකුත් නොකරන නිසා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දි ඇමතිවරයා ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපලේ තෙල් මිල වැඩිවන අවස්ථාවලදී එම මිල මුලුමනින්ම පාරිභෝගිකයා වෙත ලබා නොදී කොටසක් රජය විසින් සහ තවත් කොටසක් තෙල් සමාගම් විසින් දරා ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ බවය.

එහෙත් ලෝක වෙළෙඳපලේ තෙල් මිල වැඩිවන සෑම අවස්ථාවකම වෙළෙඳපලට නිකුත් වූ ඉන්ධන ප්‍රතිශතාත්මකව ගණනය කළ විට පුද්ගලික සමාගම් පාර්ශවයෙන් අඩු වූ බව ඇමතිවරයා කීවේය.

ස්වකීය ලාභය අවම කරගැනීමට සූදානම් නොවූ තෙල් සමාගම් ගියවරත් තමන්ට ලැබෙන සහනාධාරය අඩු බව ප්‍රකාශ කළ ආකාරය ඇමතිවරයා හෙළි කළේය. එමෙන් 2025 ජනවාරි මස වනවිට තෙල් සංස්ථාව ඩීසල් වෙළෙඳපලේ සියයට 55ක ප්‍රමාණයක් වෙළෙඳාම් කරමින් සිටි බවත් මේ වනවිට එම ප්‍රමාණය සියයට 76 දක්වා වැඩි වී ඇති බවත් පෙන්වා දුන්නේය.

ඊට සාපේක්ෂව ලංකා අයි.ඕ.සී සමාගම සියයට 21 සිට සියය 12 දක්වා එම කාල පරාසය තුළ ඉන්ධන අලෙවිය හකුලාගෙන ඇති බවත් ඇමතිවරයා හෙලි කළේය.

“ලෝක වෙළෙඳපලේ තෙල් මිල වැඩි වනවිට නිකුත් කරන ප්‍රමාණය අඩු වෙනවා. මෙවර වෙලා තියෙනනේ ඒකයි. මේ තත්ත්වය අපි කළමනාකරණය කරගන්නවා.

ප්‍රධාන ස්ථාන 5ක් තියනවා තෙල් සංස්ථාවේ පිරවුම්හල් නොමැති. අප ඒ අවට තිබෙන ඉන්ධන සංස්ථාවේ පිරවුම්හල්වලට වැඩිය තෙල් ප්‍රමාණයක් ලබා දෙනවා. “

“තෙල් සමාගම්වලට කියන්නෙක් ලාබය ගැන හිතමින් නොසිට ජනතාව ගැන සිතලා තෙල් සපයන්න.“ ඇමතිවරයා පැවසුවේය.