LSN News › Sri Lanka

කෙරවලපිටිය - කොළඹ වරාය භූගත කේබල් ව්‍යාපෘතියට විශේෂ ව්‍යාපෘති තත්ත්වය: බදු සහන ලබාදීමට කැබිනට් අනුමැතිය!

මෙම ව්‍යාපෘතිය සතු උපක්‍රමික වැදගත්කම සැලකිල්ලට ගනිමින්, එකතු කළ අගය මත බදු, රේගු ආනයන බදු ඇතුළු අදාළ සියලු අයබදු සහ තීරුබදු ගෙවීමෙන් නිදහස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට තීරණය කර තිබේ.

LSN Sri Lanka · 6 October 2026

කෙරවලපිටිය - කොළඹ වරාය භූගත කේබල් ව්‍යාපෘතියට විශේෂ ව්‍යාපෘති තත්ත්වය: බදු සහන ලබාදීමට කැබිනට් අනුමැතිය!

කෙරවලපිටියේ සිට කොළඹ වරාය දක්වා ක්‍රියාත්මක කෙරෙන දෙවන කිලෝවෝල්ට් 220 භූගත කේබල් ව්‍යාපෘතිය සඳහා 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු (VAT) පනත යටතේ සියලුම බදු ගෙවීම්වලින් නිදහස් විශේෂ ව්‍යාපෘති තත්ත්වය පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව තහවුරු කළේය.

මෙරට දිගුකාලීන විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්මට අනුකූලව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ (AIIB) අරමුදල් ආධාර යටතේ සිදුකෙරේ.

විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව තෝරාගන්නා ලද M/s Consortium of Jiangsu ETERN Co. Ltd. (චීනය) සහ LS Cable & System Limited (දකුණු කොරියාව) යන හවුල්කාර කොන්ත්‍රාත්කාර සමාගම වෙත මෙම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව එවකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පිරිනමා තිබිණි.

දැනට ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගමක් ලෙස ක්‍රියාත්මක වන නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පැවරී ඇත.

මෙම ව්‍යාපෘතිය සතු උපක්‍රමික වැදගත්කම සැලකිල්ලට ගනිමින්, එකතු කළ අගය මත බදු, රේගු ආනයන බදු ඇතුළු අදාළ සියලු අයබදු සහ තීරුබදු ගෙවීමෙන් නිදහස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීමට තීරණය කර තිබේ. ඒ අනුව 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන ප්‍රකාරව මෙම ව්‍යාපෘතිය ‘විශේෂ ව්‍යාපෘතියක්’ ලෙස නම් කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.