LSN News › Sri Lanka

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට කැබිනට් අනුමැතිය!

රැකියා, අධ්‍යාපන, මාධ්‍ය කටයුතු හෝ වෙනත් පූර්ව අනුමැතියක් අවශ්‍ය වන විශේෂ කටයුතු සඳහා මෙම වීසා නිදහස් කිරීම අදාළ නොවන අතර, ඒ සඳහා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පූර්ව වීසා ලබාගත යුතුය.

LSN Sri Lanka · 6 October 2026

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට කැබිනට් අනුමැතිය!

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ද්විපාර්ශ්වික මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරටේ පුරවැසියන්ගේ සංචාරක කටයුතු පහසු කිරීම සඳහා, සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට වීසා නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අද (06) මේ බව ප්‍රකාශ කළේය.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමඟ වලංගු සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් හිමි දෙරටේම පුරවැසියන්ට පූර්ව වීසා බලපත්‍රයකින් තොරව රට තුළට ඇතුළු වීමට, පිටවීමට සහ සංක්‍රමණය වීමට අවස්ථාව සැලසේ.

ගිවිසුමට අදාළ ප්‍රධාන කොන්දේසි සහ පහසුකම්:

නැරඹුම් කාල සීමාව: දින 180ක කාලයක් ඇතුළත, එක් වරකට උපරිම දින 30ක කාලයක් සඳහා පූර්ව වීසා නොමැතිව සංචාරය කළ හැක.

සමුච්චිත කාල සීමාව: එකී දින 180 තුළ සමුච්චිතව (එකතුවක් ලෙස) උපරිම දින 90ක් දක්වා රැඳී සිටීමට අවසර හිමිවේ.

අදාළවන කටයුතු: සාමාන්‍ය සංචාරක කටයුතු සඳහා පමණක් මෙය බලපැවැත්වේ.

ව්‍යතිරේක (අදාළ නොවන අවස්ථා): රැකියා, අධ්‍යාපන, මාධ්‍ය කටයුතු හෝ වෙනත් පූර්ව අනුමැතියක් අවශ්‍ය වන විශේෂ කටයුතු සඳහා මෙම වීසා නිදහස් කිරීම අදාළ නොවන අතර, ඒ සඳහා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පූර්ව වීසා ලබාගත යුතුය.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.