LSN News › Sri Lanka

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය වේගයෙන් ඉදිරියට...

දිවයිනේ සියලුම අධිකරණ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන 'e-court' ව්‍යාපෘතිය සඳහා 2025 දෙසැම්බර් 15 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුලින්ම අනුමැතිය ලබා දී තිබිණි. එම ව්‍යාපෘතියේ මූලික පියවර ලෙස නඩු ගොනු කළමනාකරණය සඳහා මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ සහ මහාධිකරණ වෙත අවශ්‍ය ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කිරීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.

LSN Sri Lanka · 6 October 2026

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය වේගයෙන් ඉදිරියට...

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය නිල සන්නිවේදන තාක්ෂණික පහසුකම් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළේය.

ඒ අනුව, රාජ්‍ය නිල තොරතුරු ද්වාරය (gov.lk) යටතේ දිවයින පුරා පිහිටි අධිකරණ 350ක් සඳහා courts.gov.lk නිල නාමය සහිතව ප්‍රථම අදියරේදී නිල විද්‍යුත් තැපැල් (ඊමේල්) ගිණුම් 1,050ක් ලබා දීමට නියමිතය.

මෙම විද්‍යුත් තැපැල් පද්ධතියටම අන්තර්ගත වන පරිදි, කථනය ලේඛනය බවට පත්කිරීමේ තාක්ෂණය (Voice-to-Text) සහ වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම් ද ස්ථාපනය කෙරේ. දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් භාවිත කරනු ලබන විද්‍යුත් තැපැල් පද්ධතිය හරහා මෙම යෝජිත ඊමේල් ගිණුම් 1,050 සඳහා සත්කාරක පහසුකම් (Hosting facilities) සැපයීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

දිවයිනේ සියලුම අධිකරණ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන 'e-court' ව්‍යාපෘතිය සඳහා 2025 දෙසැම්බර් 15 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුලින්ම අනුමැතිය ලබා දී තිබිණි. එම ව්‍යාපෘතියේ මූලික පියවර ලෙස නඩු ගොනු කළමනාකරණය සඳහා මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ සහ මහාධිකරණ වෙත අවශ්‍ය ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කිරීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.

එම තාක්ෂණික වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා අධිකරණ පද්ධතියේ සියලුම මට්ටම්වල නිලධාරීන්ට නිල විද්‍යුත් තැපැල් පහසුකම ලබා දීම මූලික අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන තිබේ.

එසේම, අධිකරණවල දැනට පවතින ලඝු ලේඛක (Stenographers) හිඟයට විසඳුමක් ලෙස, නඩු විභාග අතරතුර කියැවෙන වාචික ප්‍රකාශ ඒ මොහොතේදීම ලේඛනගත කිරීමට හැකි වන පරිදි Voice-to-Text තාක්ෂණික පහසුකම භාවිත කිරීමට පියවර ගෙන ඇත.

තවද, 2025 අංක 7 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත සහ 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධානවලට අනුකූලව, මාර්ගගත (Online) ක්‍රමයට නඩු විභාග පැවැත්වීම සඳහා සියලුම අධිකරණ වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම්වලින් සන්නද්ධ කිරීම මෙමඟින් සිදු කෙරෙනු ඇත.