LSN News › Sri Lanka

ක්‍රිෂ් නඩුව: අද අධිකරණයේ දී හෙළි වූ කරුණු මොනවා ද?

නීති අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ, සම්පත් බැංකුවේ සුපිරි ශාඛාවේ පිහිටි සිලෝන් ප්‍රිමියර් ස්පෝට්ස් ආයතනයේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී ක්‍රිෂ් සමාගම ලබා දුන් රුපියල් මිලියන 70ක මුදල එම ගිණුමට බැර වී නොමැති බව හෙළි වූ බවය.

LSN Sri Lanka · 6 October 2026

ක්‍රිෂ් නඩුව:  අද අධිකරණයේ දී හෙළි වූ කරුණු මොනවා ද?

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ අද ක්‍රිෂ් නඩුව කැඳවිනි. , අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය හා සැකකරුවන්ගේ නීතිඥවරු කරුණු ඉදිරිපත් කළහ. අවසානයේ දි සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන යන සැක කරුවන් ලබන 16 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව ද නියෝගයේ සඳහන් විය.

මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂ අමා විජේසිංහ කරුණු දක්වමින්, සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගති වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළාය. ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් සමාගමේ ගණකාධිකාරිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත්, 2012 වසරේ සැප්තැම්බර් මාසයේදී අදාළ සමාගමේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව නිමල් පෙරේරා නමැත්තාට ගෙවීමක් සිදුකර ඇති බව එම ප්‍රකාශයෙන් පැහැදිලි වන බවත් ඇය සඳහන් කළාය.

අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත අදාළ මුදල් නිමල් පෙරේරාගේ ගිණුමට බැර කර තිබුණද, ඔහු එම සමාගමට කිසිදු සේවාවක් සපයා නොමැති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වැඩිදුරටත් කරුණු දක්වමින් සහකාර නීති අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළේ, සම්පත් බැංකුවේ සුපිරි ශාඛාවේ පිහිටි සිලෝන් ප්‍රිමියර් ස්පෝට්ස් ආයතනයේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමේදී ක්‍රිෂ් සමාගම ලබා දුන් රුපියල් මිලියන 70ක මුදල එම ගිණුමට බැර වී නොමැති බව හෙළි වූ බවය.

සිලෝන් ප්‍රිමියර් ස්පෝට්ස් ආයතනය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබුණද එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ නිමල් පෙරේරා බවත්, සැකකාර නාමල් රාජපක්ෂ එහි කිසිදු ධූරයක් දරා නොමැති බවත් ඇය පැවසුවාය. එසේම කාල්ටන් සුපර් සෙවන් තරගාවලිය සඳහා ක්‍රිෂ් සමාගමෙන් අනුග්‍රහයක් ලබා දී නොමැති බවද අනාවරණය වූයේය.

නඩුවේ සැකකරුවන් වන ක්‍රිෂ් සමාගමේ හිටපු ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන් වන අමිත් කට්ටියාර් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අයට ප්‍රකාශ ලබාදීම සඳහා පෙනී සිටින ලෙස ඊමේල් සහ ගුවන් තැපෑලෙන් දැනුම් දුන්නද ඔවුන් පැමිණ නොමැති බැවින්, ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව අල්ලස් කොමිසම දැනුම් දුන්නේය.

ඊට අමතරව, මුදල් ලබාදීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කරමින් 2012 වසරේ දෙසැම්බර් මස 15 වනදා ක්‍රිෂ් සමාගම වෙත යොමු කර තිබූ ලිපියේ සඳහන් පරිදි අදාළ මුදල් රග්බි ක්‍රීඩාව සඳහා යොදවා නොමැති බව හෙළි වී ඇති බැවින්, එම ලිපිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂගේ අත්අකුරු පිළිබඳ විමර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය නියෝග ලබාදෙන ලෙසද සහකාර නීති අධ්‍යක්ෂවරිය ඉල්ලා සිටියාය. දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය ප්‍රකාරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර ඇති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.

සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වමින්, සිය සේවාදායකයාගේ ඇප ඉල්ලීම වෙනුවෙන් ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කරන බව පැවසීය. අදාළ මුදල් ලබාදීම සිදුවී තිබෙන්නේ ගිවිසුමකට අනුව බැවින් එසේ ලබා දුන් මුදලක් අල්ලස් ලෙස සලකන්නේ කෙසේදැයි ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.

සැකකාර අමිත් කට්ටියාර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක කරුණු දක්වමින්, සිය සේවාදායකයාට අගෝස්තු මස 18 වනදා පෙනී සිටින ලෙස කළ දැනුම්දීම ලැබුණේ අගෝස්තු 22 වනදා බවත්, 2016 වසරේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඉන්දියාවට ගොස් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් පැවසීය. අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා ඔහුට රටින් පිටවීමට නොහැකි බැවින් වරෙන්තු නිකුත් නොකරන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ අල්ලස් කොමිසම අද දින අදාළ සැකකරුට වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කර නොමැති බවය. පූර්වයෙන් ඉදිරිපත් කළ මෙවැනි ඉල්ලීමක් ප්‍රමාණවත් කරුණු නොමැති වීම නිසා තමන් ප්‍රතික්ෂේප කළ බවද මහේස්ත්‍රාත්වරයා මතක් කර දුන්නේය.

සැකකරුවන්ගේ ඇප ඉල්ලීම්වලට අදාළ අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන 12 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.