සලේ ජාතික රෝහලෙන් සීඅයිඩී භාරයට...
ඔහු දින 119ක් පමණ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ජූනි 7 වැනිදා රෝහල්ගත කළ සුරේෂ් සලේට රෝහලෙන් පිටව යා හැකි බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දසදෙනකුගෙන් සැදුම්ලත් වෛද්‍ය මණ්ඩලය අද (06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දන්වා සිටියේය.
LSN Sri Lanka ·

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර අද (6) පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට ගනු ලැබීය.
</p>
<p>
ඔහු දින 119ක් පමණ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ජූනි 7 වැනිදා රෝහල්ගත කළ සුරේෂ් සලේට රෝහලෙන් පිටව යා හැකි බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් දසදෙනකුගෙන් සැදුම්ලත් වෛද්‍ය මණ්ඩලය අද (06) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දන්වා සිටියේය.
</p>
<p>
එම වෛද්‍යවරුන්ට අද අධිකරණයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන පසුගිය 2 වැනිදා නොතීසි නිකුත් කර තිබුණි. එම දැනුම්දීමෙන් පසු අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අධිකරණයට දන්වා සිටියේ සුරේෂ් සලේ අද පස්වරුවේම CID භාරයට ගන්නා බවය. ඒ අනුව ඔහු රෝහලෙන් පිටත් කර CID භාරයට රැගෙන ගොස් ඇත.
</p>
<p>
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයට අදාළව සැකකරුවකු ලෙස නම් කළ සලේ පෙබරවාරි 25 වැනිදා CID විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග යටතේ ඔහු රඳවා ප්‍රශ්න කරන ලදී. එම කාලය තුළ තමන්ට අමානුෂික වධහිංසා සිදුවන බව පවසමින් ඔහු ආහාර වර්ජනයක් ආරම්භ කළ අතර, සෞඛ්‍ය තත්ත්වය අවදානම් වීමෙන් පසු ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීය. පෙර වෛද්‍ය වාර්තාවල සඳහන් වූයේ ඔහුගේ හදවත විශාල වී ඇති බවත්, එය පාලනය කිරීම සඳහා උපකරණයක් සවි කර ඇති බවත්ය.
</p>
<p>
අගෝස්තු 25 වැනිදා ඔහුට එරෙහිව තෙවැනි දින 90ක රැඳවුම් නියෝගය නිකුත් කර තිබේ. රැඳවුම් නියෝගය යළි දීර්ඝ නොකර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර විමර්ශන ඉදිරියට ගෙන යන ලෙස ඔහුගේ බිරිඳ මනෝරි සලේ සහ මව ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කර තිබුණි.