කන්තලේ 15 හැවිරිදි දැරියකට ලිංගික අපරාධයක් සිදුකළ බවට සැකපිට තරුණයින් 05ක් අත්අඩංගුවට!
බාල වයස්කාර දැරියකට ලිංගික අපරාධයක් සිදු කර තිබේ. ඇය 15 හැවිරිදි දැරියකි. ඇයට ලිංගික අපරාධය සිදුකරනු ලබන්නේත් දරුවන්ය. ඔවුන් 16 හා 18 හැවිරිදිය. සැකකාර පිරිස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
LSN Sri Lanka ·

කන්තලේ ප්‍රදේශයේ පැවැති උත්සවයක් නැරඹීමට පැමිණි 15 හැවිරිදි දැරියකට ලිංගික අපරාධයක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වයස අවුරුදු 16ත් 18ත් අතර සැකකරුවන් පස්දෙනෙකු කන්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අසල රථගාලක නවතා තිබූ බස් රථයක් තුළ පිරිසක් සැකකටයුතු ලෙස රැඳී සිටිනු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පොලිසිය ඒ පිළිබඳ සොයා බැලීමේදී අදාළ දැරිය පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සමඟ එහි සිට ඇති බව පොලිසිය උපුටා දක්වමින් News 1st වාර්තා කරයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, බස් රථයට පැමිණීමට පෙර අසල කැලෑබද ප්‍රදේශයකදී දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයකු සහ තවත් අයකු විසින් ඇය දූෂණයට ලක්කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

දැරියගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තවත් තිදෙනෙකු ඇය සමඟ අසල නවතා තිබූ බස් රථය තුළට පැමිණ ඇති බවද හෙළි වී ඇතැයි පොලිසිය සඳහන් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස්දෙනා කන්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.