LSN News › Sri Lanka

පාස්කු මහ නඩුවේ . වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

වසර දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ දින 250කට අධික සංඛ්‍යාවක් පුරා විභාග වූ මෙම නඩුවේදී සාක්ෂිකරුවන් 547 දෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගත් අතර, ලේඛන හා නඩු භාණ්ඩ 2,000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කෙරිණි.

LSN Sri Lanka · 22 September 2026

පාස්කු මහ නඩුවේ . වරදකරුවන් වූ  විත්තිකරුවන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අතිශය දීර්ඝ ලෙස විභාග වූ ප්‍රධාන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, එහි වැරදිකරුවන් වූ විත්තිකරුවන් පහළොස්දෙනාට (15) කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඬුල්ල විසින් එක් අයෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර ඇත.

ඊට අමතරව, බරපතල වැඩ සහිත සිරදඬුවම්වලට අමතරව, වැරදිකරුවන් වූ එම පුද්ගලයින්ට අයත් සියලුම චල සහ නිශ්චල දේපළ රජයට රාජසන්තක කිරීමට ද අධිකරණය විසින් නියෝග කර තිබේ.

එහිදී කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නගා තිබූ චෝදනාවලට මෙම විත්තිකරුවන් 15 දෙනා වරදකරුවන් බවට විනිසුරු මඬුල්ල ඒකමතිකව තීන්දු කළේය.

ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ දැඩි අවධානයට ලක්වූ දීර්ඝතම ත්‍රස්තවාදී නඩු විභාගයකින් අනතුරුව නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් ගෙන් සමන්විත කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මෙම නඩුවේ තින්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

2019 අප්‍රේල් 21 වන දින සිදුවූ මෙම අමානුෂික ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නඩුව පවරා තිබිණි. වසර දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ දින 250කට අධික සංඛ්‍යාවක් පුරා විභාග වූ මෙම නඩුවේදී සාක්ෂිකරුවන් 547 දෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගත් අතර, ලේඛන හා නඩු භාණ්ඩ 2,000කට අධික ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කෙරිණි.

අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඬුල්ල සඳහන් කළේ, ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවෙකු ලෙස හඳුනා ගැනුණු නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. ඒ අනුව ඔවුන්ට මෙම සිරදඬුවම් නියම කෙරිණි.

එසේම, මෙම නඩුවේ චෝදනා ලැබ සිටි සසු සෙසු විත්තිකරුවන් නවදෙනාට (09) එරෙහිව නැගූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීම නිසා, ඔවුන් නිදහස් කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.ලංකා ඉතිහාසයේ අධිකරණ ක්ෂේත්‍රය තුළ වැඩිම චෝදනා සංඛ්‍යාවක් යටතේ විභාග වූ මෙම නඩුවේ තීන්දුව, ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූ සමස්ත ජනතාවගේම අවධානයට ලක්ව තිබූ ප්‍රධාන සංධිස්ථානයකි.

වසර 220ක් බැගින් සිර දඬුවම් ලැබු වරදකරුවන් කවුද?

මෙම නඩුවේ වරදකරුවන් බවට පත්වන පිරිස මෙසේය;

නවුෆර් මව්ලවි නොහොත් මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නවුෆර්,

මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බේ නොහොත් ගෆුර් මාමා,

හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන්,

මොහොමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා,

මොහොමඩ් ඉබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්,

මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්,

මොහොමඩ් මන්සූර් මොහොමඩ් සම්සුදීන්

අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිද්රවුස්,

මොහොමඩ් රමීස් මොහොමඩ් සජිත්,

අබ්දුල් ලතීෆ් මොහොමඩ් ෂාෆි,

හුසේනුල් රිස්වි කාලිද් සමීර්,

මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන්,

මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ්,

රෂීඩ් මොහොමඩ් ඉබ්‍රාහිම්,

මොහොමඩ් හනීෆා සයිනුල් ආබ්දීන්,

මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්,

රාසික් රසා හුසේන් කච්චි මොහොමදු මොහොමඩ් ජෙම්සිත්,