නකල්ස් ගල් ගුහාවෙන් සොයාගත් 15 හැවිරිදි ළාබාල මව සහ බිළිඳිය අද අධිකරණ වෛද්‍යවරයා වෙත - රෝහලේදී විශේෂ පරීක්ෂණ!
නකල්ස් කඳුකරයේ ගල් ගුහාවකින් සොයාගත් 15 හැවිරිදි ළාබාල මව සහ ඇයගේ බිළිඳිය මහනුවර ජාතික රෝහලේ විශේෂ වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව අද (16) අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතය.
LSN Sri Lanka ·
නකල්ස් කඳුකරයේ ගල් ගුහාවක් තුළ සිට සොයා ගත් 15 හැවිරිදි ළාබාල දැරිය සහ ඇයගේ බිළිඳිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු, ළාබාල මව සහ දියණිය විශේෂ වෛද්‍ය පරීක්ෂාවන්ට ලක්කරමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
</p>
<p>
ඔවුන්ගේ රුධිරයේ හිමෝග්ලොබින් ප්‍රතිශතය මෙන්ම, රුධිරයට යම් විෂබීජයන් ඇතුළත්ව තිබේද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා රුධිර සාම්පල ලබාගෙන ඒවා රසායනාගාර පරීක්ෂාවන් සඳහා යොමුකර ඇතැයි රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මෙම පරීක්ෂණයන් මගින් බිළිඳියට සහ මවට ඇතිවී තිබෙන පෝෂණ ඌණතාවන් හඳුනාගෙන ඒවාට අවශ්‍ය වෛද්‍ය පිළියම් යෙදීම පරීක්ෂණ වාර්තා නිකුත් කළ පසු තීරණය කරනු ඇති බව ද පැවසේ.
</p>
<p>
බිළිඳියට ලබා දිය යුතු බීසීජී (BCG) එන්නත ලබා දීම ද රෝහල තුළදීම සිදුකර ඇති බවත්, මේ වන විට ළාබාල මව සහ බිළිඳිය සුවෙන් පසුවන බවත් සඳහන් කරන එම ආරංචි මාර්ග, ඔවුන් දෙදෙනා අද (16) දිනය තුළ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමුකිරීමට නියමිත බවද සඳහන් කරයි.