සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රියයි: මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් 1500ක් දැඩි අර්බුදයක!
විශේෂයෙන්ම පියයුරු පිළිකා රෝගීන්ට සීටී සිමියුලේශන් පරික්ෂණ පෙට් යන්ත්‍රය හරහා සිදු කළ නොහැකි බැවින්, ඔවුන්ට විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් එම රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.
LSN Sri Lanka ·

මහරගම අපේක්ෂා රෝහලේ සීටී සිමියුලේටර් (CT Simulator) යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් 1500කට ආසන්න ප්‍රමාණයක් පොරොත්තු ලේඛනයේ රැදී සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
</p>
<p>
රෝහලේ ප්‍රතිකාර සඳහා භාවිතා කරමින් තිබූ පැරණි සීටී සිමියුලේටර් යන්ත්‍රය ඉවත් කර ඇත්තේ නව යන්ත්‍රයක් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් මස 29 වනදාය. කෙසේ වෙතත්, නව යන්ත්‍රය පසුගිය සැප්තැම්බර් මස 09 වෙනිදා ස්ථාපිත කළද එහි පවතින තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙතෙක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම LSN වෙත පැවසුවේය.
</p>
<p>
මේ වන විට ඊට තාවකාලික විසඳුමක් ලෙස පෙට් ස්කෑන් (PET Scanner) යන්ත්‍රයෙන් සීටී සිමියුලේශන් පරික්ෂණ සිදු කළද, එම යන්ත්‍රයට සිමියුලේටර් යන්ත්‍රයක මෙන් අදාළ පරීක්ෂණයට අවශ්‍ය අමතර උපාංග සවි කිරීමට නොහැකි වීම නිසා සියලුම රෝගීන්ට එම පරික්ෂණ සිදු කිරීමට හැකියාවක් නැත.
</p>
<p>
විශේෂයෙන්ම පියයුරු පිළිකා රෝගීන්ට සීටී සිමියුලේශන් පරික්ෂණ පෙට් යන්ත්‍රය හරහා සිදු කළ නොහැකි බැවින්, ඔවුන්ට විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. මේ හේතුවෙන් එම රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවද සංගමය පෙන්වා දෙයි.
</p>
<p>
මෙවැනි විකිරණ ප්‍රතිකාරයක් පෞද්ගලික රෝහලකින් සිදු කර ගැනීම සඳහා රෝගියෙකුට රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.