ඉන්ධන සමාගම් මුරණ්ඩු උනොත් නීතිය ක්‍රියාත්මක කරන්න රජය සූදානම්! ඇමති පාර්ලිමේන්තුවට කියයි...
ඉන්ධන සමාගම් සමග රජය බැඳී ඇති ගිවිසුම් ප්‍රකාරව ඉන්ධන තොග පවත්වා ගැනීම සඳහා බලපෑමක් කළ හැකි වුව ද ඉන්ධන නිශ්ඡිත ලෙස බෙදා හැරීමේ ක්‍රමවේදයට මැදිහත්වීමට රජයට කිසිම අවස්ථාවක් නොමැති බව ඇමතිවරයා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය
LSN Sri Lanka ·

ඉන්ධන සහනාධාරය වශයෙන් රුපියල් බිලියන 41ක මුදලක් අනුමත කර තිබුණ ද පුද්ගලික සමාගම් ලාභ මත මදනම්ව සිදුකරන අලෙවි ක්‍රියාවලිය හේතුවෙන් ස්ථාන 62ක ඇති වී තිබෙන ඉන්ධන ගැටලුව සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා එම සමාගම්වල මෙහෙයුම්කරුවන් සමග ජනාධිපති කාර්යාලයේ දී අද (07) විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්, එම අවස්ථාවේදීවත් මේ අර්බුදය විසඳා ගැනීම සඳහා සාධනීය විසඳුමක් නොලැබෙන්නේ නම් පවතින තත්ත්වය තුළ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත් බලශක්ති ඇමති අනුර කරුණාතිලක අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ පර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විසින් අද පාර්ලිමේන්තුවේ දී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඇමතිවරයා මෙහිදී පැහැදිලි කළේ මේ සමාගම් සමග රජය බැඳී ඇති ගිවිසුම් අනුව සමාගමකට බලපෑම් කිරීමට ඇති අවස්ථා ඉතාම අවම බවය. බැඳී ඇති ගිවිසුම් ප්‍රකාරව ඉන්ධන තොග පවත්වා ගැනීම සඳහා බලපෑමක් කළ හැකි වුව ද ඉන්ධන නිශ්ඡිත ලෙස බෙදා හැරීමේ ක්‍රමවේදයට මැදිහත්වීමට රජයට කිසිම අවස්ථාවක් නොමැති බව ඇමතිවරයා පාර්ලිමේන්තුවට පෙන්වා දුන්නේය.

ඇමති අනුර කරුණාතිලක මෙසේ පැවසුවේය.

“මේ පිළිබඳ අපි ඊයෙත් සාකච්ඡා කළා. ලෝක වෙළඳපොළේ වැඩි වෙච්ච මිලට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ මිල ඉහළ නංවන්න කටයුතු නොකරපු නිසා සමාගම් වලට ඇතිවෙන පාඩුව නිසා තමයි මේ ගැටලුව පැනනැඟිලා තියෙන්නේ. “

“ඒ සමාගම් ඉල්ලා සිටිනවා ලෝක වෙළඳපොළට සාපේක්ෂව දේශීය වෙළඳපොළෙත් මිල ඉහළ නංවන්න කියලා. නමුත් අපිට ඒක කරන්න බැරි නිසා ඉදිරි මාස තුන සඳහා රුපියල් 70ක සහනාධාරයක් ඩීසල් ලීටරයකට ලබාදීමට කටයුතු කරලා තියෙනවා.

හැබැයි ඒ තත්ත්වය මතත් තවදුරටත් සමාගම් පාඩු ලබන නිසා ඒ අය වෙළඳපොළට තෙල් නිකුත් කිරීමට යම් යම් සීමාකම් කරලා තියෙනවා.

ලංකාවට තෙල් ගෙන්නීම සීමා කරනවා නම් අපිට එතැනදී මැදිහත්වීම සඳහා අවකාශය තියෙනවා තියෙන ගිවිසුම් අනුව. ලංකාව තුළ තෙල් තොග කළමනාකරණයට. හැබැයි එක් එක් ඉන්ධන හල් වලට බෙදා හැරීම සම්බන්ධයෙන් තමයි අපිට මැදිහත් වෙන්න අවකාශයක් නැත්තේ. මේ අත්සන් කරපු ගිවිසුම් අනුව එහෙම අවකාශයක් නැහැ. 2022 තමයි මේකේ අවසාන ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. ගිවිසුම් හතරක් පිළිබඳ කතා කරන්න පුළුවන්.ඒ කිසිම ගිවිසුමක ඉන්ධන හල් සඳහා කිසියම් සමාගමක් තෙල් බෙදා හැරියේ නැති වුණොත්, ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් ගිවිසුම් වල කිසිම ආකාරයකින් සඳහනක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ සීමිත අවස්ථාවක්.“

අපිට මේ දැන් ඒගොල්ලෝ ඉල්ලන ප්‍රමාණයට මිල වැඩි කරන්නත් බැහැ, ඒ වගේම අපි එයාලට කියලා නැහැ 'මෙන්න මේ ප්‍රමාණයට මේ ගණනට තෙල් විකුණන්න' කියලා . ඔවුන්ට අපි අවම මිලක් පනවා නෑ. පවතින ගිවිසුම් අනුව ඒ සමාගම් වලට අවකාශය තියෙනවා මිල සූත්‍රයට අනුව තමන්ගේ මිලට විකුණන්න. නමුත් එයාලා එහෙම කරන්නේ නැහැ.

හැබැයි ඒකෙන් ඇතිවෙන අතිරේක වගකීම රජයට භාර ගන්න බැහැ. අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ මේක ඒ කට්ටියට කැමති මිලට, ඒගොල්ලන්ගේ මිල පිරිවැයට අනුරූපව මිලට විකුණන්න කියලා අවශ්‍ය වන අවස්ථාව ඒගොල්ලන්ට සලසලා දෙන එක පමණයි.

ඒ වගේම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැටියට වෙළඳපොළේ ඇතිවෙලා තියෙන මේ තත්ත්වයට පිළියමක් විදියට වෙනදට සාපේක්ෂව වැඩි වශයෙන් තෙල් තොග නිකුත් කරමින් වෙළඳපොළේ ඒ එන ගැටලුව යම් ප්‍රමාණයකට සමනය කිරීම අපි කරනවා. එය තමයි අපිට කරන්න පුළුවන්කම තියෙන්නේ.

දැන් සාමාන්‍යයෙන් මේ ගැටලුව ආරම්භ කරන අවස්ථාවේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 50%ක්, 55%ක් වගේ ප්‍රමාණයක් තමයි මාකට් ෂෙයාර් එක ගත්තේ. නමුත් මේ වෙනකොට ඒක 75%-80% දක්වා වැඩි කරලා තියෙනවා.

ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට අපි ඒ අදාළ සමාගම් වලට අපිට නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නොමැති වුණත්, වෙළඳපොළේ ගැටලුවක් පැනනොනඟින විදියට තෙල් නිකුත් කිරීම සඳහා කටයුතු කරන්න කියලා අපි දැනටමත් ඒ අයට දැනුම් දීලා තියෙනවා."

ඒකට, ඒකට අදත් සාකච්ඡාවක් අපේ තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔපරේටර්ස්ලා එක්ක. එතකොට ඒ අය යම් එකඟතාවයට එන්න අකමැති වුනොත්, මේ තත්ත්වය දිගටම මේ විදිහට දිගටම කරගෙන ගියොත්, අපේ තියෙන ගිවිසුම් වලට අනුකූලව සහ අමාත්‍යාංශයට තියෙන බලතල අනුව, ඛනිජ තෙල් ඇක්ට් එක අනුව තියෙන බලතල අනුව ගන්න ඕන පියවර මොනවාද යන්න ගැන අපි නීති උපදෙස් අරගෙන ඒ අනුව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා."