LSN News › Sri Lanka

ශිරන්ති අත්අඩංගුවට... අල්ලස් කොමිසමට රැගෙන එයි...

LSN Sri Lanka · 7 October 2026

ශිරන්ති අත්අඩංගුවට... අල්ලස් කොමිසමට රැගෙන එයි...

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන හිටපු ජනාධිපතිමිය ශිරන්ති රාජපක්ෂ, අල්ලස් කොමිෂන් සභාව වෙත රැගෙන විත් තිබේ.

</p>

<p>

අද (07) උදෑසන කිරුළපන, පූර්වාරාම පාරේ පිහිටි ඇගේ නිවසේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලදී.

</p>

<p>

අල්ලස් කොමිෂන් සභාව සඳහන් කළේ, නිලධාරීන් පැය දෙකකට ආසන්න කාලයක් ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

</p>

<p>

සිරියළිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමක සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ ගනුදෙනු පිළිබඳ විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.