අනෝජන් සිවරාසාට ඇත්තේ නියපොතුවලින් සිදුවූ සීරීම් තුවාල පමණයි... ඔහුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල වී නෑ... ඇමති පාර්ලිමේන්තුවට කියයි!
සවුදි අරාබි බන්ධනාගාර බලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් උපුටා දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සිදුවීමේදී කිසිදු තියුණු උපකරණයක්, පිහියක් හෝ වෙනත් ආයුධයක් භාවිත කර නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම සිවරාසාගේ ජීවිතයට දැනට කිසිදු හඳුනාගත් තර්ජනයක් නොමැති අතර, ඔහුගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා පූර්ණ පියවර ගෙන ඇති බව ඇමතිවරයා කීවේය.
LSN Sri Lanka ·

මරණීය දණ්ඩනය නියම වීමෙන් අනතුරුව සවුදි අරාබියේ දමාම් බන්ධනාගාරයේ දැනට රඳවා සිටින අනෝජන් සිවරාසාට බන්ධනාගාරය තුළදී කිසිදු සංවිධානාත්මක පහරදීමක් සිදුව නොමැති බවත්, ඔහු සමග එකම සිරමැදිරියේ සිටි වෙනත් සංක්‍රමණික රැඳවියෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමෙන් නියපොතු පාරවල් සහ සීරීම් තුවාල කිහිපයක් පමණක් සිදුව ඇති බවත් සෞදි රජයේ නිල දැනුම්දීම් පදනම්ව විදේශ කටයුතු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

සවුදි අරාබි බන්ධනාගාර බලධාරීන් සහ වෛද්‍ය නිලධාරීන් උපුටා දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සිදුවීමේදී කිසිදු තියුණු උපකරණයක්, පිහියක් හෝ වෙනත් ආයුධයක් භාවිත කර නොමැති බව ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම සිවරාසාගේ ජීවිතයට දැනට කිසිදු හඳුනාගත් තර්ජනයක් නොමැති අතර, ඔහුගේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා පූර්ණ පියවර ගෙන ඇති බව ඇමතිවරයා කීවේය. වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ ඔහු දැනට දමාම් හි වෙනත් සිරමැදිරියකට මාරු කර ඇති බවයි.

අනෝජන් සිවරාසාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය, නීතිමය ලේඛන සහ නීතිමය ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔහුගේ සමීපතම ඥාතීන් සෘජුවම දැනුවත් කර ඇති බවත්, ඉදිරි නීතිමය පියවරයන් පිළිබඳ තොරතුරු ද පවුලේ අයට ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

සවුදි අරාබි රාජධානියේ බලපැවැත්වෙන නීති රෙගුලාසි සහ අධිකරණ රාමුවට යටත්ව, දෙරට අතර පවතින දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා හා අන්‍යෝන්‍ය ගෞරවය සුරකිමින්, අනෝජන් සිවරාසාට සහනයක් අත්කර දීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අභියාචනා ක්‍රියාවලියේ අවසන් දිනය ඔක්තෝබර් 17 වනදා බව පෙන්වා දුන් අමාත්‍යවරයා, අදාළ නීති සමාගම සහ නීතිඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා අවසන් කර අද හෝ හෙට දින තුළ සවුදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනය (Appeal) භාරදීමට නියමිත බවත් සඳහන් කළේය.

එමෙන්ම සිද්ධියට අදාළ නඩුවේ තීන්දු සහ ලේඛන පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කරන බවත්, මෙම සංවේදී කරුණ දේශපාලනික හෝ පෞද්ගලික අරමුණුවලින් තොරව මානුෂීය කාරණයක් ලෙස සලකා කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා සභාවෙන් ඉල්ලා සිටියේය.