ශිරන්ති රිමාන්ඩ්... ප්‍රදීප්ට ඇප...
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ශිරන්ති රාජපක්ෂ ඉදිරිපත් කෙරිනි. එහිදී මහේස්ත්‍රාත්වරිය තීන්දු කළේ මෙම අවස්ථාවේදී සැකකාරියට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු දැක්වීමක් අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවය. එබැවින් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
LSN Sri Lanka ·

ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි.

ඒ ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (07) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

"සිරිලිය සවිය " සංවිධානය හරහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබාදීමට අවශ්‍ය බව පවසමින් මෙම මුදල ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති අතර, පසුව එය සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගනිමින් රජයේ මුදල් අවභාවිත කර ඇති බව ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

ඒ අනුව අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ශිරන්ති රාජපක්ෂ අත් අඩංගුවට ගනු ලැබුවේය.

අනතුරුව ඇයව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිනි. එහිදී මහේස්ත්‍රාත්වරිය තීන්දු කළේ මෙම අවස්ථාවේදී සැකකාරියට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු දැක්වීමක් අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවය. එබැවින් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එමෙන්ම, හෙට දිනයේදී ඇයව ඇගේ පෞද්ගලික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසටද අධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ශිරන්ති රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට ගනු ලැබුවේ අද පෙරවරුවේ විජේරාම පිහිටි මහින්ද රාජපක්ෂ ගේ නිවසේදීය. අනතුරුව ඇයව අල්ලස් කොමිසම වෙත රැගෙන එන ලද අතර, පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ සැමියා වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කළේය.

රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන්ද තහනම් කිරීමට පියවර ගත්තාය.