LSN News › Sri Lanka

භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර පරිපාලනයට අයිතියක් නෑ ... මහානායක හිමිවරු ලිඛිතව දන්වති!

භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම හුදෙක් රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූ කරුණක් නොවන බවත් එය ගරුතර මහා සංඝ රත්නයට අයත් වන ශාසනික කර්තව්‍යයක් බවත් මහානායක හිමිවරු අධිකරණ ඇමතිවරයාට පිටපතක් සහිතව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

LSN Sri Lanka · 7 October 2026

භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර පරිපාලනයට අයිතියක් නෑ ... මහානායක හිමිවරු ලිඛිතව දන්වති!

ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවිරයන් භික්ෂූත්වය ඡේදනය වන පාරාජිකා ආපත්තියකට පත්ව ඇති බවට හෝ චීවරයෙන් නෙරපිය යුතු බවට අදාළ සංඝ සභාව මඟින් කිසිදු තීරණයක් ගෙන නොමැති පසුබිමක බන්ධනාගාර පරිපාලනය මගින් එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සමස්ත සම්බුද්ධ ශාසනයේ පැවැත්ම අභියෝගයට ලක් කිරීමට හේතුවන කරණයක් බව ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

මෙමගින් බෞද්ධ සම්ප්‍රදායට බලවත් හානියක් සිදුවන බැවින් ගරු අධිකරණ තීන්දුවට හා බන්ධනාගාර නීති වලට බාධාවක් නොවන අයුරින් ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවීරයන් බන්ධනාගරය තුළ රැඳී සිටින කාල සීමාව තුළ භික්ෂුත්වයට අගතියක් නොවන අයුරින් කටයුතු කිරීමට අවකාශය සලසා දෙන ලෙසද අදාළ ලිපිය මගින් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඉල්ලා ඇත.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති, ශ්‍රී රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ අත්සනින් යුතුව යොමු කළ ලිපියේ මෙසේද සඳහන් වෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා අධිකරණමය ක්‍රියාදාමයන්ට කිසිදු පාර්ශ්වයකින් බාධා නොවිය යුතු බව අපගේ ස්ථාවරයයි. එහෙත් ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවිරයන් ගිහි වස්ත්‍ර අන්දවා ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ඊයේ දිනයේ දී බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය අපගේ විමතියට හා දැඩි කනස්සල්ලට හේතු වන බව අවධාරණය කරනු කැමැත්තෙමු.

භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදි භාවය අහෝසි කිරීම හුදෙක් රාජ්‍ය පරිපාලනමය හෝ බන්ධනාගාර රෙගුලාසියකට සීමා වූ කරුණක් නොවන අතර එය ගරුතර මහා සංඝ රත්නයට අයත් වන ශාසනික කර්තව්‍යයකි. වර්තමාන සන්දර්භය අනුව අදාළ භික්ෂුව අයත් වන නිකාය/ පාර්ශ්වයේ ගරුතර කාරක මහා සංඝ සභාව වෙත සංඝ සම්මතයෙන් එවැනි කරුණක් සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලාධිකාරය පැවරී ඇත.

එහෙයින් අධිකරණය මගින් වරදකරු කරන ලද යම් භික්ෂුවකගේ භික්ෂූත්වයට අදාළ කරුණු සම්බන්ධයෙන් එකී භික්ෂුව අයත් වන නිකාය පාර්ශ්වයේ නිර්දේශ හා නියමයන් පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සුදුසු බව අපගේ විශ්වාසයයි. බන්ධනාගාර නිත්‍ය නියෝග මාලාවේ 550 වන රෙගුලාසියේ දැක්වෙන අන්දමට, "උසාවියට ඉදිරිපත් කළ යුතු වරදකරු කරනු ලැබූ සිරකරුවන් බන්ධනාගාර ඇඳුමින්ම උසාවියට ඉදිරිපත් නොකළ යුතුය. ඒ වෙනුවට වරදකරුවන් කරනු ලැබීමට පෙර ඔවුන් ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට ගැලපෙන සිවිල් ඇඳුමක් ඇඳීමට ඔවුන්ට ඉඩ දිය යුතුය. ඒ අනුව භික්ෂුවක් සම්බන්ධයෙන් මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීමේදී

වරදකරු වීමට පෙර ඇඳි ඇඳුම වන්නේ චීවරය විනා ගිහි ඇඳුමක් නොවන බව අපගේ විශ්වාසයි.

තවද එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මාලාවේ 17 (3) වන රීතිය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන බව අපි විශ්වාස කරමු. එකී රීති ප්‍රකාරව යම් සිරකරුවෙකු බලයලත් අනුමත කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යනු ලබන සෑම අවස්ථාකවදීම,ඔහුට තමාගේම පෞද්ගලික ඇඳුම් හෝ සාමාන්‍ය ඇඳුමක් ඇදීමට අවසර දිය යුතුය.

එබැවින් ගරු අධිකරණ තීන්දුවට හා බන්ධනාගාර නීති වලට බාධාවක් නොවන අයුරින් ගලගොඩඅත්තේ ඥානසාර ස්ථවීරයන් බන්ධනාගරය තුළ රැඳී සිටින කාල සීමාව තුළ භික්ෂුත්වයට අගතියක් නොවන අයුරින් කටයුතු කිරීමට අවකාශය සලසා දෙන ලෙසත් ඉදිරි අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදීද අඛන්ඩව භික්ෂු භාවයෙන් ( චීවරධාරීව) පෙනී සිටීමට අවශ්‍යය පරිපාලනමය පහසුකම් සලසා දීම සුදුසු බව හිතාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරමු.

අදාළ ලිපියේ පිටපතක් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙතද යොමුකර තිබේ.