LSN News › Sri Lanka

“ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඒම වළක්වන්න“: ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික නියෝගයක්!

කච්චතිව් දූපතේ හිමිකම පිළිබඳ නීතිමය අභියෝගය ඉන්දීය අධිකරණය හමුවේ තවදුරටත් විවෘතව පැවතුණද, ශ්‍රී ලංකාව සමග අත්සන් කළ ගිවිසුම් නැවත විවෘත කිරීමට ඉන්දීය මධ්‍යම රජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කර තිබේ. ඉන්දීය රජයේ අවධානය යොමු වී ඇත්තේ ඉන්දීය ධීවරයන් විසින් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කිරීම සම්පූර්ණයෙන් වළක්වා ගැනීමය.

LSN Sri Lanka · 7 October 2026

“ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඒම වළක්වන්න“: ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  ඓතිහාසික නියෝගයක්!

ඉන්දීය ධීවරයන් ජාත්‍යන්තර සමුද්‍ර සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා භූමි ප්‍රදේශයට අයත් මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයට සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

විනිසුරු සංජේ කුමාර් සහ විනිසුරු සංජීව් සච්දේවාගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම කරුණු අවධාරණය කෙරුණේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට පවසමින් 2008 වසරේ සිට ඉදිරිපත්ව ඇති රිට් පෙත්සම් කිහිපයක් සලකා බැලූ අවස්ථාවේදීය. ඒ අතර ඒ.කේ. සෙල්වරාජ් විසින් ඉන්දීය සංගමයට එරෙහිව ගොනු කර තිබූ W.P.(C) 561/2008 නඩුව ද විය.

1974 වසරේ ඉන්දු-ශ්‍රී ලංකා සමුද්‍ර ගිවිසුම මගින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීම සහ 1976 ගිවිසුම මගින් ඉන්දීය ධීවරයන්ගේ අයිතිවාසිකම් සීමා කිරීම මෙම පෙත්සම් මගින් අභියෝගයට ලක් කර තිබිණි.

කෙසේ වෙතත්, අදාළ ගිවිසුම්වල වලංගුභාවය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ලබා දීමට අධිකරණය පියවර ගෙන නොමැති අතර, වැඩිදුර විභාගය 2027 වසරේ පෙබරවාරි මාසය දක්වා කල් තබන ලදී. මධ්‍යම රජය මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

සීමාවෙන් ඔබ්බට නොයන ලෙස ධීවරයන් දැනුවත් කරන්න

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා අත්අඩංගුවට පත්වීමේ සිදුවීම් අඛණ්ඩව සිදුවීම වැළැක්වීම සඳහා වහාම පියවර ගත යුතු බව විනිසුරු සංජේ කුමාර් මෙහිදී පෙන්වා දුන්නේය.

"ඔවුන්ට යම් කිසි සීමාවකින් ඔබ්බට නොයන ලෙස පැහැදිලිව දැනුවත් කරන්න," යැයි විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළ අතර, ධීවරයන් සිදුකරන ක්‍රියාවන්හි බරපතලකම සහ එහි ප්‍රතිවිපාක පිළිබඳව ඔවුන් තුළ නිසි අවබෝධයක් ඇති වන පරිදි පුළුල් ප්‍රචාරණයක් ලබා දිය යුතු බව ද සඳහන් කළේය.

මේ පිළිබඳව කරුණු දැක්වූ ඉන්දීය නීතිපති ආර්. වෙංකටරාමනි සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට නොයන ලෙස තමිල්නාඩු ධීවරයන්ට උපදෙස් දී තිබුණද ඔවුන් දිගින් දිගටම එම සීමාවන් උල්ලංඝනය කරන බවය.

ඉන්දීය මුහුදු සීමාව දැඩි ලෙස දූෂණය වී තිබීම සහ මත්ස්‍ය සම්පත සීඝ්‍රයෙන් ක්ෂය වීම හේතුවෙන් ධීවරයන් අත්අඩංගුවට පත්වීමේ අවදානමද උරගා බලමින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන බව නීතිපතිවරයා අධිකරණය හමුවේ පිළිගත්තේය. "අපි අපේ මුහුද දූෂණය කරගෙන තියෙනවා. ඒ නිසා මාළු අපේ පැත්තට එන්නේ නැහැ," යැයිද නීතිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය සහ පුරවැසි වගකීම ගැන විනිසුරු නිරීක්ෂණය කරයි

ඉන්දීය වෙරළට ආසන්න මුහුද අධික ලෙස මත්ස්‍යයන් ඇල්ලීමට ලක්වීම සහ පරිසර දූෂණයට ලක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ විනිසුරු සංජේ කුමාර්, තමා මෑතකදී ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයක මතකයන් ද අධිකරණය හමුවේ සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල හෝ පැරණි නගරවල පවා ජනතාව කුණු කසළ බැහැර නොකරන බවත්, පුරවැසියන් ඉතා වගකීම් සහගත ලෙස කටයුතු කරන ආකාරය දැක තමා පුදුමයට පත් වූ බවත් විනිසුරුවරයා සඳහන් කළේය. "මහා මාර්ගවල පවා කුණු නොදමන ජනතාවක් මුහුදට කුණු එකතු කරන්නේ නැහැ. මාළු ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇදී යන්නේ ඒ නිසා විය හැකියි," යැයි විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය. 'India Today' වාර්තාවකට අනුව මෙය විනිසුරුවරයා විසින් සිදුකරන ලද වාචික නිරීක්ෂණයකි.

කච්චතිව් ගිවිසුම නැවත විවෘත කිරීමට මධ්‍යම රජය අකමැතියි

1974 සහ 1976 ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග නැවත සාකච්ඡා ආරම්භ කරන්නේදැයි විනිසුරු මඩුල්ල නැගූ පැනයට පිළිතුරු දුන් නීතිපති ආර්. වෙංකටරාමනි කියා සිටියේ ඉන්දීය මධ්‍යම රජය එවැනි පියවරක් ගැනීමට කිසිසේත්ම අදහස් නොකරන බවය.

යම් අවස්ථාවක එම කරුණු මතු කර පසුව ඉන් ඉවත් වූ බවත්, ශ්‍රී ලංකාව සමග පවතින රාජ්‍යතාන්ත්‍රික හා මිත්‍රශීලී සබඳතාවලට හානි කර ගැනීමට ඉන්දියාවට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය. ධීවර ගැටලුව සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පැවැත්වුවද, ඉන්දියාවේ ස්ථාවරයන් පිළිගන්නා ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කළ නොහැකි බවද නීතිපතිවරයා පෙන්වා දුන්නේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ පී. විල්සන් තර්ක කළේ 1974 ගිවිසුම මගින් භූමියක් පැවරීම සිදුකර ඇති බැවින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු උපලේඛනය සංශෝධනය කළ යුතු බවය. එසේම ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයන් විසිදෙනෙකු පමණ නිදහස් කරගැනීම සඳහා තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජය විසින් මධ්‍යම රජය වෙත යොමුකර ඇති ලිපියක් පිළිබඳවද මෙහිදී කරුණු දක්වන ලදී.

මෙම නඩු විභාගයෙන් පැහැදිලි වන්නේ කච්චතිව් දූපතේ හිමිකම පිළිබඳ නීතිමය අභියෝගය ඉන්දීය අධිකරණය හමුවේ තවදුරටත් විවෘතව පැවතුණද, ශ්‍රී ලංකාව සමග අත්සන් කළ ගිවිසුම් නැවත විවෘත කිරීමට ඉන්දීය මධ්‍යම රජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවය.

ඒ අනුව අධිකරණයේ ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම වැළැක්වීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහිය.