LSN News › Sri Lanka

ශිරන්තිට වැලිකඩ දී විශේෂ ආරක්ෂාවක්...

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න පැවසුවේ එම බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක ඇය රැඳවීමට කටයුතු කර ඇති බවය.

LSN Sri Lanka · 8 October 2026

ශිරන්තිට වැලිකඩ දී  විශේෂ ආරක්ෂාවක්...

ශ්‍රී ලංකා ඉතිහාසයේ දූෂණ විමර්ශනයකින් අත්අඩංගුවට ගත් පළමු හිටපු ජනාධිපති බිරිය ලෙස ඉතිහාසගත වන ශිරන්ති රාජපක්ෂ වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් සහිතව සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

</p>

<p>

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලෙතැන්න පැවසුවේ එම බන්ධනාගාරයේ කාන්තා අංශයේ ආරක්ෂිත ස්ථානයක ඇය රැඳවීමට කටයුතු කර ඇති බවය.

</p>

<p>

අධිකරණ නියෝගයෙන් පසු ඇය ඊයේ පස්වරුවේ බන්ධනාගාර බස් රථයෙන් වැලිකඩ මැගසින් බන්ධනාගාරයට ගෙන යනු ලැබීය. බන්ධනාගාර අධිකාරිය පවසන්නේ අධිකරණය නියෝග කළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇයව යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් බවයි.

</p>

<p>

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න ඊයේ ඇයව ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළාය. එම නියෝගයේදීම, සැකකාරියව කොළඹ පෞද්ගලික රෝහලකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන යා යුතු බවට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙරිණි.

</p>

<p>

එම නඩුවේම අත්අඩංගුවට ගත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් (හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකගේ සැමියා) රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත මුදා හැර ඇත. ඔහුට විදේශ ගමන් තහනමක් ද පනවා ඇත.