LSN News › Sri Lanka

ඇමෙරිකාව මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට මානව හිමිකම් ඝෝෂා යට යන්නේ ඇයි?... ගෝලීය සාධාරණත්වයේ ද්විත්ව ප්‍රමිතිය ගැන කතාවක්.

විශ්වීය මානව හිමිකම් පද්ධතියක සැබෑ පරීක්ෂණය වන්නේ එය දුර්වලයන්ගෙන් ප්‍රශ්න කරන්නේ කෙසේද යන්න නොවේ. බලවතුන්ගෙන්ද එක හා සමාන ලෙස ප්‍රශ්න කිරීමට ඊට සැබෑ ශක්තියක් සහ ධෛර්යයක් තිබේද යන්න මතය.

LSN Sri Lanka · 8 October 2026

ඇමෙරිකාව මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට මානව හිමිකම් ඝෝෂා යට යන්නේ ඇයි?... ගෝලීය සාධාරණත්වයේ ද්විත්ව ප්‍රමිතිය ගැන කතාවක්.

එක්සත් ජනපදයේ වාර්තා වූ මරණ දඬුවම් නඩු දෙකක් මගින් වඩාත් පුළුල් හා බරපතල ප්‍රශ්නයක් මතුව තිබේ. එම ප්‍රශ්නය මතුව එන්නේ මානව හිමිකම් යනු විශ්වීය මූලධර්ම සමුදායක්ද, නැතහොත් බලවත් ජාතීන්ගේ බලයට අනුව වෙනස් වනසුළු විකෘතියක් ද යන්න ගැනය.

මරණ දඬුවමෙන් බේරුණු කාන්තාව

2026 සැප්තැම්බර් 30 වන දින ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තය විසින් 50 හැවිරිදි ක්‍රිස්ටා පයික් නමැති කාන්තාවට වස විෂ එන්නත් කර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී.

1995 වසරේදී කොලීන් ස්ලෙමර් නැමැති සෙසු සිසුවියක ඉතා කුරිරු ලෙස ඝාතනය කිරීමේ වරදට ඇයට මරණ දඬුවම නියම වී තිබිණි. ඇය කළ අපරාධය ඉතා බරපතල එකක් විය. එහෙත් 18 හැවිරිදි වියේ දී ඇය කළ අපරාධය සම්බන්ධව කම්පාවට පත් වෙමින් ඇය මරණ දණ්ඩනය වළක්වා ගැනීම සඳහා අභියාචනා කළාය. සියලුම ඉල්ලීම් ඉවත දැමිණි. මරණ දණ්ඩනය ස්ථිර කෙරෙනි.

අනතුරුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගිය අවස්ථාවේදී සිදු වූ සිදුවීම මගින් තවත් බියකරු ප්‍රශ්නයක් මතු විය.

සිරගෙදර බලධාරීන් විසින් පෙන්ටොබාබිටල් නමැති මාරාන්තික ඖෂධය මාත්‍රා දෙකක් ඇයට ලබා දුන්නේය. නමුත් පයික් මියගියේ නැත. ඇය තවදුරටත් හුස්ම ගනිමින් සිටි අතර, අවසානයේ දැඩි සත්කාර ඒකකයට ඇයව ඇතුළත් කිරීමට සිදුවිය.

දින කිහිපයකට පසු ඇයට සිහිය පැමිණියේය. ඇය බරපතල සෞඛ්‍ය සංකූලතාවලින් පෙළෙන බව ඇගේ නීතිඥයන් වාර්තා කළේය. දැන් ජීවිතයේ ඉතිරි කාලය ඇයට ගෙවන්නට සිදුවන්නේ බරපතල රෝගීතත්තවයකින් ඔත්පල වුන ජීවත්වන තුරා අතිශය බිහිසුණු පීඩාවකට පත්වන සදාකාලික රෝගී කාන්තාවක ලෙසය. ඇයට හිමිවී තිබුණේ මරණීය දණ්ඩනයට වැඩි බිහිසුණු දඬුවමකි.

මේ සිදුවීමෙන් පසු ටෙනසි ප්‍රාන්ත ආණ්ඩුකාර බිල් ලී විසින් 2026 වසරේ ඉතිරි කාලය සඳහා තවත් මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ස්වාධීන පරීක්ෂණයකට නියෝග කළේය.

රාජ්‍යයක් විසින් නීතිමය ක්‍රියා පටිපාටියක් හරහා මනුෂ්‍ය ජීවිතයක් අවසන් කිරීමට කළ උත්සාහය ජීවත් වෙමින් සිටින පුද්ගලයෙකුට අපායක් නිර්මාණය කර තිබිණි.

මෙය මූලික ප්‍රශ්නයක් මතු කරයි. රාජ්‍යයක් විසින් සිරකරුවෙකුට මරණ දඬුවම දීමට යෑමේදී මෙවැනි අතිශය දැඩි පීඩාවක් සහ වේදනාවක් ඇති කරන්නේ නම්, එම දඬුවම තවදුරටත් පවත්වා ගත යුත්තේ ඇයි?.

ලොව බලවත්ම රටේ වෙඩි තබා මරණ දඬුවම දීම

පයික්ගේ අසාර්ථක මරණ දඬුවම් උත්සාහයෙන් දින කිහිපයකට පසු වොෂින්ටනයෙන් තවත් ප්‍රධාන නිවේදනයක් නිකුත් විය.

හිටපු ඇමෙරිකානු හමුදා මේජර්වරයෙකු වන නිඩාල් හසන්ට වෙඩි තබා මරණ දඬුවම දීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබා දුන්නේය.

2009 නොවැම්බර් 5 වන දින ටෙක්සාස්හි ෆෝට් හුඩ් හිදී පුද්ගලයින් 13 දෙනෙකු ඝාතනය කිරීම සහ තවත් 32 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් හසන් වරදකරු විය.

ඔහුට 2013 දී මරණ දඬුවම නියම වූ අතර, ඔහුගේ මරණ දඬුවම 2026 දෙසැම්බර් 3 වන දින ෆෝට් හුඩ් හිදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙය ක්‍රියාත්මක කළහොත්, එය 1961 න් පසු ප්‍රථම ඇමෙරිකානු හමුදා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සහ 1945 න් පසු වෙඩි තබා මරණ දඬුවම දෙන පළමු හමුදා මරණ දඬුවම වනු ඇත. කෙසේ වෙතත් මෙයට එරෙහිව තවදුරටත් නීතිමය අභියෝග එල්ල විය හැකිය.

අහිංසක මිනිසුන් 13 දෙනෙකු ඝාතනය කිරීම බිහිසුණු අපරාධයක් බව සැබෑය. නමුත් වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සාධාරණය ඉටු කිරීමට නම් රාජ්‍යය විසින් අදාළ තැනැත්තා ඝාතනය කිරීම අත්‍යවශ්‍යද? එමෙන්ම මරණ දඬුවම එක්සත් ජනපදයේ නීත්‍යානුකූල දඬුවමක් ලෙස සලකන්නේ නම්, එම මූලධර්මයම අනෙකුත් රටවලට අදාළ විය යුත්තේ කෙසේද?

මානව හිමිකම් සහ ජාතීන්ගේ බලය

ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණත්වය සහ මානව හිමිකම් පිළිබඳව ලෝකයේ වඩාත්ම බලපෑම් කළ හැකි ප්‍රධානතම හඬක් වන්නේ එක්සත් ජනපදය ය.

එය වෙනත් රටවල මානව හිමිකම් වාර්තා නිරන්තරයෙන් ඇගයීමට ලක් කරන්නේය. බරපතල ලෙස හිමිකම් උල්ලංඝනය කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික බලපෑම්, ආර්ථික සීමාකිරීම් සහ සම්බාධක පැනවීමට පවා කටයුතු කරන්නේය. උදාහරණය 2026 ජූලි 23 වන දින ට්‍රම්ප් පරිපාලනය විසින් බලහත්කාර ශ්‍රමය මගින් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ වෙළඳාම වැළැක්වීමට අසමත් වූ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකාව ඇතුළු ආර්ථිකයන් 60 කට පනවන ලද අතිරේක තීරුබද්දය. එක්සත් ජනපදය මෙම තීරණය ඉදිරිපත් කරන්නේ කම්කරුවන් ආරක්ෂා කිරීම සහ මානව හිමිකම් සුරැකීම සඳහා ගත් පියවරක් ලෙසය. රැකියාවේ දී ශ්‍රම සූරාකෑමට ලක්වීම මානව හිමිකම් කඩවීමක් ලෙස ගණනය කිරීම කළ යුතුය. නමුත් ඒ ගණනය කිරීම් කර ආර්ථික සම්බාධක පනවන රාජ්‍යයේ ජනාධිපතිවරයා එම පැනවීම් කරන්නේ රාජ්‍ය තුළ පුද්ගලයන්ට මරණීය දණ්ඩනය පැනවීම සඳහා සිය අත්සන යොදන අතරය. එක්සත් ජනපදය තමන්ගේම නීති පද්ධතිය තුළ මරණ දඬුවම තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටියදී ය. .

බොහෝ යුරෝපීය රටවල් මරණ දඬුවම මනුෂ්‍ය ගෞරවයට පටහැණි දෙයක් ලෙස ප්‍රතික්ෂේප කරයි. යුරෝපා සංගමය එක්සත් ජනපදය ද ඇතුළුව ලොව පුරා මරණ දඬුවම පැනවීමට එරෙහිව පෙනී සිටින්නේය. 2019 දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සිවු දෙනෙක් සම්බන්ධව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහය යුරෝපා සංගමයේ බලවත් විරෝධයට ලක් විය. එය ජීඑස්පී ප්ලස් සහනයට බලපනා ආකාරය ගැන අනතුරු ඇඟවූයේය. යුරෝපා කොමිසමේ 2018–2019 ජීඑස්පී ප්ලස් නිරීක්ෂණ වාර්තාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීම ප්‍රධාන අධීක්ෂණ කරුණක් ලෙස සදහන් වූයේය. 2020–2022 වාර්තාවේත් එම ස්ථාවරය පවත්වාගෙන ගියේය. යුරෝපා සංගමය ඇමරිකාවේ මරණ දණ්ඩනයටත් විරුදධ බව සැබෑය. නමුත් ඇමරිකාව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැලැක්වීමට ඔවුන්ට කළ හැකි දෙයක් නැත. මානව හිමිකම් සම්බන්ධ ලෝක ප්‍රමිතිය ක්‍රියාත්මක වන්නේ රාජ්‍යයක දේශපාලන බලය සහ ආර්ථික ශක්තිය මතය.

අවසානයේ දි විමසිය යුතු වන්නේ රටක පවතින බලය අනුව හිමිකම් ක්‍රියාත්මක වන ආකාරය තීරණය වන්නේ නම්, මානව හිමිකම් මූලධර්මයක් විශ්වීය වන්නේ කෙසේද යන්නය.

කුඩා රටවල් මුහුණ දෙන ගැටලුව

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් දෙස බලන්න. ශ්‍රී ලංකාව නීතියෙන් මරණ දඬුවම තබාගෙන සිටියද, 1976 න් පසු කිසිදු මරණ දඬුවමක් ක්‍රියාත්මක කර නොමැත.

නැවත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගන්නා ඕනෑම යෝජනාවකට මානව හිමිකම් සංවිධානවලින් සහ ජාත්‍යන්තර පාර්ශ්වවලින් දැඩි විවේචන එල්ල වනු ඇත.

එවැනි විවේචන සාධාරණ විය හැකිය. මන්ද ජීවත් වීමේ අයිතිය වෙනත් ඕනෑම රටකට වඩා ශ්‍රී ලංකාවට අඩු වැදගත්කමකින් යුක්ත නොවන බැවිනි.

නමුත් එම ගුණාත්මක හා නීතිමය පරීක්ෂණයම එක්සත් ජනපදයටද අදාළ විය යුතුය.

සංවර්ධනය වෙමින් පවතින රටක අධිකරණ තීන්දුවක් මගින් සිරකරුවෙකු මරා දැමීම මනුෂ්‍ය ගෞරවය පිළිගත නොහැකි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස සලකන්නේ නම්, එම මරණ දඬුවම ඇමෙරිකාවේදී සිදු වූ විට පමණක් සාධාරණ වන්නේ කෙසේද?

ඇමෙරිකානු මරණ දඬුවම් සම්බන්ධයෙන් ලෝකය සම්පූර්ණයෙන්ම නිහඬව නැත. එක්සත් ජනපදය තුළ සිටින මානව හිමිකම් සංවිධාන, නීතිඥයින්, ආගමික නායකයින් සහ සිවිල් සමාජ කණ්ඩායම් මරණ දඬුවම දැඩි ලෙස විවේචනය කර ඇත. පයික්ගේ අසාර්ථක මරණ දඬුවම් උත්සාහයත් සමග මරණ දඬුවම අවසන් කරන ලෙස කෙරෙන ඉල්ලීම් නැවතත් අලුත් වී තිබේ.

මේ වනවිට ලෝකය ඉදිරියේ ඇත්තේ මරණ දඬුවම පිළිබඳ විවාදයක් පමණක් නොවේ. දැන් මෙය ජාත්‍යන්තර බලයේ ව්‍යුහය පිළිබඳ විවාදයකි.

විශ්වීය මානව හිමිකම් පද්ධතියක සැබෑ පරීක්ෂණය වන්නේ එය දුර්වලයන්ගෙන් ප්‍රශ්න කරන්නේ කෙසේද යන්න නොවේ. බලවතුන්ගෙන්ද එක හා සමාන ලෙස ප්‍රශ්න කිරීමට ඊට සැබෑ ශක්තියක් සහ ධෛර්යයක් තිබේද යන්න මතය.

ලෝකයේ මානව හිමිකම් පිළිබඳ කතිකාවේ ඇති බරපතළම පරස්පරය මේ වනවිට අප ඉදිරියේ පෙනේ. ඔවුහු මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිති. ස්වකීය රට තුළම මරණීය දණ්ඩන බලගන්වති. යුද්ධ ඇති කරති. මහා මානව හිමිකම් ව්‍යසන කරති. තම භූ දේශපාලනික හා ආර්ථික අරමුණු වෙනුවෙන් යුද්ධවලට උපදවා සම්බාධක පනවා එම ක්‍රියාමාර්ගවලින් සාමාන්‍ය ජනතාවගේ ජීවිත කුඩුපට්ටම් කරති. ශිෂ්ඨාචාර අපායට යවන බව පවසති. අනෙක් මොහොතේ ලෝක සාමයේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටිති.

යුද්ධයෙන් විනාශ වූ රටවල දරුවන්ගේ ජීවිත, අහිමි වූ නිවාස, බිඳවැටුණු සමාජ සහ මියගිය මිනිසුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වගකීම නිසි ලෙස විමසීමටත් පෙර එම ව්‍යසනය කළ බවට ලෝකයේ චෝදනාවට ලක්වන්නන් නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ අපේක්ෂා ද පළ කරති.

එවැනි ලෝකයක මානව හිමිකම් යනු සිහිනයකටත් දුරින් ඇති අල්පමාත්‍ර සංකල්පයකි.