LSN News › Sri Lanka

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී චන්දන සූරියආරච්චි අතුරුගිරිය අත්අඩංගුවට !

රථවාහන අනතුරකින් පදිකයෙකුට තුවාල සිදුකිරීමේ සැකය මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවත්, ඔහුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි.

LSN Sri Lanka · 8 October 2026

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී චන්දන සූරියආරච්චි අතුරුගිරිය  අත්අඩංගුවට !

පනාගොඩ, මැදමන්දිය ප්‍රදේශයේදී සිදුවූ මාර්ග අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

</p>

<p>

පොලිසිය සඳහන් කළේ 50 හැවිරිදි මන්ත්‍රීවරයා පදවාගෙන ගිය මෝටර් රථය, මාර්ගය හරහා මාරු වෙමින් සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

</p>

<p>

අනතුරින් තුවාල ලැබූ පදිකයා වැල්ලවාය, හුම්මන්දුව, නිවාල් කඳුර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

</p>

<p>

රථවාහන අනතුරකින් පදිකයෙකුට තුවාල සිදුකිරීමේ සැකය මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවත්, ඔහුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.