මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ!
2026 ඔක්තෝබර් 06 වැනි දිනැති අංක 2509/11 දරන මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබේ.
LSN Sri Lanka ·

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාලික ප්‍රතිපාදන) පනත යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) රැඳවුම් ස්ථානයක් ලෙස නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
</p>
<p>
2026 ඔක්තෝබර් 06 වැනි දිනැති අංක 2509/11 දරන මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබේ.
</p>
<p>
අදාළ ගැසට් නිවේදනයට අනුව, මෙම පනතේ විධිවිධානවල කාර්යයන් සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නිල වශයෙන් රැඳවුම් ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
</p>
<p>
එහි උපලේඛනයේ දක්වා ඇති පරිදි අදාළ ස්ථානය වන්නේ කොළඹ 05, 07 වැනි මහල, කම්කරු මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයයි.