LSN News › Sri Lanka

ඥානසාර හිමි සිවුර ගලවා ඉදිරිපත් කිරීමේ සිද්ධිය: ජනපති සහ නායක හිමිවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක්!

මෙම සාකච්ඡාව සඳහා මල්වතු, අස්ගිරි උභය මහා විහාර සහ රාමඤ්ඤ, අමරපුර යන ත්‍රෛනිකාය නියෝජනය කරමින් එම පාර්ශ්වයන්හි ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගි වන බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ.

LSN Sri Lanka · 8 October 2026

ඥානසාර හිමි සිවුර ගලවා ඉදිරිපත් කිරීමේ සිද්ධිය: ජනපති සහ නායක හිමිවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක්!

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කර ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියත් සමඟ බෞද්ධ සමාජය තුළ මතුව ඇති කැලඹිලි සහගත තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (08) පැවැත්වීමට නියමිතය.

</p>

<p>

මෙම විශේෂ සාකච්ඡාව අද (08) පස්වරු 1.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් මාධ්‍ය වෙත දැනුම් දී තිබේ.

</p>

<p>

ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සිදුවූ මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව ත්‍රෛනිකායික මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත මීට පෙර ලිපියක් යොමු කරමින් සිය අප්‍රසාදය හා අවධානය යොමු කර තිබුණි.

</p>

<p>

එම සිද්ධිය පදනම් කරගනිමින් සංවිධානය කර ඇති මෙම සාකච්ඡාව සඳහා මල්වතු, අස්ගිරි උභය මහා විහාර සහ රාමඤ්ඤ, අමරපුර යන ත්‍රෛනිකාය නියෝජනය කරමින් එම පාර්ශ්වයන්හි ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා පිරිසක් සහභාගි වන බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පැවසූහ.