LSN News › Sri Lanka

Sport · Sri Lanka Bureau

ඊළඟ පරම්පරාවට ඉඩ දෙමින් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙයි!

නායකත්වයෙන් ඉවත් වුවද, ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම නියෝජනය කිරීමට ධනංජය ද සිල්වා ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාදරයෙන් පිළිගෙන ඇති අතර, ඉදිරියටත් ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ සේවය සහ දායකත්වය බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත.

LSN Sri Lanka · 8 October 2026

ඊළඟ පරම්පරාවට ඉඩ දෙමින් ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙයි!

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට ධනංජය ද සිල්වා තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත ලිපියක් යොමු කරමින් ඔහු දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ඊළඟ පරම්පරාව වෙත භාර දිය යුතු බව සිය අවංක අදහස බවයි.

කෙසේ වෙතත්, නායකත්වයෙන් ඉල්ලා අස්වුවද, ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සඳහා පිතිකරුවෙකු සහ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් ලෙස ඉදිරියටත් තේරීම් සඳහා සූදානමින් සිටින බව ඔහු වැඩිදුරටත් තහවුරු කර ඇත.

මෙම නිල තීරණය 2026 ඔක්තෝබර් 08 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.

2024 ජනවාරි මාසයේදී දිමුත් කරුණාරත්නගෙන් පසුව ශ්‍රී ලංකාවේ 18 වන ටෙස්ට් නායකයා ලෙස ධනංජය ද සිල්වා පත්වූ පත්වූයේය.

ධනංජය ද සිල්වාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 18කට මුහුණ දුන්නේය. ශ්‍රී ලංකාව ඉන් තරග 7ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. තරග 8ක් පරාජයට පත් වූ අතර, තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඔහු නායකත්වය දැරූ කාල සීමාව තුළ පිතිකරුවෙකු ලෙස ලකුණු 1,130ක් රැස් කිරීමට සමත් වූ අතර, එහි පිතිකරණ සාමාන්‍යය 36.45කි. එමෙන්ම පන්දු යවන්නෙකු ලෙස ලකුණු 44.44ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් කඩුලු 9ක් දවා ගැනීමටද ඔහු සමත් විය.

ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම කැපී පෙනෙන තරගාවලි ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කළේය. ඒ අතර ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලංකාවේදී ලැබූ තරගාවලි ජය, බංග්ලාදේශයට එරෙහිව ලංකාවේ දී සහ විදේශයන්හිදී ලැබූ තරගාවලි ජයග්‍රහණ මෙන්ම නවසීලන්තයට එරෙහිව ලංකාවේ දී ලැබූ විශිෂ්ට තරගාවලි ජයග්‍රහණයද ප්‍රධාන වේ.

විශේෂයෙන්ම නායකත්වය භාරගැනීමෙන් පසු මුහුණ දුන් දෙවන ටෙස්ට් තරගයේදීම, බංග්ලාදේශයේ සිලට් හිදී ද්විත්ව ශතකයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 328ක දැවැන්ත ජයක් අත්කර දීමට ඔහු නායකත්වයේ ඉදිරිපෙළින් සිට ක්‍රියා කළේය. නායකයා ලෙස කටයුතු කළ කාලය තුළ ඔහු තවත් ශතක දෙකක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය

ධනංජය ද සිල්වාගේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, ටෙස්ට් කණ්ඩායමට ඔහු ලබා දුන් නායකත්වය සහ මෙහෙයවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.

"ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුගේ ඉතිරි වෘත්තීය ජීවිතයට සුභ පතන අතර, අපගේ ටෙස්ට් කණ්ඩායමට ලබා දුන් නායකත්වය වෙනුවෙන් ස්තූතිය පළ කරනවා," යැයි ඇෂ්ලි ද සිල්වා පැවසීය.

නායකත්වයෙන් ඉවත් වුවද, ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායම නියෝජනය කිරීමට ධනංජය ද සිල්වා ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාදරයෙන් පිළිගෙන ඇති අතර, ඉදිරියටත් ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ සේවය සහ දායකත්වය බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත.

35 වන වියෙහි පසුවන ධනංජය ද සිල්වා වෙනුවට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ඊළඟ නායකයා කවුරුන්ද යන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.