LSN News › Sri Lanka

පූජ්‍ය ඥානසාර හිමියන්ට බන්ධනාගාර ඇඳුම් ඇන්දවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි - එක්සත් ජාතික පක්ෂය කියයි!

සිරදඬුවමක් විඳින පුද්ගලයකු බන්ධනාගාරය තුළ අඳින ඇඳුම නියම කිරීම නෛතික කාරණාවක් බව 2018 දී යහ පාලන ආණ්ඩුවේ බන්ධනාගාර අමාත්‍ය ධූරය දැරූ අතුකෝරාලද පළිගෙන තිබිණි. එම වකවානුව තුළ ඥානාසාර හිමියන් බන්ධනාගාරගතව ගත කළ අවස්ථාවලදීත් පිටතට විවිධ කාරණා සඳහා රැගෙනන ගිය අවස්ථාවලදීත් මෙම ගිහි ඇඳුම අන්දවා තිබිනි.

LSN Sri Lanka · 8 October 2026

පූජ්‍ය ඥානසාර හිමියන්ට බන්ධනාගාර ඇඳුම් ඇන්දවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි - එක්සත් ජාතික පක්ෂය කියයි!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට උන්වහන්සේගේ සම්ප්‍රදායික කසාවත වෙනුවට බන්ධනාගාර ඇඳුම් ඇන්දවීමට ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය (UNP) සිය කණගාටුව සහ විරෝධය පළ කර තිබේ. මෙම පියවර මගින් බුද්ධාගම සහ ආගමික නිදහස සම්බන්ධයෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන උල්ලංඝනය වන බව එම පක්ෂය පෙන්වා දෙයි.

පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කළේ, මෙම තීරණය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන සහ 10 වන වගන්ති උල්ලංඝනය කරමින් බුදුදහමට මෙන්ම ආගමික නිදහසට ද අභියෝග කර ඇති බවයි.

විනය පිටකයට අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ ආගමික වස්ත්‍රය සම්බන්ධයෙන් වන තීරණ අදාළ බෞද්ධ නිකායේ මහා නායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාව සතු බලතලයක් බව උන්වහන්සේගේ වස්ත්‍රය වෙනස් කිරීමට පෙර තේරුම් ගත යුතුව තිබූ බවද අබේවර්ධන පෙන්වා දුන්නේය.

අධිකරණ නියෝගයක් මත පූජ්‍ය ඥානසාර හිමියන් නැවත බන්ධනාගාරගත කිරීමෙන් පසුව උන්වහන්සේට බන්ධනාගාර ඇඳුම් ඇන්දවීමට තීරණය කිරීමට ප්‍රථම අධිකරණ අමාත්‍යාංශය විසින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් උපදෙස් ලබාගත යුතුව තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩු සමයේදී ද පූජ්‍ය ඥානසාර හිමියන් බන්ධනාගාරගත වූ අවස්ථාවේදී, උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කළ ආකාරය අබේවර්ධන මෙහිදී මතක් කර දුන්නේය. එම ඉල්ලීමට ගරු කරමින් එදා පැවැති රජය විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදුන් බවද ඔහු සඳහන් කළේය.

රටේ උත්තරීතර සංඝරත්නයේ මැදිහත්වීම මත මීට පෙර තීරණයක් ගෙන තිබියදී, මෙම කරුණ සාමාන්‍ය නීතිමය කාරණයක් ලෙස පමණක් සැලකීම සුදුසු නොවන බව පවසමින් එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා වත්මන් තීරණය ප්‍රශ්න කර සිටියේය.

මෙම අවස්ථාවේදී නිසි නීතිමය ක්‍රියාපටිපාටිය අනුගමනය කර නොමැති බවට චෝදනා කළ ඔහු, මීට පෙර ලබාදුන් ජනාධිපති සමාව සම්බන්ධ තීරණය මේ වන විට වෙනස් ආකාරයකින් සැලකෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

එමෙන්ම, පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡා කර මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා වෙනත් විකල්ප ක්‍රමවේදයක් සෙවීමට රජයට හැකියාව තිබූ බවද අබේවර්ධන වැඩිදුරටත් පැවසීය.

මේ අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවට පැමිණි වහාම මෙම ආන්දෝලනාත්මක සිදුවීම සහ එහි ඇති නීතිමය බලපෑම් පිළිබඳව සවිස්තරාත්මක ප්‍රකාශයක් කිරීමට නියමිත බවද අබේවර්ධන සඳහන් කළේය.

කෙසේ වෙතත් සිරදඬුවමක් විඳින පුද්ගලයකු බන්ධනාගාරය තුළ අඳින ඇඳුම නියම කිරීම නෛතික කාරණාවක් බව 2018 දී යහ පාලන ආණ්ඩුවේ බන්ධනාගාර අමාත්‍ය ධූරය දැරූ අතුකෝරාලද පළිගෙන තිබිණි. එම වකවානුව තුළ ඥානාසාර හිමියන් බන්ධනාගාරගතව ගත කළ අවස්ථාවලදීත් පිටතට විවිධ කාරණා සඳහා රැගෙනන ගිය අවස්ථාවලදීත් මෙම ගිහි ඇඳුම අන්දවා තිබිනි.