LSN News › Sri Lanka

මිලියන ගණනක් වටිනා ජංගම අක්ෂි සැත්කම් රෝහල භාවිතයකින් තොරව ගුවන් හමුදා පරිශ්‍රයේ දිරාපත් වෙනවා.. – ප්‍රජා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමයෙන් චෝදනාවක්!

මෙම ජංගම අක්ෂි සැත්කම් රෝහල නැවතත් සක්‍රිය කර රෝගී සත්කාරක සේවාවන් සඳහා යොමු කරගත හැකිනම්, දුෂ්කර හා ඈත පිටිසර ගම්මානවල ඇසේ සුද හේතුවෙන් අන්ධභාවයට පත්වීමේ අවදානමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේම අක්ෂි සැත්කම් සිදුකර දීමට හැකියාව ලැබෙන බව ප්‍රජා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

LSN Sri Lanka · 8 October 2026

මිලියන ගණනක් වටිනා ජංගම අක්ෂි සැත්කම් රෝහල භාවිතයකින් තොරව ගුවන් හමුදා පරිශ්‍රයේ දිරාපත් වෙනවා.. – ප්‍රජා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමයෙන් චෝදනාවක්!

වළක්වා ගත හැකි අන්ධභාවය නැවැත්වීමේ අරමුණින් ‘විෂන් 2020’ වැඩසටහන යටතේ ආරම්භ කරන ලද, රුපියල් මිලියන ගණනක් වටිනා ජංගම අක්ෂි සැත්කම් රෝහල අද වන විට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගුවන් හමුදා පරිශ්‍රය තුළ ගාල් කර තබා ඇති බව රජා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි.

</p>

<p>

ප්‍රජා අක්ෂි වෛද්‍යවරුන් විසින් 2007 වසරේදී මෙම වැඩසටහන ආරම්භ කළද, ඇති වූ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් 2017 වසරේදී එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදීමට සිදු වූ බව ප්‍රජා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අසේල අබේදීර LSN කළ විමසීමක දී පැවසුවේය.

</p>

<p>

එම බාරදීමත් සමඟ, 2020 වසර එළඹීමටත් පෙර මෙම ජංගම අක්ෂි සැත්කම් සේවාව සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදු වූ බවත්, ඒ හේතුවෙන් වර්තමානය වන විට ඇසේ සුද මතුවීම නිසා අන්ධභාවයට පත්වන වැඩිහිටියන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

</p>

<p>

මෙම ජංගම අක්ෂි සැත්කම් රෝහල නැවතත් සක්‍රිය කර රෝගී සත්කාරක සේවාවන් සඳහා යොමු කරගත හැකිනම්, දුෂ්කර හා ඈත පිටිසර ගම්මානවල ඇසේ සුද හේතුවෙන් අන්ධභාවයට පත්වීමේ අවදානමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේම අක්ෂි සැත්කම් සිදුකර දීමට හැකියාව ලැබෙන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

</p>

<p>

ඉදිරි වසර 5 තුළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා වැඩිහිටියන් ලක්ෂ 15 ත් 20 ත් අතර ප්‍රමාණයක් යොමුවීමේ අවශ්‍යතාවක් පවතින බවත්, එම ප්‍රමාණය ආවරණය කිරීමට නම් වසරකට අවම වශයෙන් සැත්කම් ලක්ෂ 3 ක්වත් සිදුකළ යුතු බවත් අබේදීර සඳහන් කරයි. නමුත් දැනට රට තුළ සිදුකෙරෙන්නේ වසරකට සැත්කම් ලක්ෂයක පමණ ප්‍රමාණයක් පමණක් බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.