LSN News › Sri Lanka

නොබෙල් සාම ත්‍යාගය ඉල්ලා යළිත් හබ කරන ඩොනල්ඩ් ට්‍රම්ප් !

"මට හතර පස් වතාවක්ම ඒක ලැබෙන්න තිබුණා," ඔහු පසුගිය වසරේ පැවසීය. එම වගන්තියෙන් ඔහුගේ අවශ්‍යතාවය එළිදරව් කළේය. කෙසේ වෙතත් ඉතිහාසය පැහැදිලි කරන්නේ නොබෙල් කමිටුව මීට පෙරද මෙවැනි ප්‍රචාරණ ව්‍යාපාර ගණනකට ගෙන නැති බවය.

LSN Sri Lanka · 9 October 2026

නොබෙල් සාම ත්‍යාගය ඉල්ලා යළිත් හබ කරන  ඩොනල්ඩ් ට්‍රම්ප්  !

ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා (07) දින ධවල මන්දිරයේ සිට යළිත් වරක් නොබෙල් සාම ත්‍යාගය තමන්ට හිමි විය යුතු බව කියා සිටියේය. ඔහු පැවසුවේ තමන් තමා ගැනම වර්ණනා කර නොගන්නා බවත්, සිදුවූ සත්‍ය කරුණු පමණක් ප්‍රකාශ කරන බවත්ය. ඉන්පසු තමන් විසින් විසඳන ලදැයි කියන යුද්ධ අටක් එකින් එක ගණන් කළ ඔහු, නවවැන්නද ළඟදීම විසඳෙනු ඇති බවට ඉඟි කළේය.

මෙම ප්‍රකාශයේ වේලාව අහම්බයක් නොවේ. මෙවර සාම ත්‍යාගලාභියාගේ නම ප්‍රකාශයට පත් කිරීමට නෝර්වේජියානු නොබෙල් කමිටුව සූදානම් වන්නේ සිකුරාදා දිනයේදීය. ට්‍රම්ප් මෙම ඉල්ලීම මීට පෙරද වාර ගණනාවක් කර ඇත. එහෙත් මෙවර ඔහු එය කළේ තීරණය ගැනීමට දින දෙකකට පෙර, ප්‍රචාරක චාරිකා වටයකින් පසුවය. "වෙනත් කිසිවෙකු නොකළ දේවල් මා කර තිබෙනවා," ඔහු මාධ්‍යවේදීන්ට පැවසීය. "කිසිම ජනාධිපතිවරයෙක් යුද්ධ විසඳලා නැහැ. මම යුද්ධ අටක් විසඳුවා."

එම ප්‍රකාශය තුළ මුළු රංගනයම කැටි වී ඇත. සාමය මනිනු ලබන්නේ සංඛ්‍යාවලිනි. පෙනෙන උත්සාහය ගෞරවය ප්‍රසිද්ධියේ ලබා ගැනීමය. මෙම සම්මානය ලෝකය තමන්ට තවමත් ගෙවා නොමැති ණයගැතිභාවයක් ලෙස ට්‍රම්ප් විසින් සලකනු පෙනේ.

ඔහු ඉදිරිපත් කරන මෙම ලැයිස්තුව ප්‍රකට එකක් වන අතරම, දැඩි මතභේදයට ලක්වූවකි. ඉන්දියාව සහ පාකිස්ථානය, ඊශ්‍රායලය සහ හමාස්, ඊශ්‍රායලය සහ ඉරානය, කාම්බෝජය සහ තායිලන්තය, සර්බියාව සහ කොසෝවෝ, රුවන්ඩාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, අර්මේනියාව සහ අසර්බයිජානය මෙන්ම ඊජිප්තුව සහ ඉතියෝපියාව ද ඔහු උදාහරණ ලෙස පෙන්වා දෙයි.

මෙයින් සමහරක් සන්නද්ධ ගැටුම් විය. තවත් සමහරක් විවෘත යුද්ධයක් දක්වා වර්ධනය නොවූ උග්‍ර ආරවුල් පමණි. කිහිපයක් තවමත් විසඳී නැත. පාකිස්ථානය සමඟ පැවැති යුධ සූදානම වැලැක්වීමට මැදිහත් වූයේ වොෂින්ටනය හෝ ට්‍රම්ප් බවට වූ ට්‍රම්ප්ගේ හිමිකම්පෑම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ඊශ්‍රායලය, ඉරානය සහ එක්සත් ජනපදය සම්බන්ධ ගැටුම් තවමත් අවසන් වී නැත. ඉරානය සම්බන්ධ ගැටුම දැන් අටවැනි මාසයටත් පා තබා ඇත. ඔහු කැමරා හමුවේ ඉඟි කළ "ඊළඟ" ජයග්‍රහණය එය ය.

තමන්ම කොටස්කරුවෙකු වන යුද්ධයක් තවමත් ඇවිළෙමින් තිබියදී සාමය සඳහා වන සම්මානයක් ඉල්ලා සිටීම එක අතකින් විකාරරූපී චිත්‍රයකි. වඩාත් අමුතුම දෙය වන්නේ ඔහු ඒ සඳහා භාවිත කරන ක්‍රමය ය. තමන් තීරුබදු තර්ජන එල්ල කරමින් ඝාතන නතර කළ බව ට්‍රම්ප් කියයි. තමන්ට සම්මානය නොදීම කමිටුවේ "මහා අගෞරවයක්" වන බව ඔහු පවසයි.

පළමු ධුර කාලයේදීම 2009 දී නොබෙල් ත්‍යාගය ලැබූ බරැක් ඔබාමා වෙත ඔහු නැවත නැවතත් අවධානය යොමු කරමින් කියා සිටින්නේ ඔබාමාට සම්මානය ලැබුණේ මන්දැයි ඔහු පවා නොදන්නා බවය. පසුගිය වසරේ සම්මානලාභිනිය වූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ, පසුගිය ජනවාරියේදී ඇගේ පදක්කම ට්‍රම්ප් වෙත පිළිගැන්නුවාය. ඔහු එම සංකේතාත්මක ක්‍රියාව තමන්ට ලැබුණු වක්‍ර සම්මානයක් ලෙස සැලකුවේය.

මෙය පැරණි රාජ්‍යතාන්ත්‍රික භාෂාව නොවේ. පරිණත රාජ්‍ය නායකයෝ උපේක්ෂා සහගත වෙති. ඔවුහු නිහඬ වෙති. අන් අයට තමන්ගේ ගෞරවය නම් කිරීමට ඉඩ සලසති. නමුත් ට්‍රම්ප් තමන් තමා විසින්ම නොබෙල් සාම ත්‍යාගය උදෙසා නම් කර ගනී. තමන් ප්‍රතික්ෂේප කළහොත් සමස්ථ ක්‍රියාවලියම ගර්හාවට ලක් කරමින් තර්ජනය කරයි. සම්මානය සඳහාවන ආශාව සහ තර්ජනය කිරීමේ පුරුද්ද එකම හුස්මක ගැබ් වී තිබේ.

මේ මොහොතේ විකෘති ස්වරූපය එය ය. නොබෙල් සාම ත්‍යාගය යනු විනාශයේ අවදානම අඩු කරන කාර්යයන් වෙනුවෙන් වෙන් කරන ලද්දකි: ආරක්ෂා කරන ලද ගිවිසුම්, භාවිත නොකළ ආයුධ, එක්සත් වූ සතුරන් ඒ සඳහා උදාහරණ වේ. ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අභිමතය පරිදි ජාතීන් අතර සහෝදරත්වය සහ සාම සම්මේලන පැවැත්වීම ගැන කතා කෙරිණි. එහි සුදු ලෑල්ලක යුද්ධ ගණන් කරමින් ඔස්ලෝ හි කමිටුවකට අභියෝග කරන නායකයෙකු ගැන සඳහන් වූයේ නැත.

ලෝක දේශපාලනයේ සෑම විටම අහංකාරකම් සහ පම්පෝරි පැවැතිණි. අතීත රජවරු තම ජයග්‍රහණ ගල්වල කෙටූහ. නූතන නායකයෝ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූහ. ට්‍රම්ප් හරහා එළි දැක ඇති අලුත් කෑල්ල නම් බලය තවදුරටත් මේසය මත තබා ගනිමින් සාමය තමන්ගේ පෞද්ගලික ලකුණක් ලෙස විකුණන මිනිසෙකුට සාමයේ සංකේතය පිරිනමන ලෙස කරන ඉල්ලීමය.

ප්‍රතිවාදියෙකුගේ ආර්ථිකය මතු නොව, සමස්ථ ශිෂ්ඨාචාරයම විනාශ කරන බවට කරන තර්ජනය, පීඩනය මගින් තවත් යුද්ධයක් අවසන් කළ හැකි බවට කරන ඉඟිය, තවමත් අවසන් නොවූ යුද්ධය: මේවා නොබෙල් සාම ත්‍යාගය මගින් පැසසුමට ලක් කිරීමට තැනූ ආචාරධර්ම නොවේ. එහි සාර්ථක දේශපාලනයක් තිබිය හැකිය. නමුත් එතැන ශිෂ්ටසම්පන්න රාජ්‍යතාන්ත්‍රිකභාවය නැත.

මනෝවිද්‍යාත්මකව බලන කල, මෙම රටාව ඉතා පැහැදිලිය. සම්මානය යනු ත්‍යාගයක් පමණක් නොවේ. එය කැඩපතකි. ඔබාමාට එය ලැබිණි. ඔබාමාට එය ලැබීම ගැන ට්‍රම්ප් ඔහු උපහාසයට ලක් කරමින් සිටී. ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය අවශ්‍ය වන්නේ ද ඔබාමාට එය ඇති බැවිනි.

"මට හතර පස් වතාවක්ම ඒක ලැබෙන්න තිබුණා," ඔහු පසුගිය වසරේ පැවසීය. එම වගන්තියෙන් ඔහුගේ අවශ්‍යතාවය එළිදරව් කළේය. කෙසේ වෙතත් ඉතිහාසය පැහැදිලි කරන්නේ නොබෙල් කමිටුව මීට පෙරද මෙවැනි ප්‍රචාරණ ව්‍යාපාර ගණනකට ගෙන නැති බවය.

තමන් කියන්නේ සත්‍ය කරුණු පමණක් බව ට්‍රම්ප් පවසයි. ඊයේ පෙනෙන්ට තිබූ සත්‍යය වඩාත් සරලය. ඉරානය සමඟ යුද්ධයක සිටින ජනාධිපතිවරයෙක් ලෝකයේ උසස්ම සාම පදක්කම ඉල්ලා සිටියේය. ලෝකය සම්පූර්ණයෙන්ම පිළිනොගන්නා සම්මුතීන් අටක් ගණන් කළේය. කමිටුව එය මග හැරියහොත් එයම ලැජ්ජාවට පත්වන බව අඟවමින් ප්‍රකාශයක් සිදු කළේය.

පැරණි "රාජ්‍යතාන්ත්‍රිකයා" යන වචනය සාදන ලද්දේ මෙවැනි හැසිරීම් සඳහා නොවේ. මෙය තෘෂ්ණාවේ දේශපාලනයකි: පළමුව ගෞරවය, පසුව සාමය,.. ඊලඟට කුමක් විය හැකිද ?. ලෝකය වික්ෂිප්ත වන්නේ ඒ කරුණේදීය.