කළුතර–නාගොඩ පාරේ අවන්හල් හිමිකරුවෙක් වෙඩි තබා ඝාතනය කරයි!
මෙය කළුතර ප්‍රදේශයේ මෑත කාලීන වෙඩි තැබීම් මාලාවේ නවතම සිදුවීමය. මෙම ඝාතනය පසුපස සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ නාගොඩ ධනුක නැමැත්තා ඇතැයි මූලික සැකයක් විමර්ශන අංශ වෙත පැන නැගී ඇත.
LSN Sri Lanka ·

කළුතර–නාගොඩ පිහිටි අවන්හලක් අසල අද (09) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් එහි හිමිකරු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. එම ප්‍රහාරයෙන් ඔහුගේ බිරිඳ ද වෙඩි තුවාල ලබා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
</p>
<p>
මූලික විමර්ශනවලට අනුව, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් T-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇත.
</p>
<p>
මෙය කළුතර ප්‍රදේශයේ මෑත කාලීන වෙඩි තැබීම් මාලාවේ නවතම සිදුවීමය. මෙම ඝාතනය පසුපස සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ නාගොඩ ධනුක නැමැත්තා ඇතැයි මූලික සැකයක් විමර්ශන අංශ වෙත පැන නැගී ඇත.
</p>
<p>
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වෙඩි තැබීමේ සිදුවීම් 40කට අධික සංඛ්‍යාවක් සහ මරණ 23ක් වාර්තා වී ඇත.